සයිබර් ආරක්ෂාවට අලුත් පනත් දෙකක් | Page 7 | සිළුමිණ

සයිබර් ආරක්ෂාවට අලුත් පනත් දෙකක්

සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් හා විශේෂ තොරතුරු ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් වූ නව පනත් දෙකක් ලබන මස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු යොදන බව ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු තාක්ෂණ ඇමැති අජිත් පී. පෙරේරා පැවසීය.

විශේෂයෙන්ම සයිබර් ආරක්ෂාවට හානි කරන හා විවිධ අකටයුතුකම්හි යෙදෙන පුද්ගල‍ෙන් සම්බන්ධව ක්‍රියා කිරීමට මෙරට නීතියක් නැති හෙයින් නව නීති අනුව අන්තර්ජාතිකව ශ්‍රී ලංකාවට කටයුතු කළ හැකි බවද, ඒ අනුව මේ වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු අන්තර්ජාතික සංවිධාන විසින් ඇති කරගෙන තිබෙන සයිබර් ආරක්ෂාව සම්බන්ධ කටයුතු සඳහා අපටද අවස්ථාව සැලසෙන බවද ඇමැතිවරයා කීය.

එසේම ඇතැම් විශේෂ තොරතුරු ආරක්ෂා කිරීම සම්බන්ධයෙන්ද තොරතුරු ආරක්ෂණ පනත නමින් නව පනතක් කෙටුම්පත් කර ඇති අතර, ඒ හරහා අනිසි ලෙස පෞද්ගලික තොරතුරු හෝ ආරක්ෂාවට හානි වන තොරතුරු ප්‍රසිද්ධ වීම වළක්වාගත හැකි බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

 

Comments