කැවුම ලජ්ජාව සහ සංස්කෘ­තිය | සිළුමිණ

කැවුම ලජ්ජාව සහ සංස්කෘ­තිය

මව් කුසින් බිහිවන දරුවා ලොකු මහත්වී ලෝකයට පිවිසෙයි. එතෙක් එකී දරුවා ලොකු මහත් වන්නේ පවුල තුළය. අපේ පවුල ඉහතින් කී සංස්කෘතිය විසින් හසුරුවනු ලබති. අම්මා, තාත්තා දුව පුතා නංගී මල්ලී මාමා නැන්දම්මා ආදි ලෙස අපට හමුවන චරිත සියල්ල එකී සංස්කෘතියෙහි භාර කරුවන් විය යුතු යයි ඔවුන් විශ්වාස කරති. පවුල් සංස්ථාව තුළ අප සිරකරුවන් වන්නේ එකී සංස්කෘතික බලපෑම නිසාය. මේ පවුල් කුටුම්භයෙහි සාමාජිකයන් බොහෝ අසම්මත සිද්ධින් අතර කොටු වෙති. එකී සිද්ධි කාලය විසින් අමතක කර හරිති. දරුවකු හිතුවක්කාර විවාහයක් කර ගත් විට පවුලෙන් කපා හරිති. ඔවුන්ට දරු මල්ලන් ඇතිවූ විට, වරදට සමාව දී නැවත කැන්දා ගනිති.

එක්තරා ගැහැනියක පවුලේ අර්බුදයකට මැදි විය. විවාහක ඇය දරුවන් වැදූ මවකි. අර අර්බුදය නිර්මාණය වන විට, ඇයගේ දරුවන් ලොකු මහත්ව තම තමන්ගේ ලෝකය වෙත පියඹා ගොස් තිබිණ. එක් දරුවකු හෝ ලංකාවේ සිටියේ නැත. ඇය සිය සැමියා සමඟ තනිව ජීවත් වූවාය. ඉස්මතුවූ ගැටලුව ඇයට සැමියා සමඟ සාකච්ඡා කළ නොහැකි විය. හේතුව ඇය මුහුණ පා සිටි ප්‍රශ්නය සැමියා විසින් ඇති කළ එකක් නිසාය. එහි දී ඇය උපදේශකයෙකුගේ පිහිට පැතුවාය.

පසුගිය සතියක මාංචු පුවත් පතේ සිය මවගේ අනියම් පෙම්වතා මරා දැමූ තරුණ පුතෙකු ගැන විස්තර පළ විය. ඝාතනයට ලක්වූ තැනැත්තාත්ඝාතකයාත් තරුණ වියේ පසුවූ අය වෙති. විවාහක මවකගේ අනියම් පෙම් පලහිලව්ව නිසා මේ අපරාධය සිදු වුණා විය හැකිය. එකෙකු සිද්ධියේ ගොදුර විය. අනෙකා සමහර විට නීතිය විසින් ගොදුරු කරගනු ඇත. සිද්ධිය මානුෂික හේතු සහ ආවේග නිසා නිර්මාණය වූවකි.

මේ කියන අනියම් පෙම් පළහිලව්ව නිසා අවුල් වුණේ අර මවගේ ජීවිතය පමණක් නොවේ. ඇය කැපවි ගොඩ නැගුව මාතෘ මූලික පවුල තැන තැන නතර විය. එක් දරුවකු නීතියෙහි තීරණාත්මක විනිශ්චයක් ලැබෙන තෙක් අවිනිශ්චිත හෝරාවක සිරවී සිටි. මේ සියල්ලට හේතුව අර කාන්තාවගේ පැවැත්ම බව ඕනෑ කෙනකු සිතිය හැකිය. අප මෙවැනි ප්‍රශ්නයක් උඩින් පල්ලේන් ස්පර්ශ නොකර, ගැඹුරෙන් සලකා බැලිය යුතුව ඇත. ඊට හේතු කිහිපයකි. පළමු වැන්න සමාජය සංකීර්ණ වීමය. දෙවැන්න එකී සංකීර්ණතාවය ගැන තක්සේරුවක් නොකිරිමය. අපගේ සංස්කෘතිය දැක්ම බොහෝ ප්‍රශ්නවලට විසඳුම් සොයා නොදීමය.

