
අනිදිනැති රෑ ඔබ සිහිවෙයි
අම්මේ ඔබ රුවම පෙනෙයි
ඇස්වල උණු කඳුළු ගලයි
තනිකම මා හිතම පෙළයි...
ඔබ තුරුලේ සෙනෙහෙ දැනෙයි
හිස සිඹිහැටි දැනුදු දැනෙයි
හොඳ මිනිසෙක් වෙන්න කියයි
අම්මා නැති අඩුව දැනෙයි....
පොඩිපුතු අද ඉන්නේ සොවින්
දෑසේ කඳුළු ගලයි දුකින්
සිත සනසා යන්න සිහිනෙන්
අම්මේ එන්න ළඟට ඉතින්
ටී. ඩබ්ලිව්. එම්. මිලානි සඳකැලුම්
12 ශ්‍රේණිය ‘ඒ‘ කලා අංශය,
ශ්‍රී දුටුගැමුණු මහා විද්‍යාලය,
පහළ හල්මිල්ලෑව,
නොච්චියාගම