
රතු, කහ, රෝස නෙක පැහැය ගෙන
මුළු ලොව පුරා පැතිරෙන හැටි බලනු මැන
දුටු දුටු දෙනාගේ නෙත සිත තුටු කරන
නුඹමය මල් ලොවේ අග රැජන
මල් කුමරියන් අතරේ අග තැන් දරන
දකිනා සැමගෙ නෙත සිත තුටු කරන
නෙක නෙක පැහැය ගෙන මුළු ලොව සරසන
ලස්සන රෝස මල නුඹමය අග රැජන
කටු ඇති නමුදු නටුවේ විස සහිත දෙන
හැඩයට පැහැයට ඇස් ඇදිලා යයි රුවට වෙද
බිඟු කැල අවුත් රොන් ගන්නා විට සොඳට
හරි ලස්සනයි මිදුලේ පිපි රෝස මල
දෙනෙති නිමායා සමරනායක
7 ශ්‍රේණිය,
මිරිජ්ජවිල මහා විද්‍යාලය, හම්බන්තොට