
වෙසක් මාසේ ඉවර වුණු දිනේ සිට පොසොන් දිනය උදා වනතෙක් අප ඇඟිලි ගනිමින් ඉන්නේ. අපේ පවුලේ සැවොම එකතු වෙලා එදින සවසට සුප් හා ක්‍රීම් ක්‍රැකර් බිස්කට් දන්සලක් දෙනවා. අපේ නෑදෑ පවුල් පහළොවක විතර හැමෝම එදාට අපේ මහ ගෙදරට එකතු වෙනවා. කලින් ගෙන ආ එළවළු සුද්ද කරලා වතුර බේරෙන්න තියලා හැමෝම එකතු වෙලා එළවළු කපනවා. දවල් දොළහ එක වෙද්දි සුප් එක ළිපේ තියනවා. මේ හැම දේටම පුංචි අපත් එකතු වෙන්නේ හරිම කැමැත්තෙන්.
හවස් වෙද්දි මාතලේ අලුවිහාරේ පන්සල වන්දනා කරන බැතිමතුන් විශාල පිරිසක් අපේ මහ ගෙදර පිහිටා තියෙන පාර ඉදිරිපසින් යනවා. කවටයාමුණ පන්සල තියෙන්නෙත් ඒ අවටමයි. ඒ එන බැතිමතුන් අපේ මිදුලට කැන්දා වාඩි කරවා සුප් දෙනවා. මේ කටයුත්තට අප පවුලේ සැවොම එකතු වෙනවා. සුප් බීපු අය පින් දෙමින් යද්දී අපට දැනෙන්නේ හරිම සතුටක්.
බිනුලි ගිහන්සා අබේකෝන්
5 ශ්‍රේණිය ‘ඒ‘,
සිරිමාවෝ බණ්ඩාරනායක ආදර්ශ පාසල,
මාතලේ
අනුබුදු උරුමය
බෞද්ධයන්ට ඉතා වැදගත් පොහොයක් වන්නේ පොසොන් පුර පසළොස්වක පොහෝ දිනයි. මෙය ලංකාවාසී සියලු දෙනාටම වැදගත් වන්නේ මිහිඳු මහ රහතන් වහන්සේ ඉට්ඨිය, උත්තිය, සම්බල, බද්ධසාල යන රහතන් වහන්සේ ද, සුමන සාමණේර හා භණ්ඩුක උපාසක ද සමඟ බුදුදහම ලංකාවට වැඩම කරවීම හේතුවෙනි. මෙය සිදුවූයේ ඉන්දියාවේ පැළලුප් නුවර අශෝකාරාමයේදී ධර්මාශෝක රජතුමාගේ දායකත්වයෙන් පැවැත්වූ තෙවැනි ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් ලෙස ය. මහින්දාගමනයේ ප්‍රතිඵලයක් ලෙස අද අපේ රටේ ස්තූප හා විහාර රාශියක් වෙයි.
එම්.ජී.එන්. ලක්ෂාණි
07 ශ්‍රේණිය,
කල්තොට දකුණ ඉවුර විද්‍යාලය,
වැලිපතයාය,
බළංගොඩ, රත්නපුර.
පොසොන් අසිරිය
තිස්ස නිරිඳු පිරිවර හා එන්නේ
දඩ කෙළියේ යන්නට සැරසෙන්නේ
දුනු ඊතල අත දරාන ඉන්නේ
මුවෙකු පස්සෙනුයි හඹාන යන්නේ
එල්ලය බලමින් දුනු මානන්නේ
‘තිස්ස’ ‘තිස්ස’ හඬ ළඟින් ඇසෙන්නේ
කහවත දුටු විට දුණු බිම දමන්නේ
දොහොත් මුදුන් දී පාද වඳින්නේ
ඉත්තිය උත්තිය සම්බල සමඟින්නේ
භද්දසාල භණ්ඩුක යන අය ඉන්නේ
මිහිඳු සමිඳු මෙහි නායක වන්නේ
තිස්ස රජුට බුදු දහම දෙසන්නේ
මිහිඳු සමිදු රට වෙනස් කරන්නේ
මිහින්තලාවෙන් එය ඇරඹෙන්නේ
ගමයි පන්සලයි වැවයි හැදෙන්නේ
සිරිලක සව්සිරියෙන් එළි වන්නේ
ඉඳුරංග ගණනාත් හල්කෙවිදාන
13 ශ්‍රේණිය,
මයික්‍රො උසස් අධ්‍යාපන ආයතනය,
කිරිබත්ගොඩ.
පෝයදාට පායන සඳ
පෝයදාට පායන සඳ
කහ පාටට අහසේ මැද
නංගී එක්ක අත්වැල් බැඳ
බලනවා අපි මිදුලේ ඉඳ
සීත සුළං හමනා විට
ගස් සෙවණැලි කළු පාටට
මවන රටා දකිනා විට
හිතට බයක් දැනේ අපට
ආර්.එම්. දිනිති හංසිකා රත්නායක
6 ශ්‍රේණිය,
සේනාපතිය ම.වි., අයිවෙල, බිබිල.
සාදු සාදු අපි පින් දෙන්නේ
තිස්ස රජු සමඟ ආ සෙබළුන් පිරිස
මුවෙකු පසුපස පැන්නුවේ දඩයම පිණිස
මිස්සක පර්වතය අසලින් දුවන විට
තිස්ස තිස්ස යන හඬ ඇසෙන්නේ රජුට
මිහිඳු හිමි වැඩි පොසොන් දිනේ
සැරසී සුදු වතින් පන්සල වෙත එන්නේ
බෝ රජු දුටු සිත පැහැදෙන්නේ
සාදු සාදු අපි පින්පෙත් දෙන්නේ