අර විවාහක කාන්තාවගේ අනියම් සම්බන්ධකමට දරුවන් මෙන්ම ඇයගේ සැමියාද දැඩි සේ විරුද්ධ වූ බව රහසක් නොවේ. ඒ විරෝධය හමුවේ ඇයට තෝරා ගත හැකි මාර්ග දෙකක් විය. එකක් ඒ අනියම් සම්බන්ධතාවය නවතා දැමීමය. දෙවැන්න සිය පවුල අතහැර දැමීමය. ඇය සිය පවුල අතහැර දැමීමේ මනාපය තෝරා ගත්තාය. තම සැමියා සහ වදා හැදූ දරුවන් අමතක කළ ඇය විවාහක නිවෙසින් පිට වී නව ජිවිතයකට මුල පිරුවාය. පළමුව ඇය තම සොහොයුරියගේ නිවෙසක නවාතැන් ගෙන සිය සම්බන්ධතාවය එසේම පවත්වාගෙන ගියාය. මේ අර්බුදයේ දී ඇයට අනියම් පේ‍්‍රමයට වඩා දරු පවුල මුල් කොට තැකීමට පුළුවන් වුණා නම් එසේ කරනවාට සැක නැත. දරුවන් මත්තේ නහින ලක්‍ෂ ගණන් අම්මාවරුන් අතර, ඇය මෙසේ කල්පනා කිරීම වෙනම කළ යුතු තත්ත්වයකි. දරුවන් වැදූ මවක් වන ඇය ඒ අවස්ථාවේ තෝරා ගත්තේ තමන්ට කළ හැකි එකම දේ විය හැකිය. එය වෙනම සාකච්ඡා කළ යුතු ප්‍රශ්නයකි.

ඇයගේ නික්ම යෑම සමගම මුල් පවුල සංසුන් වුණා විය හැකිය. අපේ සංස්කෘතිය අනුව ප්‍රශ්න විසඳෙන්නේ ප්‍රශ්නවලට මුහුණ දෙන්නේ එසේය. අපේ සංස්කෘතිය හැඟීම් බර එකකි. ඒ තුළ වටිනාකම් ලෙස අපට ඒත්තු ගන්වා ඇති බොහෝ හරයන් සත්තකින්ම හර සුං ඒවා වේ. අනියම් පෙමක පැටලුන අම්මා අවමානයක් ලෙස දැකීමට අප දිරි ගන්වන්නේ අර හරසුං කල්පනා සහ අතාර්කික ආකල්ප නිසාය. කළ යුත්තේ අර අම්මාගේ ඇතුලාන්තය විමසා බැලීමය. ඇයගේ මව් පදවිය අමතක කොට ඇය තුළ තෙරපෙණ මනුස්ස හැඟීම්වල රස්නය තේරුම් ගැනීමය. එහෙම කල්පනා කිරිමේ හැකියාවක් අපේ සංස්කෘතියෙන් අපට හුරු කර නැත. ඒ නිසාම, අර අවාසනාවන්ත අම්මා සමාජ ඛේදවාචකයක් ලෙස සැලකීමට හුරුවී සිටිති. ඇය සිය පවුලට පිළිකුලක් ලෙස සමාජයට ඒත්තු ගැන්වීමෙන් තම සුද්ධවන්ත භාවය රටට පෙන්වීමට බොහෝ අය තැත් කරති. පදනම් විරහිත ඒ සංස්කෘතික පැවැත්ම වටහා ගැනීමට හෝ අපට ශක්තියක් නැතුවා නොවේ. අප එවැනි උත්සාහයක් දරන්නේ නැත. සමහර විට ඉහතින් කී ලෙස තම අම්මාට අර විදියට ගරහන ඇය පිළිකුල් කරන පවුලේ සාමාජිකයන්ද එවැනිම අසම්මත හැසිරීම්වලට ගොදුරුව සිටිනවා විය හැකිය. එවැනි ගැටලුවක් ගැන විමසූ විට, බොහෝ දෙනා නිහඬව අහක බලා සිටිමෙන් ප්‍රශ්නය මග හැර යති. එසේ නිහඬව අහක බලා ගැනිම යනු මේ සංස්තෘකිය අපට හුරු කළ කුහකකම වේ.

