
පුරාණ සමාජයේ සමාජ විවිධත්වය හඳුනාගැනීම උදෙසා පූර්වයෙහි පුරාවිද්‍යා අධ්‍යයනයන්හි යෙදුණු පර්යේෂකයන් අභිලේඛන තොරතුරු භාවිත කොට ඇත. සෙනරත් පරණවිතාන මහතා පූර්ව බ්‍රහ්මීය ශිලා ලේඛන ඇසුරෙන් සමාජයේ විවිධත්වය හඳුනාගෙන තිබේ. සී.ඩබ්. නිකල්ස් ශිලා ලේඛන මෙන්ම වංශකතා මූලාශ්‍රයන් ද ඒ සඳහා භාවිත කොට ඇත. ශිලා ලේඛන මූලාශ්‍රය පිළිබඳ විශ්වාසය තැබූ පර්යේෂකයෝ රැසකි. එහෙත් වංශකතා මූලාශ්‍රයන් බොහෝ සෙයින් එය රචිත කාලයේ දේශපාලනික ආර්ථික හා සමාජ තත්ත්වයන් හා රචකයන්ගේ රුචිඅරුචිකම් මත වෙනස්වීම්වලට භාජනය වී ඇති බව වටහාගත යුතුය.
මානව සමාජයේ ව්‍යාප්තිය හා වර්ධනය කෙරෙහි බලපාන ප්‍රධාන සාධකය ජලයයි. ලෝකයේ ජනාවාස ඉදි වීම ජල පෝෂක ප්‍රදේශ ආසන්නයේ ම සිදු විය. ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තය පිළිබඳ දිගු ඉතිහාසයක් ඇති බව විමර්ශන මඟින් අනාවරණය කරගෙන ඇත. පුරාණ ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තයේ වර්ධනය කෙරෙහි බලපෑ සමාජ අවකාශය පිළිබඳ අධ්‍යයනය සඳහා පුරාවිද්‍යා විෂය ක්ෂේත්‍රය මගින් පුළුල් අධ්‍යයනයක් කළ යුතු වේ. දිගු කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තය හා ඒවායේ ව්‍යාප්තිය ආරම්භය පිළිබඳ අධ්‍යයනයක යෙදුණු ආචාර්ය චන්දන රෝහණ විතානාච්චි රජරට විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙකි. ඔහුගේ අධ්‍යයනය අනුව මෙරට වාරි කර්මාන්තය යනු හුදෙකලා ලෙස බිහි වූවක් නොවේ. එය පූර්ණ වශයෙන්ම මානව අවශ්‍යතා අරබයා නිර්මාණය වූවකි. එය තහවුරු කිරීම උදෙසා පුරාණ ලංකාවේ වාරි කර්මාන්තය බිහි වීම උදෙසා මූලික වූ හේතු සාධක හා එය ක්‍රමයෙන් වර්ධනය වීම සඳහා වාරි කර්මාන්ත ක්ෂේත්‍රයේ විවිධ අංශ ගොඩනැගීමට බලපෑ සමාජ ක්‍රියාකාරිත්වය හඳුනාගැනීමට ඔහු අවධානය යොමු කරයි.
ශ්‍රී ලංකාවේ පුරාතන අවධීන් පිළබඳ සමාජ පුරාවිද්‍යාත්මක අධ්‍යයනය සිදු කිරීමේ දී ඒ ඒ අවධියේ විසූ ජන කණ්ඩායම්හි විවිධත්වය පරිපාලන සංවිධාන, සමාජ නායකත්වය, සම්පත් පරිහරණය හා ආර්ථික ක්‍රියාවලිය පිළිබඳ මෙන්ම පුද්ගලයන් සතු විශේෂ ප්‍රාගුණ්‍යය පිළිබඳ අවධානය යොමු කර තිබේ. එසේ විවිධ මානයන් ඔස්සේ සමාජ විහිදීම අධ්‍යයනයට හේතු වූයේ සමාජය විවිධ පරාසයන් තුළ ක්‍රියාත්මක වන මානව ක්‍රියාදාමයක් බැවිනි.
