බට­හිර තර්ක­යෙන් ගිලි­හුණු පෙර­දිග සෞන්ද­ර්යය | සිළුමිණ

බට­හිර තර්ක­යෙන් ගිලි­හුණු පෙර­දිග සෞන්ද­ර්යය

වර්තමානයේ අධ්‍යාපනය හුදෙක් දැනුම ලබාගැනීමක්ම නොව අනෙකා අබිබවා යෑමේ ක්‍රමවේදයක් වී හමාරය. මේ නිසා බොහෝ පුද්ගලයෝ පුද්ගලවාදීව නොව සමාජවාදීව අනුගත වී අධ්‍යාපනයේ ඉලක්ක සොයා යති. පෙරදිග සංස්කෘතික ගති ලක්ෂණ ඉක්මවා ගොස් තර්කවාදී න්‍යායකට මං විවර වූයේ මෙහි ප්‍රතිඵලයක් වශයෙනි. සංවේදී සෞන්දර්ය වෙනුවට තර්ක ගණිතය මිනිසා අතරට අවතීර්ණ විය. මේ නිසා පුද්ගලයා තර්කවාදි­‍ෙයකු විය. බොහෝ දේ තාර්කිකව පිළිගැනීමට සුදුසු වාතාවරණය සාදා ගැනීමට ඔහු යොමු වූයේය. තාර්කික දර්ශනය, තාර්කික සන්දර්භය සාමාන්‍යකරණය වූයේ මේ නිසාය.

විවිධ පුද්ගලයන්ගේ ප්‍රවීණත්වය විෂයානුබද්ධව වෙනස් වේ. රංගනය, සිනමාව, කලාව මේ සෑම විෂයක්ම විෂයානුගතව වෙනස් වුවත්, ඒ එකිනෙකින් පෙන්නුම් කරන සුවිශේෂී බවද වෙනස් වේ. පැරැන්නෝ තම භාෂා ඥානය ගුරු ගෙදර මුල් ගෙන ඇති කරගත්හ. ශබ්ද නගා කියවීමෙන් පොත පත කියවීමෙන් මතකයේ ධාරණය වු අතර මුඛ පරම්පරාවෙන් ඥාණය ගෙන යාමේ හැකියාවක් අපේ පැරැණියන් අතර තිබූහ. ලංකාවෙ මෙන්ම බොහෝ ආසියාතික රටවල ඉතිහාස මෙබඳු විය. බොහෝ මිනිස්සු තමන්ගේ හැකියාව සෙසු පරම්පරවට ප්‍රදානය කළේ භාෂාවෙනි. කියවා තේරුම් ගැනීම වෙනුවෙන් ග්‍රන්ථාවලියක් එකල නොලියවුණු අතර පුද්ගල විශේෂීකරණය අනුව අන් අයට ප්‍රදානය වූ දැනුමද වෙනස් විය. පසුකාලීන නිර්මාණ ශක්තිය දියුණු වූයේ ගෝත්‍රිකයන්ගේ ගල්ගුහාවල තම සිතැඟි චිත්‍රණය කිරීමෙන් පසුවය. චිත්‍රවලින් යමක් සන්නිවේදනයට මිනිසා හුරුවූයේ මෙයින් පසුවය.

ලංකාවේ ද මිනිස්සු මේ ක්‍රමවේදයට නිතැතින් හුරුවිය. සමාජ සංසිද්ධි අනුකරණය, අනෙකා කෙරෙහි පැවැති තරගය ප්‍රාථමික ගෝත්‍රවලට සීමා වූ අතර සමාජමය පුළුල් වීමත් සමඟ මේ සියල්ල නවීකරණය වී නැවතත් පරපුරෙන් පරපුරට ව්‍යාප්ත විය. වර්තමානයේ අධ්‍යාපනය හුදෙක් දැනුම ලබාගැනීමක්ම නොව අනෙකා අභිබවා යාමේ ක්‍රමවේදයක් වී හමාරය. මේ නිසා බොහෝ පුද්ගලයෝ පුද්ගලවාදීව නොව සමාජවාදීව අනුගත වී අධ්‍යාපනයේ ඉලක්ක සොයා යති. පෙරදිග සංස්කෘතික ගති ලක්ෂණ ඉක්මවා ගොස් තර්කවාදී න්‍යායකට මං විවර වූයේ මෙහි ප්‍රතිඵලයක් වශයෙනි. සංවේදී සෞන්දර්ය වෙනුවට තර්ක ගණිතය මිනිසා අතරට අවතීරණය විය. මේ නිසා පුද්ගලයා තර්කවාදියකු විය. බොහෝ දේ තාර්කිකව පිළිගැනීමට සුදුසු වාතාවරණය සාදා ගැනීමට යොමු වූයේය. තාර්කික දර්ශනය, තාර්කික සන්දර්භය සාමාන්‍යකරණය වූයේ මේ නිසාය.බොහෝ දෙනා තර්කයෙන්ම විෂය කරුණු හැදෑරීමට අවතීර්ණය වූයේය. ජ්‍යාමිත්ත්‍යය, අංක ගණිතය, වීජ ගණිතය පෙරදිග සිසුවාට නුහුරු වුවත් එය කරපින්නා ගැනීමට සිදුවූයේ බටහිර හුරුවෙන් ලැබූ ආභාසයෙනි. බටහිර ගණිත චින්තකයන් අපේ දරුවන්ගේ වීරයන් වූයේ නැත. වීරයන් කරගැනීමට සිදුවූයේය.

