ග්‍රාම ශක්ති ජනතා සමාගම් පන්දහසක් රට පුරා | Page 7 | සිළුමිණ

ග්‍රාම ශක්ති ජනතා සමාගම් පන්දහසක් රට පුරා

 දිළිඳුකම පිටුදැකීමට නිෂ්පාදන ආර්ථිකය පෙරට ගන්නා ග්‍රාම ශක්ති ජනතා සමාගම් 5000ක් පිහිටුවීමට රජය පියවර ගනී. එයින් සමාගම් 1000ක් වෙනුවෙන් රුපියල් කෝටි 600ක් 2018 අයවැයෙන් වෙන් කෙරේ.

එක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයකින් ග්‍රාමසේවා වසම් 3ක මෙම ජනතා සමාගම් පිහිටුවන අතර දිළිඳුම ගමක් ද ඊට ඇතුළත් වෙයි. එක් ගමක ජනතා සමාගමක් වෙනුවෙන් රජය ආයෝජනය කරන මුදල රුපියල් මිලියන 8ක් පමණ වේ. මෙය එක් පුද්ගලයකු වෙනුවෙන් රුපියල් 8000ක් ලෙස ගණන් බලන රාජ්‍ය ආයෝජනයකි.

ගමේ සම්පත් හා හැකියාව පෙරට ගෙන, වෙ‍ෙළඳපොළේ ඉල්ලුම ඇති නිෂ්පාදන ඇරඹීම මෙම ජනතා සමාගම්වල ක්‍රියාවලිය වේ. ජනතා සමාගමේ ව්‍යාපාර සැලසුම විධිමත් කිරීම හා ඒ සඳහා අවශ්‍ය පුහුණුව ජනතා සමාගම වෙත ලබා දීම වෙනුවෙන් මුදල් ලබා දීම මේ යටතේ රජය ගමට මුදල් සපයන මුල් පියවර වේ. ජනතා සමාගමේ ඉදිරි පියවර මත පොරොන්දු පත්‍රෙය් ඉතිරි මුදල ජනතා සමාගමට ලැබේ. ගමේ ජනතාව, රජය හා පුද්ගලික අංශය එක්ව මෙම ජනතා සමාගම් ගොඩ නඟනු ඇත.

2020 වන විට ග්‍රාම ශක්ති ජනතා සමාගම් 5000ක් පිහිටුවීමට සැලසුම් කර ඇත. 2030 වන විට රටේ සියලුම ග්‍රාමසේවා වසම් නියෝජනය කරමින් ග්‍රාම ශක්ති ජනතා සමාගම් බිහි වීමට නියමිතය. දිළිඳු ප්‍රජාව යැපුම් මානසිකත්වයේ නොරඳා නිෂ්පාදන නැඹුරුවකට ගෙන ඒම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන ඉලක්කයකි. 

Comments

පිටු