
මෙවර යුද්ධය හා සාමය පිළිබද කවි දෙකක් පළවේ. විල්ෆ්‍රඩ් ඔවන් විසින් රචිත කවිය යුද්ධය ගැන ඇති වීර කථිකාවලට එරෙහි වන යුද්ධයේ ඇත්ත තත්ත්වය පෙන්වා දක්වන ප්‍රසිද්ධ කවියකි.
Dulce et Decorum E
WILFRED OWEN
Bent double, like old beggars under sacks,
Knock-kneed, coughing like hags,
we cursed through sludge,
Till on the haunting flares we turned our backs,
And towards our distant rest began to trudge.
Men marched asleep. Many had lost their boots,
But limped on, blood-shod. All went lame; all blind;
Drunk with fatigue; deaf even to the hoots
Of gas-shells dropping softly behind.
Gas! GAS! Quick, boys!—An ecstasy of fumbling
Fitting the clumsy helmets just in time,
But someone still was yelling out and stumbling
And flound’ring like a man in fire or lime.—
Dim through the misty panes and thick green light,
As under a green sea, I saw him drowning.
In all my dreams before my helpless sight,
He plunges at me, guttering, choking, drowning.
If in some smothering dreams, you too could pace
Behind the wagon that we flung him in,
And watch the white eyes writhing in his face,
His hanging face, like a devil’s sick of sin;
If you could hear, at every jolt, the blood
Come gargling from the froth-corrupted lungs,
Obscene as cancer, bitter as the cud
Of vile, incurable sores on innocent tongues,—
My friend, you would not tell with such high zest
To children ardent for some desperate glory,
The old Lie: Dulce et decorum est
Pro patria mori.
දෙකට නැමී, මහලු යාචකයන් සේ
ගෝනි කරතියන් යන,
දනිස් ගැටෙමින්, වයසක ගැහැණුන් මෙන්
කැහැ කැහැ, අපි මඩේ බැන බැන ඇවිද්දෙමු,
හොල්මන් කරන එළි වලට පිටුපාන තෙක්,
ඉන් පසු ඈත විවේකයක් කරා ගමන් කිරීමට
පටන් ගත්තෙමු.
මිනිස්සු පිය නැගුවේ නින්දෙන් ය.
බොහොමයක ගේ බූට්ස් නැති වී තිබුණි
එහෙත් ඔවුහු කොර ගසමින් ගියෝය, ලේ වැකුණු පා වලින්. හැමෝම කොරය;හැමෝම අන්ධය;
වෙහෙසින් බීමත්ව; බිහිරි වී, හූවට ද
පිටුපසින් හිමිහිට වැටෙන ගෑස් ෂෙල්වල.
ගෑස්! ගෑස්! ඉක්මනට කොල්ලනේ! -
අන්ත කළබලයක්,
හුරුබුහුටි නොවූ හෙල්මට් පළද වා ගන්න
වෙලාවට;
එහෙත් එක්කෙනෙක් තවමත් කෑ ගහයි,
පා පටලවා ගනි යි
ගින්නට හෝ සුදු හුණු වල වැටුණු
මිනිසකු මෙන් දගලමින්. . . .
අපහැදැලිව, දුම් වැකුණු කවුළුවෙන් සහඝන
කොළ එලිය තුළින්,
කොළ පාට සාගරයක මෙන්,ඔහු ගිලෙනුමම දුටිමි.
මගේ සිහින වල, කිසිවක් කර කියා ගත
නොහැකි මගේ දෘෂ්ටි පථය තුළ
ඔහු මා වෙත කඩා පනී, උගුර ගොර
ගොර ගාමින්, හුස්ම හිරවී, ගිලෙමින්.
