
තත්ත්වය තරාතිරම බැලුවත්, අද හැමදෙයක්ම පැෂන් වෙලා පුතේ. හැමෝම බැලුවේ තමන්ගේ දරුවෝ දොස්තරලා කරන්න. එතකොට අනිත් රස්සා කරන්නේ කවුද? සමාජ ආකල්ප වෙනස් කළේ සුද්දා නෙවෙයි පුතේ අපේම ඇත්තන්ගේ උඩඟුකම. ඒත් පුතේ තවමත් එහෙමයි. බොහෝ වෙලාවට සිංහලයාට මුල මතක නෑ කියන්නේ ඕක තමයි. අපේ මිනිස්සුන්ට හරිම හරි ඉක්මනට හැම දෙයක්ම අමතක වෙනවා. ඒ වගේම අපේ අය කැමැති අනුකරණයට. අනුකරණය කියන්නේ එච්චර හොඳ දෙයක් නෙවෙයි. අනුකරණයෙන් කවදාවත් මිනිහෙක් හැදෙන්නේ නැහැ. ජාතිකත්වය ගැන කතා කරන බොහො මිනිස්සු ළඟ තියෙන්නේ වචන ටිකක් විතරමයි.
මගේ මතකේ හැටියට හරියටම වෙසක් පෝය දවසක්. පෝය කියලා නෑ අත්තා එයාගේ රස්සාව දිගටම කළා. එදා ලෙඩ්ඩුත් වෙනදාට වඩා හිටියා. හැමෝම බෙහෙත් අහන්න ආව අය. ඉස්තෝප්පු කාමරය ලෙඩ්ඩුන්ගෙන් පිරිලයි තිබ්බේ. ඒත් ඉතින් ඒ කිසිම දෙයක වගක් අත්තට නම් තිබුණේ නැහැ. කාල වේලාව බලලා මං පේර ගහට ගොඩ වුණා. පේර ගහේ ගෙඩි පිරිලා. ඒ විතරක් නෙවෙයි ලේනෙකුත් හරි හරියට පේර කනවා. සද්දයක් බද්දයක් නැති නිසා අත්තම්මා ඉන්න ඉසව්ව සෝදිසි කරන්න වුණේ ඇගෙන් වැටෙන තහංචිය කුමන ආකාරයෙන් ද යන්න සිතා ගැනීමටවත් නොහැකි නිසාය.
පේර ගෙඩි දහයක් පහළොවක් විතර කඩාගෙන ගහෙන් බහින එක ඒතරම් ලේසි නොවුණත්, එය අමාරුවෙන් හරි කිරීමට මා ගත් උත්සහය ව්‍යර්ථ වුණේ නැහැ. මම කුස්සියට පැමිණෙන විට අත්තම්මා වැල මදුලක රස බලමින් සිටියාය.
තාම ස්ට්‍රයික් එක ඉවර නැතිව ඇති නේද? චූටි අත්තම්මා යමක් අපේක්ෂා කළාය. වෛද්‍යවරියක වූ ලොකු නැන්දා අද වැඩට ගියේ නැත. හිඟ වැටුප් ඉල්ලා ඔවුන් ගෙන ගිය වර්ජනය තවමත් අවසන් නැත. ඇය ද වර්ජකයන් අනුමත කරන බව ඇගේ කතාවලින් පසක් විණි. ඒත් අත්තා ඒ කිසිවක් නොඉල්ලා තවමත් වෙදකමේ නියැලේ. ඔහු ගැන කිසිවෙක් කතා කළේ නැත. ඉඳහිට ලෙඩුන්ගෙන් ලැබුණ සන්තෝෂමක් වුවත් ඔහු ප්‍රතික්ෂේප කළේ දයාබරිතවය.
මේවා මේ දෙයියන්ගේ කාර්යයන්. සුද්දා ආවට පස්සේ හැමදේම අකුරට වුණත් මේ හැම දෙයක්ම අපේ වැඩ. අත්තා සිනා සී කිව්වේ සුහදත්වය හඟවමිනි. නාඩි අල්ලා වෙදකම හරියට කීරීම නිසා නිට්ටාවටම ලෙඩේ සුව වුණා. බොහෝදෙනා අත්තාට පින් දුන්නා. ඉඳ හිට හෝ ලෙඩෙක් ලොකු නැන්දා හමු වීමට ආ විට ඇය ඔහු ආ පසු හරවා යැව්වේ වැඩ අධික බව හඟවමිනි. උදරය සම්බන්ධ විශේෂඥවරයෙක් වූ ඇය දැන සිටියේ උදරය ගැන පමණි. එහෙත් එයට කාල වේලාවක් නැති විය. චැනල් නැත්නම් බෙහෙත් ද නැති බව ඇය කියනු මම අසා ඇත. එහෙත් අත්තාට චැනල් නොතිබුණ අතර තිබුණේ දයානුකම්පාව පමණක්මය.
