
හමා යන්න ආසයි මං සුළඟ වෙලා
එළිය දෙන්න ආසයි මං ඉරක් වෙලා
සුවඳ දෙන්න ආසයි මං මල් වෙලා
දිදුළන්නට ආසයි මං හොඳ දරුවෙක් වෙලා
ගලා යන්න ආසයි මං ගඟක් වෙලා
ඉගිළෙන්නට ආසයි මං සමනලයෙක් වෙලා
දුක සැප බලන්නට ආසයි මං හොඳ මිතුරෙක් වෙලා
දිනා ගන්න ආසයි මං මුළු ලොවක් වෙලා
සුහර්ෂා නිර්වානි ඇටම්පොළ
5 ශ්‍රේණිය,
වඩුමුන්න කනිටු විදුහල,
කූරටිහේන.