පුදමු බැති­යෙන් උත්තම ගුරු | Page 2 | සිළුමිණ

පුදමු බැති­යෙන් උත්තම ගුරු

පොතක පිටු­වක විසිරි අකු­රක
රැදුණු මත­කය දිවෙයි ඈතට
අකුරු කළ ගුරු දෙවිදු පුද­නට
ලියමි මේ කව සිතු නි‍මේෂක

දසත සුවඳ විහි­දුවා
දිනක මේ අහ­ස­යට
හොඳින් නරක වෙන්කොට
ජීවි­තය දුනි නුඹ මට

කිරුළු පල­ඳ­වන සිතින්
කළ මෙහෙය සිහි‍කොට
සියක් සිය පත් පුදමි බැති­යෙන්
උත්තම ගුරු පර­පු­රට

දිවි­මඟ සරු­ක­ර­නට කියවු අකුරු
සිසු හඬ විස­දු­වයි නොම වී නපුරු
පොදු වැඩ­ව­ලදි මුල්තැන ගත් අයුරු
සිහිවී මැවෙයි රූ ගුරු දෙවි­ඳුගේ සොඳුරු

සුදාර නය­න­ජිත් කොඩි­තු­වක්කු
8ශ්‍රේණිය ‘ඩී’,
සිද්ධාර්ථ විද්‍යා­ලය , වැලි­ගම.

 

Comments