දේශීය චින්තනය බටහිර දැනුමෙන් පිරෙන්නට ඉඩ ප්‍රස්ථාව උදා වූයේ මෙහි මූලික ලක්ෂණය වශයෙනි. මේ නිසා අපරදිග රටවල අත්හදා බැලීමෙන් මෙරටට අනුගත කිරීමට බලධාරියෝ උත්සාහ කළහ. මේ අනුව පැවැති අධ්‍යාපන රටාවට විදේශීය ආදේශකයන් එක් විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස ගණිතය විෂය හෙළ විෂය නිර්දේශයට පැමිණියේය.

මෙතෙක් සංවේදීව සෞන්දර්යවාදීව ලත් අධ්‍යාපනය එකිනෙහිම ගැටලු සහිත වීම නිසා මෙහි අනුචිත බව දරුවන්ට සැබැවින්ම දැනෙන්නට විය. එහෙත් නිර්දේශය අනුව ඊට අනුගත වීමට සිද්ධවීම නිසා අකමැත්තෙන් වුවත් ගණිතයට යොමු වීමට දරුවන්ට සිදුවිය. තර්ක බුද්ධිය විමසුම් ඇස, බුද්ධිය පිළිබඳ නිර්ණායක ලෙස ගණිතය පෙනී සිටීම තවත් ප්‍රබල ප්‍රශ්නයක් විය. මෙයින් අධ්‍යාපන විඥාණය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට ඇති කැඩපතක් ලෙස ගණිතය දකින්නට විය. බොහෝ අධ්‍යාපඥයෝ තම මනෝමූලික ක්‍රියාදාමයන් මෙහෙවමින් ගණිතයට සුවිශේෂ ස්ථානයක් ලබා දීමට කටයුතු කළහ. එහෙත් එය එක් විටක් ව්‍යර්ථ වූ පමණින්ම ඔවුහු එය අත්හැර නොදැමූහ. දැනුම් ලාභියකුගේ දැනුමේ උත්කෘෂ්ට බව ගණිත ඥාණයෙන් ඔප්පු වන බවට ඔවුහු එකහෙළාම කියූහ.

මෙතෙක් අකුරු පේළි අතර සැරිසැරූ සෞන්දර්යවාදියා සැණෙන් ගණිත ඥානය පිළිබඳ පූර්ණත්වයට පත්වන්නේ කෙලෙස ද යන ප්‍රශ්නය අතර දරුවෝ අතරමං වූහ. එහෙත් එයට විසඳුමක් නොවුණි. මේ නිසා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ ගණිතය ඉගෙනගැනීමට ඔවුන්ට සිදුවිය. ‍ඛේදාන්තය එයම නොවීය. ගණිතය අත්‍යවශ්‍ය විෂයක් වීමය. ගණිතය අසමත් වූවෙකුගේ ජීවිතයේ ඉදිරි මං පෙත් ඇහැරීමය. මේ තත්ත්වයේ අවසානය දරුවා යන්ත්‍රයක් බවට පත්වීමය.

කෙසේ හෝ ගණිතය සමත් විය යුතුයි යන අරමුණට දරුවා පිළිපන්නේ සමාජ අවශ්‍යතාව මත මිස තම පුද්ගල අවශ්‍යතාව මත නොවේ. සාමාජයෙන් දරුවාට නිර්දේශ කළ ආකාරයට ඔහු ගණිතය හැදෑරීමට තීරණය කළේය. විෂයට අකැමැති නමුත් ගණිතයෙන් පැන යා නොහැකිය. එයට හේතුව විෂය නිර්දේශයට ගණිතය අන්තර්ගත වීමය. ගණිතය අසමත් වූවොත් ඔහුට උසස් පෙළ හැදෑරීමට නොහැකිය. නැතහොත් මෙතෙක් තිබූ වලංගු බව සමාජීය වශයෙන් ඔහුට අහිමි වනු ඇත. මේ නිසා ගණිතය සම්බන්ධ ගෝලය දිනා ගැනීමට බොහෝ සිසුහු අකැමැත්තෙන් වුව ද සටන් වදිති. ක්ෂේත්‍රයකදී ගණිතයේ විශිෂ්ටයකු වීම කලාකාරයකු වීමට වඩා අභිමානයක් බව සමාජය විසින් අණ කරනු ලැබ ඇත. සරල පෙරදිග සම්මත අධ්‍යාපන රටාව බිඳ වැටී දරුවා හුදෙක් තරගකරුවකුම පමණක් විය. සමාජීය වශයෙන් පරිසරයෙන් ලැබූ සොඳුරු බව ඔහුගෙන් ගිලිහී ගියේය. අවසානයේ දී තාර්කිකව ගෝලයක් ලබා ගැනීම වෙනුවෙන් අරගලයක යෙදෙන පුද්ගලයකු බවට පමණක් දරුවා පත් විය.

