කොළඹ කුණුවලට විසඳුමක් | Page 8 | සිළුමිණ

කොළඹ කුණුවලට විසඳුමක්

අගනුවර ඇතුළු වීදි වලට මිනිසුන් ගෙනත් දමන කුණු කසළ රටේ අලංකාරයට ඉමහත් තර්ජනයක් වී ඇත. මෙම කරුණ කොළඹ මහ නගර සභාවට ද වද දෙන්නකි.

නිවෙස්වල දිනපතා ඉතුරුවන කුණු කසළ බෑගයකට දමා නිවස ඉදිරිපිට එල්ලා තැබිය යුතු ය. ඒ අතර නගර සභාවේ ට්‍රැක්ටරයක් මඟින් දිනකට හෝ දින දෙකකට වරක් පැමිණ එම නිවෙස් ඉදිරිපිට එල්ලා ඇති කසළ සියල්ල ඉවත් කරගෙන ගොස් අදාළ ස්ථානයකට දමා පුලුස්සා දැමිය යුතු ය.

මේ සඳහා සම්බන්ධ වන සියලුම නිවෙස් හිමියන් ගේ මාසික විදුලි බිලෙන් 25% ක් හෝ කපා ඔවුන්ට දිරි ගැන්වීමක් කළ යුතු ය. ඒ අතර හෝටල් වලින් ඉතුරුවන ඉඳුල් කඩ හිමියන් හා සම්බන්ධ වී ට්‍රැක්ටරයක් උපයෝගී කරගෙන ඌරු කොටුවලට බාර දිය යුතු ය.

මෙම කරුණ ගැන කොළඹ නගරාධිපතිනියගේ විශේෂ අවධානය යොමු කරන්නේ නම් එය බස්නාහිර පළාතේ ජීවත්වන සියලුම ජනතාවට කරන උතුම් ක්‍රියාවකි. එසේම රටට ආදර්ශයකි.

චන්ද්‍රසිරි මානවඩු
කෙරමිණිය - අම්බලන්ගොඩ

Comments