ගමට නමක් | සිළුමිණ

ගමට නමක්

"මුවෙක් ඇඬු­වයි සබ­ර­ගමුවේ"

මේ පාදය ජන කවි­ය­කින් උපුටා ගත්තකි. ඒ ජන කවි­යෙහි තවත් ගම් තුනක් ගැන සඳ­හන් වේ: එනම් 'දුනු­ග­මුව' 'කිත­ල­ග­මුව' හා 'මීග­මුව' යි.

"දුන්න දුනු­ගමු වේ

ඊතල කිත­ල­ගමු වේ

රාල මීගමු වේ

මුවෙක් ඇඬු­වයි සබ­ර­ග­මුවේ"

ජන කවියා මේ කවිය කීවේ යමක් සපුරා ඉෂ්ට සිද්ධ වීමට නම් ඊට අදාළ සියල්ල එක ම තැනක තිබිය යුතු ය යන 'සමා­යෝ­ජන' සිද්ධා­න්තය පැහැ­දිලි කිරීම පිණිස ය. මෙහි මුවා අඬන්නේ 'සබ­ර­ග­මු­වෙහි' ය. එහෙත් ඌ හෙළා ගැනී­මට නම් කවු­රුන් හෝ ඌට විද්ද යුතු ය. එහෙත් රාල ඉන්නේ සබ­ර­ග­මු­වෙහි නොව මීග­මු­වෙහි ය! ඊට අවශ්‍ය දුන්න ඇත්තේ 'දුනු­ග­මු­වෙහි' ය! ඊතල ඇත්තේ 'කිත­ල­ග­මු­වෙහි' ය! ඉතින් කෙසේ නම් එය සැබෑ වේ ද?

මෙහි සඳ­හන් වන ස්ථාන අතු­රින් එකක් 'ගමක්' නොව 'පළා­තක්' ය. එනම් 'සබ­ර­ග­මුව' නමැති පළාත ය. 'ගම්' නමැති ඒකක පිහිටා ඇත්තේ ඊට වඩා විශාල පරි­පා­ලන ඒකක ඇතු­ළත ය. එබැ­වින් ගම් ගැන සොයා බලන විට මේ පරි­පා­ලන ඒකක ගැන ද මුලින් ම සොයා බැලිය යුතු වේ.

වර්ත­මාන ලංකාව මූලික වශ­යෙන් පරි­පා­ලන ඒකක ගණ­නා­ව­කට වෙන් කොට ඇත. ඉන් සම­හ­රක් මෙසේ ය:

1 පළාත

2 දිස්ත්‍රි­ක්කය

3 කෝර­ළය

4 පත්තුව

5 වසම / තුලාන

6 ගම

වර්ත­මාන ලංකාව පළාත් (provinces) නව­ය­කින් යුක්ත ය. ඉන් හතක් නම් කොට ඇත්තේ දිශා අනුව ය. ‍දෙකක් සඳහා විශේෂ නාම ඇත. දිශා අනුව හැඳි­න්වෙන පළාත්:

1 උතුරු පළාත

2 උතුරු මැද පළාත

3 දකුණු පළාත

4 නැගෙ­න­හිර පළාත

5 බස්නා­හිර පළාත

6 මධ්‍යම පළාත

7 වයඹ පළාත

විශේෂ නාම­ව­ලින් හැඳි­න්වෙන පළාත්:

8 ඌව පළාත

9 සබ­ර­ග­මුව පළාත

'සබ­ර­ග­මුව' ලංකාවේ පළාත් නව­යෙන් ළා බාල ම පළාත ද වේ. එය උපන්නේ 1889 වැන්නෙහි ජන­වාරි පළ­මු­වෙනි දා ය. ඊට දශක හය­කට පමණ උඩ දී ලංකාව බෙදී තිබුණේ පළාත් පහ­කට පම­ණකි:

1 උතුර පළාත

2 දකුණු පළාත

3 නැගෙ­න­හිර පළාත

4 බස්නා­හිර පළාත

5 මධ්‍යම පළාත

'ඌව' යන පදය 'හූව' යන පද­යට නෑකම් කිය­න්නකි. 'හූව' යනු 'හූ' යනු­වෙන් නැඟෙන හඬ යි. "හූ කිය­නවා" යනු එසේ හඬ නැංවීම යි. අවු­රුද්දේ එක්තරා කාල­යක දී එවැනි හඬක් මේ පළා­තෙහි නැඟී පැතිර යන නිසා මේ පළා­තට 'හූව' යන නම වැටි­නැයි මත­යකි.

'සබ­ර­ග­මුව' යන පදයේ සුල මුල ගැන මත කීප­යක් ම ඇත. මේ නම සැදී ඇත්තේ පද දෙකක් සමාස වීමෙනි. පළ­මු­වෙනි පදය 'සපර' 'සබර' හෝ 'හබර' ය. දෙවෙනි පදය 'ගමුව' හෝ 'ගොමුව' ය.