පුරාණ සමාජයේ සමාජ විවිධත්වය හඳුනාගැනීම උදෙසා පූර්වයෙහි පුරාවිද්‍යා අධ්‍යයනයන්හි යෙදුණු පර්යේෂකයන් විසින් අභිලේඛන තොරතුරු භාවිත කොට ඇත. සෙනරත් පරණවිතාන මහතා පූර්ව බ්‍රහ්මීය ශිලා ලේඛන ඇසුරෙන් සමාජයේ විවිධත්වය හඳුනාගෙන තිබේ. සී.ඩබ්. නිකල්ස් ශිලා ලේඛන මෙන්ම වංශකතා මූලාශ්‍රයන් ද ඒ සඳහා භාවිත කොට ඇත. ශිලා ලේඛන මූලාශ්‍රය පිළිබඳ විශ්වාසය තැබූ පර්යේෂකයන් රැසක් ඇත. එහෙත් වංශකතා මූලාශ්‍රයන් බොහෝ සෙයින් එය රචිත කාලයේ දේශපාලනික ආර්ථික හා සමාජ තත්තවයන් හා රචකයන්ගේ රුචිඅරුචිකම් මත වෙනස්වීම්වලට භාජනය වී ඇති බව වටහාගත යුතුය. ජනප්‍රවාදයන් ඔස්සේ පැමිණි තොරතුරු කාලයත් සමඟ විකෘති විම සිදු වන්නකි. එබැවින් ශිලා ලේඛන තොරතුරු සමකාලීන හා විශ්වසනීය වේ.
මේ අනුව ලංකාවේ පූර්ව බ්‍රහ්මීය ශිලා ලේඛනවල සිට අනුරාධපුර යුගයේ අවසන දක්වා ශිලා ලේඛන හා පොලොන්නරු යුගයේ ශිලා ලේඛන ඇසුරෙන් සත්‍ය තොරතුරු අනාවරණය කරගැනීමට හැකියාව තිබේ.
ලෝකයේ බොහෝ ජනාවාස ඉදි වී ඇත්තේ ගංගා නිම්න ශිෂ්ටාචාර වශයෙනි. එහි දී ගඟ හේතුවෙන් පෝෂණය වන කිසියම් ප්‍රදේශයක් සීමා කොට ජනාවාස බිහි වේ. නයිල්, යුප්‍රට්‍රීස්, ටයිග්‍රීස් මෙන්ම ඉන්දු නිම්න ශිෂ්ටාචාරයද උදාහරණ ලෙස ගත හැකිය. ශ්‍රී ලංකාවේ පුරාතන සමාජය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේ දී පැහැදිලි වන ප්‍රධාන කරුණ වන්නේ එය ගඟ හෝ ඔය ලෙසින් හඳුන්වනු ලබන කිසියම් ජල මාර්ගයක් කේන්ද්‍රකොට ගෙන බිහි වූ ශිෂ්ටාචාරයක් නොවන බවයි.
ශ්‍රී ලංකාවේ පූර්ව හා අපර බ්‍රහ්මීය ශිලා ලේඛන පැතිර යෑම අනුව පැහැදිලි වන්නේ පුරාතන සමාජය ජලමාර්ග සමීපයෙන් මෙන්ම නිම්නයන්ගෙන් වඩාත් දුරස් ප්‍රදේශයන්හිද ජනාවාස බිහි කරගත් බවයි. නිම්නයෙන් දූරස්ථ භූමිය පෝෂණය කිරීම සඳහා අවශ්‍ය කටයුතු වැව හා අමුණ මුල් කරගත් වාරික්‍රමය පදනම් කොටගෙන සිදු කළ බව හඳුනාගත හැකිය. එබැවින් පුරාණ ශ්‍රී ලාංකේය සමාජය වාරි මූලික ශිෂ්ටාචාරයක් (irrigation oriented civiliZation) ලෙස හඳුන්වා දිය හැකි බව ආචාර්ය චන්දන රෝහණ විතානාච්චි පවසයි.
වාරි ශිෂ්ටාචාරය නියෝජනය කරන සමාජය තුළ වාරි කර්මාන්තය මූලික ආයෝජනයක් ලෙස සලකා ඇත. එය රටේ ප්‍රධාන ධනයක් විය. ධාතුසේන රජු කලා වැව තමන්ගේ ධනය යැයි කීවේ එබැවින්ය.
මේ වාරි මූලික ශිෂ්ටාචාරය තුළ දැකිය හැකි විශේෂත්වය ලෙස ප්‍රධාන හෝ උපප්‍රධන නිම්නවල පිහිටි ස්වාභාවික ජල මාර්ගයන් හි ජලය වාරික්‍රමෝපායන් භාවිතයෙන් ප්‍රයෝජනයට ගැනීමය. ඒ හැරුණු විට වැසි ජලය කළමනාකරණයද වාරි මූලික ශිෂ්ටාචාරය තුළ හඳුනාගත හැකිය.
