
අම්මයි - තාත්තයි
දසමස් කුසදරා මා බිහි කළ අම්මේ
ලේ කිරිකර පොවා මා දැඩි කළ අම්මේ
මා දුටු දෙවියන් ඔබමය අම්මේ
බුදුන් දැක නිවන් දකිනු මැන අම්මේ
යහමග යවන්නට ඔවදන් දෙමින්නේ
දහඩිය හෙළා කුස පිරු පියාණනේ
පුංචි මගේ ලෝකයෙ වීරයාණනේ
බුදුන් දැක නිවන් දකිනු මැන පියාණනේ
ඩිෂ්මිත මතිෂ
7 ශ්‍රේණිය,
ශාස්ත්රවේන්ද්ර පිරිවෙන,
පොල්ගොල්ල
--------------
වැසි දවසක්
පාසල අවසන්වීමට සීනුව නාද විය. මම පොත් බෑගය රැගෙන එළියට පැමිණියෙමි. මට දකින්නට ලැබුණේ කළු පැහැති වලාකුළින් පිරි අහසයි.
ගස්වල අතු සොලවමින් සුළං හමන්නට විය. ගස්වල කොළ සුළඟට හැලිණි. වැහි වතුර පාරදිගේ කානු දිගේ ගලා යයි. කුඩය ඉහළාගෙන සිටිය ද වැහිපොද මගේ ඇඟට වැටෙයි.
මට වතුර පාරේ බෝට්ටු යවන්නට සිතෙයි. ඒත් මා සිටින්නේ පාර අයිනේය. මා රැගෙන යන්නට අම්මා එනවා දුටු විට මට සතුටක් දැනිණි.
නදින්යා දිනාදි වීරවර්ධන
4 ශ්‍රේණිය,
ගයිඩන්ස් ජාත්‍යන්තර විද්‍යාලය,
කැස්බෑව
-------------
අපගේ ගෙවත්ත අපිම වවමු
පුංචි ඉඩ කඩක් වෙන්කර ගන්නේ
ඒ වට කර පොඩි වැටක් තනන්නේ
පොඩි පැළ පේලියකට සිටවන්නේ
ඒ පැළ තෙමෙන්න වතුර දමන්නේ
අයියා වල් පැළ මට්ටු කරන්නේ
අක්කා ගානට පොහොර යොදන්නේ
මල්ලී නංගී වතුර දමන්නේ
පොඩි පොඩි පැළ හනිකට ලොකු වෙන්නේ
තාත්තා නිතරම උදව් කරන්නේ
අම්මා ඇවිදින් උපදෙස් දෙන්නේ
පවුලේ සියල්ලෝ එකමුතු වෙන්නේ
මුදලුත් කාලෙත් ඉතිරිය වන්නේ
වස විස තොර ආහරයි බුදින්නේ
එනිසා නිරෝගි සුවයෙන් ඉන්නේ
පවුලේ සාමය නිබඳ රැකෙන්නේ
ගහවැල ඇසුරේ දවස ගෙවෙන්නේ
දුලාන් හසන්ත හෙට්ටිආරච්චි
13 ශ්‍රේණිය,
ආනන්ද විද්‍යාලය,
කොළඹ 10
--------------
දේදුන්න
සුවඳ සුවඳ මල් පිපිලා
හිමිදිරියේ මිදුල පුරා
පුංචි පුංචි සමනලයන්
රෑන් පිටින් පියඹනවා
ඈත අහසේ වලාකුළේ
දේදුන්නක් පායලා
පුංචි පුංචි ළමයින් දැක
හරි සතුටින් හිනාවෙයි
තිනුලි නිසල්මා
වීරක්කොඩි
5 වන ශ්‍රේණිය ‘ඩී’,
කීණදෙණිය ප්‍රා.වි.