'සබර' යන පදයේ අර්ථ පහක් පමණ ඇත.

පළ­මු­වැන්න, වන­ගත ජනයා හෙවත් වැදි ජනයා යන අර්ථය යි. 'සබ­ර­කඩ' හෝ 'හබ­ර­කඩ' යනු වැද්දන් විසූ පෙදෙ­ස­කැසි සැලකේ.

දෙවැන්න, එක්තරා මත්ස්‍ය­යන් විශේ­ෂ­යක් හඳු­න්වයි. 'පෙටි' යනු­වෙන් හැඳි­න්වෙන්නේ ද මේ මසුන් ම බව 'රුව­න්මල් නිඝ­ණ්ඩුව' කියයි. (148)

තුන්වැන්න, එක්තරා ගස් වර්ග­යක් හඳු­න්වයි. 'හබ­රල' යනු­වෙන් හැදි­න්වෙන්නේ ද මේ ගස් වර්ගය ම බව 'රුව­න්මල් නිඝ­ණ්ඩුව' කියයි. (640)

හත­ර­වැන්න, 'සමූ­හය' යන අර්ථය යි. ඒ බව 'රුව­න්මල් නිඝ­ණ්ඩුව' සනාථ කරයි. (254 පද්‍යය)

පස්වැන්න, ඉංගි­රි­සි­යෙන් 'sapphire' (සැෆය) යන නමින් හැඳි­න්වෙන මැණික් වර්ගය යි. මේ ඉංගි­රිසි පද­යට නෑකම් කියන පද සමූ­හ­යක් ග්‍රීක්, ලතින්, හීබෲ, ප්‍රංශ හා පර්සි­යානු ආදී භාෂා­වල ද එයි:

ලතින් : sapphirus

හීබෲ : sapar

ප්‍රංස : saphir

පර්සි­යානු : saffir

'සබ­ර­ගො­මුව' යන පදය සුඛෝ­ච්චා­ර­ණය පිණිස 'සබ­ර­ග­මුව' යනු­වෙන් සකස් වූ බව පෙනේ.

ගමට නමක් (16)

සිරි ලක්දිව විහිදේ දස අතේයා

දිස්ති­රික්ක පස් විස්සක් ඇතේයා

වර්ත­මාන ලංකාවේ පළාත් නවය 'දිස්ත්‍රික්ක' 25 කට වෙන් කොට ඇත. 'දිස්ත්‍රික්ක' යන පදය ආවේ ඉංගි­රිසි පාලන සම­යෙහි දී 'district ' යන පදය ඇසු­රිනි. ලංකාවේ දිස්ත්‍රික්ක 25 කි:

1 උතුරු පළාත :යාපනේ දිස්ත්‍රි­ක්කය

කිලි­නොච්චි දිස්ත්‍රි­ක්කය

මුල්ල­තිවු දිස්ත්‍රි­ක්කය

වවු­නියා දිස්ත්‍රි­ක්කය

මන්නා­රම් දිස්ත්‍රි­ක්කය

2 උතුරු මැද පළාත :අනු­රා­ධ­පුර දිස්ත්‍රි­ක්කය

පොලො­න්න­රුව දිස්ත්‍රි­ක්කය

3 දකුණු පළාත :ගාලු දිස්ත්‍රි­ක්කය

මාතර දිස්ත්‍රි­ක්කය

හම්බ­න්තොට දිස්ත්‍රි­ක්කය

4 නැගෙ­න­හිර පළාත : තිරි­කු­ණා­මල දිස්ත්‍රි­ක්කය

මඩ­ක­ලපු දිස්ත්‍රි­ක්කය

අම්පාර දිස්ත්‍රි­ක්කය

5 බස්නා­හිර පළාත කොළඹ දිස්ත්‍රි­ක්කය

ගම්පහ දිස්ත්‍රි­ක්කය

කළු­තර දිස්ත්‍රි­ක්කය

6 මධ්‍යම පළාත : මහ­නු­වර දිස්ත්‍රි­ක්කය

නුවර එළිය දිස්ත්‍රි­ක්කය

මාතලේ දිස්ත්‍රි­ක්කය

7 වයඹ පළාත : කුරු­ණෑ­ගල දිස්ත්‍රි­ක්කය

පුත්ත­ලම් දිස්ත්‍රි­ක්කය

8 ඌව පළාත : බදුල්ල දිස්ත්‍රි­ක්කය

මොන­රා­ගල දිස­ත්‍රි­ක්කය

9 සබ­ර­ග­මුව පළාත: රත්න­පුර දිස්ත්‍ර­ක්කය

කෑගලු දිස්ත්‍රි­ක්කය

 

Comments