වසර 6ට මූල්‍ය ආයතන 05ක් තහනම් | සිළුමිණ

වසර 6ට මූල්‍ය ආයතන 05ක් තහනම්

බලපත්‍රලාභී මූල්‍ය සමාගමක් වන බිම්පුත් ෆිනෑන්ස් පීඑල්සී වෙත මහා බැංකුව විසින් නිකුත් කර ඇති සාමාන්‍ය උපදෙස් සහ රීති කිහිපයක් අඛණ්ඩව උල්ලංඝනය කිරීම හේතු කොට ගෙන, 2023.09.01 දින සිට බලපැවැත්වෙන පරිදි මූල්‍ය ව්‍යාපාර කරගෙන යාමට නිකුත් කර ඇති බලපත්‍රය අවලංගු කිරීමට මුදල් මණ්ඩලය තීරණය කර ඇත. ඒ අනුව, එකී දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මූල්‍ය ව්‍යාපාරවල නිරත වීමට අවසර නැත.

ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මුදල් ව්‍යාපාර පනත යටතේ පැවැරී ඇති බලතල අනුව තැන්පත්කරුවන්ගේ සහ ණය හිමියන්ගේ යහපත සුරක්ෂිත කිරීම සඳහා මෙම පියවර ගෙන තිබෙන අතර, 2018 සිට මේ දක්වා සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පී එල් සී, ද ස්ටැන්ඩඩ් ක්‍රෙඩිට් ෆිනෑන්ස් ලිමිටඩ්,ද ෆිනෑන්ස් පී එල් සී , TKS ෆිනෑන්ස් ලිමිටඩ් යන මෑතකදී බලපත්‍ර අවලංගු කරන ලද ආයතනයන්ය.

Comments