කිසිදු ආසාදිතයෙකු පස්වරුවේ වාර්තා වී නැහැ | සිළුමිණ

කිසිදු ආසාදිතයෙකු පස්වරුවේ වාර්තා වී නැහැ

අද (25) දිනයේ පස්වරු 4.30 වනවිට කොරෝනා වෛරසය ආසාදිත කිසිදු රෝගියෙකු වාර්තා වී නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසන්නීය.

ඇය මේ බව තහවුරු කල බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

ඒ අනුව ඊයේ (24) වනවිට ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොරෝනා ආසාදිත බවට තහවුරු වූ රෝගීන් ගණන 102ක් බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි වැඩිදුරටත් පැවසු බව එම නිවේදනයේ සඳහන් විය.

Comments