සත්ව කරු­ණාව | Page 2 | සිළුමිණ

සත්ව කරු­ණාව

මම පාසල ඇරී ‍ගෙදර එද්දී අපේ මිදුලේ අඹ ගසේ ලේනුන් ‍දෙදෙනෙකු කෑ ගසමින් අත්තෙන් අත්තට පනිමින් සිටිනු දුටුවෙමි. ළංවී බලද්දී මා දුටුවේ පුංචි ලේන් පැටවකු බිම වැටී සිටින අන්දමයි. මම ඌ අතට ගෙන බැලුවෙමි. ලේන් පැටියාගේ ඉදිරි කකුලට කුමක් හෝ සිදුව ඇති බවක් මට තේරිණි. මම ඌ ගෙදර ගෙනැවිත් අම්මාට පෙන්වූ පසු අම්මා ලේන් පැටියාගේ කකුලේ තෙල් ටිකක් ගා හොඳින් පිරිමැද්දාය.

ඉන්පසු ලේන් පැටියාට සුවයක් ලැබිණි. මම පහන් වැටියක් පොඟවා පැටියාට කිරි ටිකක් පෙව්වේමි. ඌ හිමින් හිමින් ඇවිදින්න ලෑස්ති වෙද්දී මම පැටියා අඹ ගහේ අත්තක් උඩින් තැබුවෙමි. පැටියා අඹ අත්ත දිගේ හෙමින් උඩටම ගියේය. එතෙක් වේලා කෑගසමින් සිටි ලේන් අම්මා හා තාත්තා ද පැටවාට එක් වූහ. ගෙදර ආ පසු මගේ අම්මා හා තාත්තා මා කළේ හොඳ වැඩක් කියා කියූහ. මගේ සිතට ලොකු සතුටක් දැනිණි.

ඩී. එම්. කවිත්මා යුගානි දිසානායක

3 ශ්‍රේණිය,

පහළ කෝන්කඳවල කනිෂ්ඨ විද්‍යාලය, වීරපොකුණ.

 

Comments