යම් හුස්ම හිර කරවන සිහිනයක් තුළ,
ඔබටත් පුළුවන්නම් ඇවිදීමට
කරත්තය පිටුපස,අපි ඔහුව වීසි කළ,
බැලීමට හැකි නම් ඔහුගේ සුදුවන් වූ
ඇස් මුහුණේ නලියන අයුරු
ඔහුගේ එල්ලෙන මුහුණ, පව් එපා වුනු
යකෙකුගේ මෙන් වූ
ඔබට පුළුවන් නම් ඇසීමට, හැම ගැස්සීමකටම,
ලේ, පෙණින් විස වුණු පෙනහැලිවලින් ගොර
ගොර ගා පිට වුණු සැටි,
පිළිකාවක් මෙන් පිළිකුල්, තිත්ත, වමාරන දෑ මෙන්
අහිංසක දිවවල් වල ඇති, ජරා,හොඳ
නොවන තුවාලවලින් එන,
මගේ මිතුර, ඔබ නොකියනු ඇත, මෙතරම්
ඉමහත් උද්යෝගයෙන්
ළමයින්ට, මොනයම් හෝ ජයග්රොහනයක්
අවශ්යෙය වී සිටින,
ඒ පැරණි බොරු ව: මිහිරියි සුදුසු යි
මව්බිම වෙනුවෙන් දිවි පිදීම
Dulce et Decorum Est
මෙම වචන ලතින් භාෂාවට අයත්ය. එහි තේරුම “මිහිරියි, සුදුසුයි” ය. කවියේ අග මුළු වාක්‍යම ඇති අතර, මෙය හොරස් විසින් රචිත කවියකින් ගත් වැකියක් සේ සැලකේ. තම මව්බිම වෙනුවෙන් දිවි පිදීම වර්ණනා කරන මෙම වැකිය පළමුවැනි ලෝක යුද්ධය පටන් ගත් සමයේ බොහෝ විට භාවිතා කළ කියමනක් සේ සැලකේ.
විල්ෆ්‍රඩ් ඔවන් යනු පළමුවැනි ලෝක යුද්ධ සමයේ විසූ ප්‍රධානතම යුධ විරෝධී කවියා ලෙස සැලකේ. ඔහුගේ බොහෝ කවි ලියා ඇත්තේ 1917 අගෝස්තු සිට 1918 සැප්තැම්බර් කාලය තුළ ය. ඔහු අවුරුදු 25 දී, 1918 නොවැම්බර් මාසයේ මිය ගියේ යුද්ධය අවසන් කිරීමට සාම සාකච්ඡා පටන් ගැනීමට සතියකට පෙරය. මෙම
Peace work
MDR
Peace work is quiet, like morning dew
Peace’s work treads softly
beyond cameras and mics
Afraid of hurting,
afraid of sudden movement,
Afraid of not much else.
It does not grab headlines.
It does not rouse people to cheer
Instead it makes them stand,
wondering at tears
They see for the first time
Immobile. Torchlessclubless
Hands on cheek, wide eyed.
Peace work is slow.
Invisible almost,
as contours of hearts are touched
And changed, softly, slowly, if lucky.
Peace work is not for the impatient.
Peace work is back-breaking, heart
Breaking, power breaking.
Peace work is hard. Harder. Suicidal.
Peace work does not win votes.
***
සාම කටයුතු
MDR
සාම කටයුතු නිහඬය, උදෑසන පිනි මෙන්
සාම කටයුතු හෙමින් පියනඟයි,
කැමරාවලට හා මයික්රෆෝනයන්ට ඔබ්බෙන්,
රිදීමට බයෙ, හදිසි සෙලවීම්වලට බයෙන්,
වෙනත් කිසි දේකට බිය නොවෙමින්
ඒවා ශීර්ෂ පාඨ බවට නො පෙරළේ
ඒවා ඔල්වරසන් දීමට මිනිසුන්ව නොපොලඹවයි
ඒ වෙනුවට ඔවුන් ව සිටවා තබයි, පුදුමයෙන්
බලන්නට කඳුළු දෙස
ඔවුන් මුල්වරට දකින
නොසෙල් වී. පන්දම් රහිත මුගුරු රහිත
අත් දෙකම්මුළුවල රඳවා, ඇස් අයාගෙන.
සාම කටයුතු හෙමින් දිග හැරෙයි
අදෘෂ්යයයමාන වීමට තරම් නොපෙනේ,
හදවත්වල හැඩයන් අල්ලනා විට
වාසනාවන්ත නම්, හෙමිහිට මුදු ලෙස වෙනස්
කිරීමට.
සාම කටයුතු නොඉවසිලිවන්තයන්ට නොවේ.
සාම කටයුතු කොන්ද කඩා දායි,පපුව
පලයි, බලය බිඳ දායි.
සාම කටයුතු දුෂ්කරය, වඩාත් දුෂ්කරය.
සිය දිවි හානි කරවන සුලුය.
සාම කටයුතු ඡන්ද නොදිනයි