අඹේපුස්ස
-----------
මඟ දී දුටු බලු පැටියා
මම එදින පාන්දර අවදි වී වෙනදාටත් වඩා කළින් පාසලට යාම සඳහා පිටත් වුණෙමි. බදාදා දිනයක් වීම නිසාත්, පන්තිය පිරිසිදු කිරීමේ කටයුතු සඳහා එදිනට සහභාගී විය යුතු නිසාත් මම ගමන ඉක්මන් කළෙමි.
පාසලට යාමට බසයෙන් ගොස් අතරමඟ බැස එතැන් සිට ටික දුරක් යා යුත්තේ පයිනි. හදිසියේම පරිසරය අඳුරු වනු බසයේ දී දක්නට ලැබුණු නිසා බෑගයේ තිබූ කුඩයත් රැගෙන මම බසෙයන් බැස්සෙමි. පාසලට ආසන්නයේ තිබූ අඹ ගස අසළින් මට අසන්න ලැබුණේ බුහ්... බුහ්... බුහ්... යන හඬකි. මම ඒ දෙස බැලීමි. එවිට මට දැක ගත හැකි වූයේ ලස්සන පුංචි බලු පැටියෙකි. බලු පැටියා මගේ මුහුණ දෙස බලා සිටියේය. මම ඌ හා කතා කළෙමි.
යාළුවේ ඔයා කොහොමද මෙතනට ආවේ?
බලු පැටියා - මම හිටපු ගෙදර නැන්දලා මාමලා මාව මෙතනට ගෙනත් දැම්මා. මං එයාලව ආරක්ෂා කළා. ඒත් එයාලා හරිම නපුරුයි. ඒ වුණාට එදා ඉඳන් මං ඉන්නේ මෙතන තමයි. මට හරිම දුකයි. බුහ්.. බුහ්.. බුහ්...
ආ යාළුවේ, ඔයාට මම පාන් කෑල්ලක් දෙන්නම්. ඔයා ඒක කන්න. වැස්සට තෙමෙන්න එපා. පාසලේ සීනුව නාද වූ නිසා මං යනවා. ඔයා ගැන මටත් හරිම දුකයි.
මාව ඔයාගේ ගෙරද අරන් යන්න පුළුවන්ද? බුහ්... බුහ්... බුහ්... පුංචි බලු පැටියා මගෙන් ඇසුවේය.
හා හා, හරි යාළු... අපි හවසට ගෙදර යමු. මම බලු පැටියාගේ හිස අත ගා පන්තියට ගියෙමි.
සශ්මික ප්‍රභාෂ්වර
6 ශ්‍රේණිය ‘ඊ’,
නාලන්දා විද්‍යාලය,
කොළඹ 10
-----------
අප පරිසරය වර්තමානය
වන විට අපේ ලොව විනාශයේ මූලයට ම හසුවී අවසන්ය. මෙම පරිසර විනායට මූලික හේතුව වී ඇත්තේ පොලිතීන් ඉලෙක්ට්‍රෝනික අපද්‍රව්‍ය, කෘත්‍රිම අපද්‍රව්‍ය හා ප්ලාස්ටික් ය. මෙම අපද්‍රව්‍ය අපහට නැති කිරීමට හැකියාවක් නැතැයි කියාය මගේ මතය. ඒවා නැති කිරීමට නොහැකි වුවත් අවම කළ හැක. මේ සඳහා පොලිතින් හා ප්ලාස්ටික් යන මිතුරු ලෙසින් එන සතුරා ප්‍රතිචක්‍රීකරණය කළ හැකිය. මේ ද්‍රව්‍ය පරිසරයට මුදා හැරීමෙන් මිනිසාගේ සෞඛ්‍යයට තර්ජනයක් එල්ලවෙන අතර අනෙකුත් ජීවීන්ගේ පැවැත්මට ඍජුව බලපෑම් ඇතවිය හැක. කුඩා ළමයෙකු ලෙස මා ප්‍රාර්ථනා කරනුයේ අපි අවිධිමත් ලෙස අපද්‍රව්‍ය බැහැර කිරීම නතර කරමු කියාය. එවිට පැහැදිලි අනාගතයක් උදා වෙනවා නොඅනුමානය.