අප සමහර විට සිර කරන ගොළු කරන ඒ ගුප්ත නිශ්ශබ්දභාවය කියැවීමට තේරුම් ගැනීමට කිසිවකු උත්සාහ කරන්නේ නැත. ඒ ගුප්ත නිශ්ශබ්දභාවය තුළ ගුලිවී ඇත්තේ කුමක්ද? අප විසින් තේරුම් නො ගන්නා අප වෙලා ගත් කුහමකකම පිළිබඳ සත්‍යයයි. යථාර්ථය එයයි. අර අම්මා තමන් මුහුණ දුන් ඇය මැදි වූ ප්‍රශ්නයේ දී පවුල අතහැර දෙවන ජීවිතය තෝරා ගත්තේ අර ගුප්ත නිශ්ශබ්ද භාවයට නිරවුල්ව මුහුණ දීමට පැවැති ශක්තිය නිසාය. එකී ගුප්ත නිශ්ශබ්ද භාවය අපගේ ජීවිත කොටු කරගෙන ඇති බව, හසුරුවන බව බොහෝ අය නො දනිති. අප ඒ සත්‍යයට යථාර්ථයට මුහුණ දීමට ද දක්වන්නේ මහත් බියකි. මෙය බරපතල ඛේදවාචකයකි. ඒ ගුප්ත නිශ්ශබ්දභාවය තුළ පවත්නා සියලු වරපට කඩා බිඳ දමා පවත්නා යථාර්ථයට මුහුණ දුන් විට, අපට සත්‍යය දැකිය හැකිය. ඒ සත්‍ය හඬගා කියන්නේ මව්කම සහෝදරකම දරුකම වැනි කංචුක තුළ සිරවී සිටින, මිනිසුන් පිළිබඳ කතාන්තරයයි.

මව් කුසින් බිහිවන දරුවා ලොකු මහත්වී ලෝකයට පිවිසෙයි. එතෙක් එකී දරුවා ලොකු මහත් වන්නේ පවුල තුළය. අපේ පවුල ඉහතින් කී සංස්කෘතිය විසින් හසුරුවනු ලබති. අම්මා, තාත්තා දුව පුතා නංගී මල්ලී මාමා නැන්දම්මා ආදි ලෙස අපට හමුවන චරිත සියල්ල එකී සංස්කෘතියෙහි භාර කරුවන් විය යුතු යයි ඔවුන් විශ්වාස කරති. පවුල් සංස්ථාව තුළ අප සිර කරුවන් වන්නේ එකී සංස්කෘතික බලපෑම නිසාය. මේ පවුල් කුටුම්භයෙහි සාමාජිකයන් බොහෝ අසම්මත සිද්ධින් අතර කොටු වෙති. එකී සිද්ධි කාලය විසින් අමතක කර හරිති. දරුවකු හිතුවක්කාර විවාහයක් කර ගත් විට පවුලෙන් කපා හරිති. ඔවුන්ට දරු මල්ලන් ඇතිවූ විට, වරදට සමාව දී නැවත කැන්දා ගනිති. ඒ ඇයි? ඔවුන්ද මිනිසුන් ලෙස සැලකීමට අප තුළ ඇතිවන ස්වයං බලපෑමය. හිතුවක්කාර දරුවෙකුට සමාව දෙන අපේ සංස්කෘතිය විසින් ආරෝපනය කළ අර කී භාරකාරත්වය අර අම්මා තවත් ගැහැනියක ලෙස සැලකීමට පුරුදු කර නැත.

එක්තරා ගැහැනියක පවුලේ අර්බුදයකට මැදි විය. විවාහක ඇය දරුවන් වැදූ මවකි. අර අර්බුදය නිර්මාණය වන විට, ඇයගේ දරුවන් ලොකු මහත්ව තම තමන්ගේ ලෝකය වෙත පියඹා ගොස් තිබිණ. එක් දරුවකු හෝ ලංකාවේ සිටියේ නැත. ඇය සිය සැමියා සමඟ තනිව ජීවත් වූවාය. ඉස්මතුවූ ගැටලුව ඇයට සැමියා සමඟ සාකච්ඡා කළ නොහැකි විය. හේතුව ඇය මුහුණ පා සිටි ප්‍ර‍්‍රශ්නය සැමියා විසින් ඇති කළ එකක් නිසාය. එහි දී ඇය උපදේශකයෙකුගේ පිහිට පැතුවාය.

