බස් ගාස්තු 4%කින් නඟී : අවම ගාස්තුවේ වෙනසක් නැහැ | සිළුමිණ

බස් ගාස්තු 4%කින් නඟී : අවම ගාස්තුවේ වෙනසක් නැහැ

ඩීසල් මිල වැඩිවීමට අනුව බස් ගාස්තුවද සෙනසුරාදා මධ්‍යම රාත්‍රී 12.00 සිට 4%කින් වැඩි කිරීමට පියවර ගෙන ඇත. එහෙත් අවම බස් ගාස්තුව වෙනස් නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව නිවේදනය කර සිටී.

ඒ අනුව රුපියල් 37.00ක් වූ දෙවන ගාස්තු අවස්ථාව රුපියල් 38.00ක් ලෙසත් රුපියල් 48ක් වූ ගාස්තුව රුපියල් 50.00ක් ලෙසත් ඉහළ නංවා තිබේ.

ගාස්තු අවස්ථා 350ක් සඳහා වන ජාතික ගමනා ගමන කොමිසමේ ගාස්තු චක්‍රය පසුගිය සිකුරාදා නිකුත් කළ අතර ඒ අනුව රුපියල් 2296ක් වන අවසන් ගාස්තුව රුපියල් 2388ක් දක්වා ඉහළ නංවා ඇත.

සුඛෝපභෝගී හා අධිවේගී මාර්ගයේ බස් ගාස්තුද මේ අනුව වැඩි කර තිබේ.

Comments