
පාන්දරින්ම කුකුළන් අඬලන නාද ඇසෙයි.
ගස් වැල්වලින් පිනිබිදු වැටෙයි.
ජනේලයෙන් සීතල සුළං එයි.
කුරුල්ලන්ගේ නාදය ඇසෙන්නට පටන් ගනී.
ගෙවල්වල අම්මාලා පොල් බිඳින හඬ ඇසෙයි.
පාර තොටේ වාහන හඬය ඇසෙයි.
කුඩා දරුවෝ කිරි ඉල්ලා අඬනවා ඇසෙයි.
හිරු පායන්නට සූදානම් වනු පෙනේ.
ළමා ළපටියෝ පාසල් ගමනට සැරසෙති.
උදෑසන ඉතා සුන්දරයි.
සුපුනි පී ප්‍රනාන්දු
3 ශ්‍රේණිය ‘ඩී’,
ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය,
බම්බලපිටිය.