ලංකාවේ වියළි කාලය හා අන්තර්කලාප ආශ්‍රිතව දක්නට ලැබෙන කුඩා වැව් රාශියක් වැසි ජලය මත පෝෂණය විය.
මේ වැව් තුළ වැසි ජලය රැස්කොට කෘෂි කාර්මික හා අනෙකුත් අවශ්‍යතා සඳහා විධිමත් ආකාරයෙන් ප්‍රයෝජනයට ගෙන තිබේ.
ලෝකයේ වැසි ජලය කළමනාකරණය පිළිබඳ පැරණිම නිදසුන් හමු වන්නේ ශ්‍රී ලංකාවේ වියළි කලාපීය වාරිමූලික ශිෂ්ටාචාරයෙනි. මුල ඓතිහාසික අවධියේ (Early Historic period) වියළි කලාපයට වැව් හඳුන්වා දෙනු ලබන්නේ කෘෂි කර්මාන්තයට අවශ්‍ය ජල සම්පාදනයට පහසු විසඳුමක් වශයෙනි.
ගංගා නිම්නයන්හි ජනාවාස ඉදි කරගත් ප්‍රෝටෝ ඓතිහාසික ජනයා අතරින් ආදිතමයා තාවකාලික වැටි වේලි ආදිය යොදා ගනිමින් කෘෂි බිම් සඳහා ජලය ලබා ගත් බව ආචාර්ය විතානාච්චි පවසයි. ක්‍රමයෙන් ජනගහන වර්ධය සමඟ ජල සම්පාදනය ප්‍රමාණවත් නොවූ හෙයින් තැනිතලා භුමියේ ඇති තිරස්වැටි හා උස් බිම් උපයෝගී කරගනිමින් කුඩා වැව් තනාගනිමින් අහස් දිය රැස් කර කෘෂි කර්මාන්තයට යොමු වී තිබේ. ප්‍රෝටෝ ඓතිහාසික අවධිය වන විට අධ්‍යයන ක්ෂෙත්‍රයේහි පැවැති විස්තාරිත ජනාවාස රටාව හඳුනා ගැනීමට හැකි වි තිබේ. එයට සාධක ලෙස එම යුගය නියෝජනය කරන සුසාන භුමිවල විසිරුම් රටාව අනුව එය තීරණය කිරීමට හැකියාව තිබේ.
මේ ජනාවාස ක්ෂුද්‍ර ජනාවාස ලෙස පැවැති බව ඉන් අනුමාන කෙරේ. මේ ක්ෂුද්‍ර ග්‍රාමීය ජනාවාසයන් ස්ථානගත වීමේ දී භුමියේ ස්වභාවය පිළිබඳ වැඩි අවධානයක් යොමු කොට ඇත. කෘෂිකර්මය සඳහා යෝග්‍ය පාංශු රටාවක් තිබීම කෙරෙහි, කෘෂිකර්මය හා අනෙකුත් අවශ්‍යතා සඳහා ජලසම්පාදන ක්‍රමයක් සකසාගැනීමේ හැකියාව පිළිබඳ අවධානය යොමු කර ඇත.
ප්‍රෝටෝ ඓතිහාසික මුල් යකඩ යුගයේ ජනයා භුමියේ පිහිටිම උපයෝගී කරගනිමින් ස්වාභාවික පතස් හා පහත් භුමි ආවරණය වන පරිදි වඩා නොඋස් වේලි බැඳ කුඩා ප්‍රමාණයේ වැව් සකස් කරගෙන තිබෙන බව ආචාර්ය රෝහණ විතානාරච්චි මහතා පවසයි.
අධ්‍යයන ක්ෂේත්‍රයේ පිහිටි සුසාන සහිත ස්ථාන රැසකින් හඳුනාගත හැකි කුඩා ප්‍රමාණයේ වැව් පිළිබඳ සාක්ෂි මෙයට නිදසුනක් වේ. ඉබ්බන්කටුව ආශ්‍රිත ඉදමොරළුව වැව, යාපහුව කොණ්ඩදෙණිය සුසානය අවට පිහිටි කුඩා වැව්, ගුරුගල් හින්න සන්දනම්කුලම, සියඹල ගස් වැව, මෙන්ම පොම්පරිප්පුව සුසානය ආශ්‍රිත කුඩා වැව් කොක් ඇඹේ සුසානය සමීපයේ දක්නට ලැබෙන වැව් හා ඇළ මාර්ග, තම්මැන්නා ගොඩැල්ල සුසානය සමීපයෙන් හමු වන වැව් හා වඩිගවැව සුසාන භූමිය ආසන්නයේ හමු වන කුඩා වැව් මෙයට නිදසුන් වේ.