එම්.ජී. පිනිදු සාරංග
8 ශ්‍රේණිය,
රාජකීය මධ්‍ය මහා විද්‍යාලය,
පොළොන්නරුව
------------
සාමය උදාවේවා
රටට සාමය උදාවේවා
දැහැමි සිත් සැමතැන දිනේවා
දහම් ගුණ කඳ පැතිර යේවා
සාමය උදාවේවා!
මෙත්වඩන සිත් පහළ වේවා
දැහැමි ගුණ දස අත දිනේවා
සිත් පියුම් හැමතැන පිපේවා
ලොවට සාමය උදාවේවා
පී.ටී. මොනාලි
9 ශ්‍රේණිය ‘ඒ’,
ආඬිඅම්බලම මහ විද්‍යාලය,
ආඬිඅම්බලම
-----------
මත් රකුසාගෙන් ඈත් වෙමු
වර්තමාන සමාජයම මහත් විපතට ඇද දමමින් මත්ද්‍රව්‍ය පිළිලයක් සේ ඔඩු දුවන ආකාරය අපට දැකිය හැකිය.
කවර ක්‍රමයකින් හෝ ලාභය පෙරදැරි කරගෙන මුදල් ඉපයීමේ චේතනාවෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් උත්සාහ ගන්නා ආකාරය පැහැදිලිව පෙනේ.
පාසල් යන වයසේ පසුවෙන දරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ප්‍රධාන ඉලක්කය බවට පත්වී ඇත. විවිධ අත්හදා බැලීම්වලට වැඩි කැමැත්තක් දක්වන දරුවන් යොමු කරවා ගැනීම පහසුය. බොහෝවිට දරුවන් වැරැදි මාර්ගයට යොමු වන්නේ ඔවුන් දෙමාපියන්ගෙන් ඈත් වන විටය. දෙමාපියන් නිතර තම දරුවන් ගැන සොයා බැලිය යුතුය. ආරක්ෂා කළ යුතුය.
ඒ නිසා රටේ අනාගතය භාර ගැනීමට දරුවන් වශයෙන් අපි සියලුදෙනාම මත් රකුසාගෙන් ඈත්ව ජීවිත බේරා ගැනීමට ඉටා ගත යුතුය.
නයනජ කුමාරසිංහ
9 ශ්‍රේණිය,
උඩලමත්ත මහා විදුහල,
උඩලමත්ත,
ගාල්ල
-----------
මහ වැස්සට පළමු
ගුවන් තලය කළු රෙද්දක් පොරවන්නේ
හිරු හෙමිහිට අඳුරේ නොපෙනී යන්නේ
පරිසරය ම අඳුරු වෙමින් පවතින්නේ
මහ වැස්සක් අත ළඟ බව වැටහෙන්නේ
කුරුලු රංච කැදලි කරා පියඹා යන්නේ
මෙරුවො ඇවිත් හැම තැනකම ඉගිළෙන්නේ
කූඹි රංචු පේළි ගැසී ගුල් වෙත යන්නේ
මම බෝට්ටු සාදන්නට සිහින මවන්නේ
වැහිළිහිණියො අහස පුරා ඉගිළෙන්නේ
ගෙම්බන්ගේ බක බක හඬ රැව් දෙන්නේ
අපෙ අම්මා රෙදි ටික ගෙට ගෙනියන්නේ
මහ වැස්සට හැම දෙනාම සැරසෙන්නේ
මෙත්මිණි පියුමී කුමාරසිංහ
7 ශ්‍රේණිය ‘ඊ’,
මලියදේව බාලිකා විද්‍යාලය,
කුරුණෑගල