එහෙත් පෙරදිග සංස්කෘතියට මේ කිසිවක් මෙතෙක් හුරු නොවීය. අපහසුවෙන් දුවන ධාවනයේ අවසන ධාවකයෝ හති වැටෙති. මේ නිසා දරුවා තමන්ට දේශීය හුරුවෙන් ආ ස්වයං මාර්ගයට නිතැතින්ම පිළිපන්නේය. මේ නිසා හුදෙක් ආයාසයෙන් එළඹීමට තැත් කළ ද පෙරදිග ඌරුවෙන් ලත් නිසඟ ආශාව දරුවාගෙන් ඉවතට තල්ලු කරයි.

මේ නිසා බොහෝ දරුවෝ ගණිතය අසමත් වෙති. මෙයට හේතුව පෙරදිග සෞන්දර්වාදී චින්තනය බව අප අමතක නොකළ යුතුය. බොහෝ පෙරදිග මිනිස්සු තාර්කික විඥාණය මුදුන් පමුණුවා ගත් අය නොවීමත් ගණිතයේ දුර්වලයන් වීමට එක් හේතුවකි. පෙරදිග දරුවන්ගේ ජානමය හුරුව ඇත්තේ තර්ක බුද්ධියට නොව සෞන්දර්යවාදී සමාජ චින්තනයටය. මෙය ද ගණිතයේ දක්ෂයන් නොවීමට හේතුවකි. මේ සිද්ධාන්තය ලංකාවට පොදුය. ලංකාව වූ කලී හුදෙක් පෙරදිග හුරුවක් ලත් දේශයක් බැවින් අපේ දේශයේ දරුවන් ද ගණිතයට වැඩි ධාරිතාවක් කැප කිරීම සාමාන්‍ය තත්ත්වයකි. මෙය ස්ත්‍රී පුරුෂ යැයි බෙදීමක් නැත. වර්තමානයේ වැඩිපුර ගණිතය අසමත් වන්නේ ශිෂ්‍යාවන් බව සංඛ්‍යා ලේඛනවලින් ඔප්පු වී ඇත. මෙයට හේතුව මුල් පරම්පරාවන්වල ආභාෂය සහ ඔවුන්ගෙන් ලත් හුරුවයි. හුදෙක් සෞන්දර්යවාදී ජනතාවක් තාර්කික කිරීමේ ප්‍රතිඵලය අයහපතක් බව දැන් පෙනෙන්නට තිබුණ ද ඉන් ප්‍ර යෝජනයක් නැත. අප යා යුත්තේ ලෝකය සමඟය. මේ නිසා ලෝකය සමඟ සැසඳීමට නම්, තරග කිරීමට නම් ගණිතය අවශ්‍යය.

නැතිනම් ගෝලීකරණය නම් වූ විහිළුව ඔස්සේ අප ද විහළුවකට බඳුන් වෙනු ඇත. සමාජ ඒකාබද්ධතාව විශ්වීය ගම්මානය මේ සියල්ල අපෙන් බැහැර වී අපද යළි හුදකලා වනු ඇත. එහෙත් යැපුම් ආර්ථිකයක් ඇති අපට එය දැන් නම් කළ නොහැකිය. එයට හේතුව හුදෙක් අප අලස වී හමාර බැවිනි. මේ නිසා අපේකම රැකගෙන ලෝකයට අනුව තාර්කික වීම දැන් කළ යුතුව ඇත. තාර්කික වීමට නම් ගණිතය සහ දර්ශනය අවශ්‍යය.

මේ නිසා ආගන්තුක වුවත් අපේ දෙයක් ලෙස එය පිළිගැනීමට අපට සිදු වනු ඇත. අපේ නොවන අපේම දෙය අපේ කර ගැනීම අපේ යුතුකමකි. මන්ද ගණිතයෙන් බැහැර වීමට අපට නොහැකි වන බැවිනි. මේ නිසා සතත අභ්‍යාසය අපේ දරුවන් විසින් නොපමාව කළ යුතුය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය බී. ඒ. ටෙනිසන් පෙරේරා මහතා සමඟ කළ සාකච්ඡාවක් ඇසුරෙනි.

Comments