
අලුත් අවුරුද්ද අපේ රටේ සිංහල හා දෙමළ ජාතිකයෝ සමරති. අවුරුදු දිනය සියලු දෙනාටම සතුට ගෙන දෙන දිනයකි. අලුත් අවුරුද්දට පෙර නිවෙස් පිරිසුදු කර, වර්ණ ආලේප කර අලුත් මුහුණුවරක් ගෙන දෙති. කාන්තාවෝ කෑම සෑදීම, ළිපෙහි ගොම ආලේප කිරීම වැනි වැඩවල යෙදෙති.
අලුත් අවුරුදු දින සියලු දෙන පාන්දරින් අවදි වෙති. උදේ වැඩ අවසන් කර පුණ්‍ය කාලයේදී විහාරයට හෝ කෝවිලට ගොස් වන්දනාමාන කරති. අලුත් අවුරුද්ද උදාවූ විගසම අලුත් ඇඳුම් ඇඳීම, ළිපගිනි දැල්වීම, කිරි ඉතිරි වීම, කිරිබත් පිසීම, ගනුදෙනු කිරීම, වැඩ ඇල්ලීම ආදිය නැකතට සිදුකරති. නෑදෑයින්ගේ, යහළුවන්ගේ නිවෙස්වලට ගොස් තෑගි හුවමාරු කරති.
වැඩිහිටියන්ට වැඳ ආශිර්වාද ලබා ගනිති. ඔන්චිලි පැදීම, කඹ ඇදීම, පොල් ගෑම, අලියාට ඇහැ තැබීම, ලිස්සන ගසේ යෑම, කණාමුට්ටි බිඳීම, තිරික්කල් රේස් ආදිය අලුත් අවුරුදු උත්සවයට විශේෂිතවූ ජාතික ක්‍රීඩාය.
උදානි එවන්යා
9 ශ්‍රේණිය ‘බී’,
බණ්ඩාරගම ජාතික පාසල,
බණ්ඩාරගම.