
ගාල්ල ඇත්කඳුර ප්‍රදේශයෙන් පසුගිය දා වාර්තා වූ දෙල් සහ කොස් ගෙඩිවල හමු වූ , දළඹු විශේෂය ‘සේනා’ වර්ගයට අයත් නොවන බවත් එම විශේෂය ‘ඩයෆනියා කසෝලිස්’ (Diaphania Caesolis) වර්ගයට අයත් බවත් දිස්ත්‍රික් කාෂි කර්ම අධ්‍යක්ෂ ජේ පොන්නම්පෙරුමආරච්චි මහත්මිය සඳහන් කළාය.
ඇත්කඳුර ගොවිජන සේවා බල ප්‍රදේශයේ, නුගේතොට ග්‍රාම නිලධාරී වසම තුළ දෙල් ගස් කිහිපයකින් මෙම දළඹු විශේෂය වාර්තා වී තිබිණ. දෙල්වලට පමණක් නොව කොස් ඵලදාව සඳහා ද එම දළඹු විශේෂය පැතිර යන බවත් ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියාය.
ලෙපිඩොප්ටෙරා ගෝත්‍රයට අයත්(lepidoptera) ෆයිරලිඩේ (pyralidae) කුලයේ දළඹු විශේෂයක් වන මෙම දළඹු විශේෂය සලබයන් මාර්ගයෙන් සිදුවන බිත්තර දැමිමෙන් බෝ විම සිදු වේ. රෝස පැහැයට හුරු තැඹිලි පැහයෙන් යුත් දළඹුවා මගින් අගල් භාගයක පමණ කුඩා සලභ විශේෂය හට ගන්නා අතර, බෝ විම සිදු වන්නේ ඒ මගිනි.
දළඹුවා විසින් කුඩා පත්‍ර හා ගෙඩි සිදුරු කොට හානි කිරිම සිදුවේ. එවැනි ගෙඩි වල තැනින් තැන කළු පැහැති ලප සහ සිදුරු දැකිය හැකි අතර, එම ගෙඩි කුණු වී බිමට පතිත විම සිදුවේ. පවතින දේශගුණික තත්ත්වය නිසා මෙවැනි දළඹුවන් පැතිර යාම සිදුවන බවත්, එසේ දළඹුවන් මාර්ගයෙන් හානියට පත් ඵලදාවන් විනාශ කිරිමෙන් මෙම තත්ත්වය පාලනය කළ හැකි බවත් කුණු වී වැටෙන ඵලදව ගිනි තබා විනාශ කළ යුතු බවත්, නැති නම් තරමක් ගැඹුරු වළක වළ දැමිය යුතු බවත් කෘෂි කර්ම අධ්‍යක්ෂවරිය පෙන්වා දුන්නාය.
මේ පිළිබඳව සොයා බැලීම සඳහා පසුගියදා මෙම ප්‍රදේශය වෙත දිස්ත්‍රික් කාෂි කර්ම අධ්‍යක්ෂවරිය සමඟ ලබුදුව කෘෂිකර්ම විද්‍යාලයේ විදුහල්පති ජි. ජි. වි. ශාමලි මහත්මිය සහ ගොවි මහත්වරුන් ද එක්ව සිටියහ.