මේ වනවිට ඇය සිය හැට එක් වෙනි විය පසු කරමින් සිටියාය. සැමියා හැට නව හැවිරිදි විය. ඇය දිගු කලක් අවුලකින් තොරව සිය විවාහ දිවිය ගත කළ වාසනාවන්තියක වූවාය. ඇය සිය සැමියාගේ දුටු වෙනස කුමක්ද? ඔහු යව්වනයෙකුගේ සමීප ඇසුරකට පත්වීමය. ඒ ඇසුර සම ලිංගික ඇබ්බැහිකමක් ලෙස ඇය තේරුම් ගත්තාය. මෙහි දී සැමියා ඇයව තේරුම් නොගත්තා විය හැකිය. උපදේශනය හරහා දැනගත් පරිදි එකී තරුණයා විසි තුන් හැවිදිරිය. ඔහු කුඩා රැකියාවක් කරන පුෂ්ටිමත් තරුණයෙකි. මේ තත්ත්වය තුළ සැමියා සමඟ බරපතල අරගලයක් කිරිමට ඇය තුළ ශක්තියක් හෝ කැමත්තක් නොවීය. ඇයට අවශ්‍ය වුණේ ජීවිතයට සහනය ළඟාවන විසඳුමකි. දරුවන් වදා හැදූ මවක ලෙස ඒ තරුණයා දරුවකු ලෙස ඉවසා ප්‍රශ්නය තුනී කර ගැනීමට උත්සාහ කරන ලෙස ඇයට උපදෙස් ලැබිණ. පවුලට අවශ්‍ය යම් උවමනාකම් ඉටු කරවා ගැනීම හරහා ඉතා අපහසුවෙන් ඇය තරුණයා ඉවසිමට පුරුදු විය. සැමියා ඒ ගැන තෘප්තිමත් වූ බවට සැක නැත. ඇයගේ තනි නො තනියට එකී තරුණයාව කැඳවන තරමට පවුලේ අවබෝධය දියුණු විය.

කිහිප අවස්ථාවක අර කාන්තාව සැමියා සහ තරුණයා එක්ව ගමන් කරනු අර උපදේශකයා දැක තිබිණ. වරක් උපදේශකයා අර කාන්තාව තනිව හමුවූ අවස්ථාවක දැන් කොහොමද යයි නිකමට විමසා ඇත.

‘‘අපි හොඳින්......‘‘ ඇයගේ පිළිතුරෙහි තරමක අසංවර එහෙත් තෘප්තිමත් බවක් තිබිනැයි අර උපදේශකයාගේ අනුමානය විය.

එකී පවුල් උපදේශකයා මගේ මිතුරෙකි. ඔහු කීවේ ප්‍රශ්නය වඩාත් යහපත්ව විසඳී ඇති බවකි. ඔහුගේ අනුමානය නිවැරදි නම් අර තරුණයා ඒ වනවිට අර කාන්තාවගේ අනියම් පෙම්වතා වී සිටියා විය හැකිය. මේ සිද්ධිය හරහා ඉස්මතු වන බොහෝ සංස්කෘතික සහ සදාචාර ප්‍රශ්න තිබිය හැකිය. ඉහතින් කී අර ගුප්ත නිශ්ශබ්දතාවයට ඔවුන් ඍජුව මුහුණ දුන්නා විය හැකිය. හරියට අර ඉහතින් මා විස්තර කළ අම්මා වගේමය. ජීවිතයේ අග්ගිස්සට ළංවෙමින් සිටින අර විවාහක යුවල එකී ප්‍රශ්නයට ගොදුරු නොවිම ගැන ඔබට සතුටු නො වන්නේද?

තමන්ටම අභියෝග කරන බොහෝ මනෝ භාවයන් මිනිසුන් තුල නිර්මානය වේ. ඒවා අතර, හිරවන මිනිසුන් ගැහැනුන් අම්මා වීම, තාත්තා වීම, වයසට යාම වැනි හේතු නිසා අසරණ විය යුතු නැත. තවත් කතාන්තරයක් කියා මේ ලිපිය අවසන් කරනු කැමැත්තෙමි.

