
කුරුසෙ වගේ ඉරටු දෙකක් එකට බඳිනවා
ඉරටු දෙකේ කොන් සතරට නූල් බඳිනවා
පොඩි වකයක් එන විදිහට නූල බඳිනවා
පාට පාට කොළ අලවා හැඩ කරවනවා
පාට පාට රැලි කරදහි වලිගෙ බඳිනවා
සමබර ලෙස සරුංගලේ හොඳට හදනවා
වෙල් එළියේ නිල් අහසේ සරුංගලේ පාවෙනවා
මගේ හිතේ සතුට අරන් සරුංගලේ පාවෙනවා
ඈතින් ඈතට සරුංගලේ පාවී යනවා
නූල දිගේ නිල් අහසේ එන්න හිතෙනවා
එනිදු සුපසන් ප්‍රේමසුන්දර
6 ශ්‍රේණිය ‘සී’,
කේරී විද්‍යාලය,
කොළඹ 08.