
කොරෝනා ආසාදිත රෝගීන් 43 දෙනා මේ වනවිට විශේෂ වෛද්‍ය කණ්ඩායම්වල අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
එහි මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන සඳහන් කළේ, කිසිදු රෝගීයෙකු බරපතළ තත්ත්වයේ නොමැති බවයි.
කොරෝනා වෛරසය වැළදී ඇති බවට සැකපිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන පිරිස 220 කට අධික බව ද ඇය සඳහන් කළා ය.
මේ අතර මධ්‍යස්ථාන 16 ක නිරෝධායනයට ලක්වන විදේශවලින් පැමිණි පිරිස 2258 කි.
යුද හමුදාව සඳහන් කළේ, විදේශවලින් අද දිනයේ ද මෙරටට පැමිණෙන සියලු පුද්ගලයින් නිරෝධායනය සඳහා දින 14 ක් අදාළ මධ්‍යස්ථානවල රඳවා තබන බවයි.
මේ අතර නිරෝධායන ක්‍රියාවලියට මෙතෙක් හසු නොවූ පුද්ගලයින් 1500 – 2000 ත් අතර සංඛ්‍යාවක් මේ වනවිට හඳුනා ගෙන ඇති බව යුද හමුදාව පැවසීය.
ඔවුන්ගේ නිවෙස් හඳුනා ගනිමින් පවතින අතර ඒවා අන් අයට හඳුනා ගැනීම සඳහා පොලිස් නිලධාරීන් විසින් විශේෂිත දැන්වීමක් ඇලවීමට පියවර ගන්නා බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ ය.