මා රාජ්‍ය සේවයෙහි සිටි කාලයේ එක් වැඩිහිටි විවාහක යෙහෙළියක මා සොයා පැමිණී සිටියාය. ඒ හමුව අතර, මගේ කාර්යාලයේ තරුණ ලිපිකරුවකු ලිපි ගොනුවක් ගෙන මා හමුවට පැමිණියේය. ඔහු දුටු මගේ යෙහෙළියක මෙසේ ඇසුවාය.

‘‘ කවුද ඒ හාදයා....

‘‘මගේ ක්ලාක් කෙනෙක්.. ඇයි මොකක්ද ප්‍රශ්නය... මම පෙරළා විමසා සිටියෙමි.

‘‘ නෑ බං මට ඒකා හොයාගෙන යන්න හිතෙනවා. එසේ කී ඇය සිනාසුනාය. මම ඇය දෙස බලා සිටියෙමි. කෙළිලොල් කතා කියන ඒ මිතුරිය ගැන මට ඇති වුණේ දයාබර අනුකම්පාවකි.

‘‘ඔනැ නම් පණිවිඩයක් එක්ක කියන්න ගෙදරට එවන්න පුළුවන්.. මා ඊට ප්‍රතික්‍රියා දැක්වූයේ එසේය.

‘‘පිස්සුද මම කසාද බැන්ද ගැහැනියක්.....

හැඩවැඩ තරුණියක දකින පිරිමින් දෙදෙනකු අතර මෙවැනි දෙබසක් ඇති වීම සාමාන්‍ය දෙයකි. අර කාන්තාවට එවැනි හැඟීමක් ඇතිවීම අරුමයක් නොවේ. මා මේ උදාහරණය දක්වන්නේ මේ සාකච්ඡාවට ඇයගේ ප්‍රකාශය වැදගත් නිසාය. හෙවත් ඇය ගැහැනියක නිසාය.

ඉහතින් කී ගැහැනු දෙදෙනා සහ මේ කාන්තාව එක පෙළට තබා සිතන්න. මම ඔබගෙන් එයින් වඩා හොඳ කවුදැයි නො අසමි. මම මෙසේ කියමි ‘‘මිනිස්සු එහෙමය.’’ අප කළ යුත්තේ ජීවිතය බෙදා ගැනීම මිස බදා ගැනිම නොවේ. ජීවිතය යනු සුන්දර වීඳීමකි. එය කිසි විටෙක අවාසනාවන්ත විඳවීමක් කරගත යුතු නැත. මේ විග්‍රහය සමඟ අප වටකොට සිටින අර සංස්කෘතික කූඩුව තේරුම් ගැනීමට උත්සාහ කරන්න. කළ යුත්තේ කිසිවකු ඒ සංස්කෘතියේ භාර කාරයන් නොවී සිටීම පමණකි. සංස්කෘතිය යනු ජීවිතයේ කොටසක්ද? උත්තරය නැත යන්න නම් ඔබට ජීවිතය විඳීය හැකිය. නැතහොත් ............ ? එය හරියටම සිංහල අළුත් අවුරුද්දට සංස්කෘතික පුරුද්දට කැවුම් බැද මේසයට තැබීම හා ඒවා කෑමෙන් වැළකීම වාගේ හිස් දෙයකි. සෞඛ්‍යට අයහපත් නිසා කැවුම් නො කති. සංස්කෘතියේ අයහපත් දේ භාවිතයෙන් අප ඈත් විය යුතු වේ.

කත­කුයි මහළු ඇම­ති­යෙ­කුයි ගොස්                   රවුම
අත­ටම ගෙ හිමිට අසු­වෙලා ගෙහි­මිට කළ         බැවුම
අත­කින් බොඩිය අත­කින් ගෙන        යට        ගවොම 
ලත­වුනි එතන යන්තම් වහ­ගෙන                     කැවුම

පී. මලල්ගොඩ කවියා, ලේ සලකුණ නම් ග්‍ර‍්‍රන්ථයෙහි මහළු අවිවාහක ඇමතියකු කාන්තාවක සමඟ එක්ව සිට කෙනෙකුට හසුවූ බව විස්තර කරයි. මලල්ගොඩ එකී සිද්ධිය අවසන් කරන කවිය මෙසේය.

මෙහි දී මලල්ගොඩ කැවුම ලෙස දක්වන්නේ අවුරුද්දට මේසයට කැඳවන එහෙත් අප නොකන අප භාර කාරයන්වී සිටින අපේ සංස්කෘතියටය.

 

Comments