ඉහත දැක්වූ මහා ශිලායුගයට අයත් යැයි දැක්වෙන මෙගලිතික සුසාන හා වැව් අතර ඇති සබඳතාව පැහැදිලි කරගැනීම සඳහා පොම්පරිප්පුව සුසානය හා ඒ අසල වූ වැව පිළිබඳ පුරාවිද්‍යාඥයන්ගේ අවධානය යොමුව තිබේ.
විජයාගමනයට පෙර මෙරට ජලය රැස් කිරීමේ ක්‍රමවේදයක් පැවැතිබව වංශකතා මූලාශ්‍රය තහවුරු කරයි. විජය කුවේනි පුවතින් කියැවෙන පොකුණු පණ්ඩුකාභය කතාවේ එන තිඹිරියාය වැව මෙයට නිදසුන්ය.
ශ්‍රී ලංකාවේ ජනයා කෘෂිකර්මාන්තයට නැඹුරු වීම පිළිබඳ කාලනිර්ණ දත්ත ක්‍රිස්තු පූර්වයෙන් වසර 3750ට ආසන්න කාලය ඉක්මවන බව මහාචාර්ය රාජ් සොමදේවයන්ගේ ගවේෂණ ඇසුරෙන් තහවුරු වී තිබේ. එය ඊටත් එපිටට යෑමට ඉඩ තිබේ. මක් නිසාද යත්: ලෝකයේ යකඩ භාවිතය පිළිබඳ පැරැණිම දිනය වාර්තා වී ඇත්තේ ශ්‍රී ලංකාවෙන් වන බැවිනි. කලා ඔය හා යාන්ඔය ආශ්‍රිත අධ්‍යයනයන්හි දී ඇතැම් අමුණුවලින් හඳුනාගත හැකි ඇතැම් ශිලා කණ්ඩ පිහිටීමේ ස්වභාවය හා විභේදන රටා නිරීක්ෂණය කිරීමේ දී පැහැදිලි වූ කරුණ ලෙස ආචාර්ය විතානාරච්චි පවසන්නේ ඒවා අමුණක ප්‍රාථමික අවධිය නියෝජනය කරන බවයි.
ප්‍රෝටෝ ඓතිහාසික යුගයේ පැවැති කුඩා වාරිමාර්ග ක්‍රමය ආරම්භ වීම කෙරෙහි එවකට විසූ ජනතාව සතු මුල් යකඩ යුගයේ තාක්ෂණය හා ලෝහ මෙවලම් භාවිත කරන්නට ඇති බව ආචාර්ය චන්දන රෝහණ විතානාරච්චි පවසයි. මෙගලිතික සුසාන සඳහා අවශ්‍ය ශිලා මෙවලම් විභේදනය සඳහා මෙන්ම කෘෂිකාර්මික හා අනෙකුත් කටයුතු සඳහා අවශ්‍ය උපකරණ නිපදවාගැනීම පිණිස වානේ භාවිතය සාර්ථකව සිදු කරන්නට ඇති බව හඳුනාගත් බව ආචාර්ය විතානාච්චි පවසයි. වැව් නිර්මාණයටද මේ ලෝහ උපකරණ භාවිතය ඉවහල් වන්නට ඇත.
අනුරාධ පුර යුගයේ මුල් ජල කළමනාකරණයට පදනම මූල ඓතිහාසික යුගයේ වැටුණු බව පවසන ආචාර්ය චන්දන රෝහණ විතානාච්චි අනුරාධපුරයේ වැව් නිර්මාණයට ප්‍රධාන වශයෙන් දීඝ පාෂාණයේ පිහිටීම බලපා තිබෙන බව පවසයි.
මේ පිළිබඳ 2016 වසරේ දී ජේතවන ව්‍යාපෘතිය යටතේ දීඝ පාෂාණය හරහා තිසා වැව් තාවල්ල දක්වාත් මල්වතුඔය දක්වාත් ගන්නා ලද මිණුම් හරස්කඩ අනුව භූමියෙ බැස්ම හඳුනා ගත් බවත් ඒ පිහිටීම ස්වභාවිකව වතුර රැස් වන පතස් (hollow) නිර්මාණයට බලපා ඇති බවත් ප්‍රකාශ කරයි.