මගේ කිරි අත්තාගේ කාලේ තමයි සුද්දා මේ රට අල්ලා ගත්තේ. අත්තා කතාව පටන් ගත්තේ ඒ ආකාරයට. අත්තගේ කතා අහන් ඉන්න කම්මැලි නෑ. දේස දීපංකරේ ඉඳලා ආව හැම දෙයක්ම අපි ඉතින් ඉහ මුදුනින් පිළි ගත්තා. කිරි අත්තා එයාගේ හාමිනේ ගන්න කොට මොන නීතියක්වත් තිබිලා නැහැ. තිබිලා තියෙන්නේ විස්වාසේ විතරමයිලු. ඒත් ඉතින් රෝම ලන්දේසි නීතිය හැම දෙයක්ම වෙනස් කළා. මං හිතන්නේ කඩදහි කොළේට විස්වාසේ ගියේ එයින් පස්සේ තමයි. හැමෝම කළා වගේ මමත් උඹලාගේ අත්තම්මා සහේට ගන්න කොට කඩදහි කොළේ අස්සමක් දැම්මා. ඒත් මගේ හිතේ ඊට වඩා දෙයක් තිබුණා. ඒත් පුතේ දැන් හැම දෙයක්ම කඩදහියකට විතරමයි. ආදරේට දින වෙන් කරන්න කියලා අපිට කිව්වේ සුද්දෝ. ආදරේට විතරක් නෙවෙයි හැම දේකටම දින වෙන් කරලා. ආදරේට තියෙන්නේ එක දවසක් වුණහම අනිත් දවස් තුන්සිය හැට හතරම ගෙවිලා යන්නේ වෛරයෙන් ද? අත්තා එහෙම අහලා හිනා වුණා. එක එක කාලෙට එක එක නාඩගම් කියනවා හැරෙන්න මේවාට වෙන මොනව කියන්නද?
රෝම ලන්දේසි නීතයෙන් ගොඩක් දේවල් නීති ගත වෙන්න පටන් ගත්තා.
ලන්දේසිකාරයා ගෙනා නීතිය කියලා කිව්වත් හැමෝම ඒක වැළඳ ගත්තේ ඒ හැටි කාලයක් ගෙවෙන්න මත්තෙන්. හැම දෙයක්ම නීති පොතේ විදිහට තමයි. මේ නිසා නීතිය කතා කරන අය උත්තම වර්ගයට දාල මිනිස්සු කතා කළා. ඒ නිසා හැමෝම හැදුවේ ඒකාලේ තමන්ගේ පුතා අද්වකාත් උන්නාන්සේ කෙනෙක් කරන්න. ඒත් ඒ හැම අම්මා තාත්තා කෙනෙක් ගේම අහිංසක බලාපොරොත්තුවක් හැටියට මං සලක්න්නෙ නැහැ. මේ නිසා රස්සාවලට පිළිගැනීම් ලැබුණා. දොස්තර නීතිඥයා කියලා කිවුවහම කවුරුත් සැලැකුවා. ගමේ කුලියක්-මලියක් කරන මිනිස්සුන්ට තැනක් නැති වුණා.
එදා අපට තිබුණ කලා ශිල්ප, කලාකරුවෝ පරම්පරාවල් පිටින් වෙනත් වෘත්තිවලට මාරු වුණා. මේ නිසා ගොවියන්ගේ පුතාලා කවදාවත් ගොවිතැන් කළේ නැහැ. මේ ඉස්සරහා පාරේ හිටපු සේදිරිස් උන්දැගේ පුතාත් දොස්තර කෙනෙක් වුණේ ඒ විදිහට. මිනිහ කෘෂිකර්මේ නෙවෙයි මොන කර්මයක්වත් දන්නේ නැහැ.
මං හිතන්නේ දැන් කොළඹ චැනල් එකක වැඩ බව උන්දෑම පහුගිය දවසක මාත් එක්ක කිවුවා. පුතා හම්බු වෙන්න උන්දෑටත් පෝළිමක ඉන්න වුණාලු. ඒක මහ විහිළුවක්.
පරම්පරාවෙන්ම ගොවියෝ වෙච්ච එකේ. ගොවිකම අතහැරිච්ච ඒකේ. මේ රටේ කල දවස ගැන නම් කියලා වැඩක් නැහැ. අත්තා කියාගෙන කියාගෙන ගියේ හිතේ වේගයෙන්. හැම දෙයක්ම විනාශ වුණේ යටත්විජිතකරණ කියලා කිවුවත්, ඒ හැමදෙයක්ම නැති වුණේ අපේම අයගේ වැරැදි නිසා. ජපානෙට බෝම්බ දාලාත් ජපන්නු නැගිට්ටා. සම්පූර්ණයෙන්ම විනාශ වුණ ජපානය එහෙම වුණා නම් ඇයි අපට වෙන්න බැරි කියලා මට වෙලාවකට හිතෙනවා. හැමදේකටම ඕනේකම ඕනේ.
තත්ත්වය තරාතිරම බැලුවත්, අද හැමදෙයක්ම පැෂන් වෙලා පුතේ. හැමෝම බැලුවේ තමන්ගේ දරුවෝ දොස්තරලා කරන්න. එතකොට අනිත් රස්සා කරන්නේ කවුද? සමාජ ආකල්ප වෙනස් කළේ සුද්දා නෙවෙයි පුතේ අපේම ඇත්තන්ගේ උඩඟුකම. ඒත් පුතේ තවමත් එහෙමයි. බොහෝ වෙලාවට සිංහලයාට මුල මතක නෑ කියන්නේ ඕක තමයි. අපේ මිනිස්සුන්ට හරිම හරි ඉක්මනට හැම දෙයක්ම අමතක වෙනවා. ඒ වගේම අපේ අය කැමැති අනුකරණයට. අනුකරණය කියන්නේ එච්චර හොඳ දෙයක් නෙවෙයි. අනුකරණයෙන් කවදාවත් මිනිහෙක් හැදෙන්නේ නැහැ. ජාතිකත්වය ගැන කතා කරන බොහො මිනිස්සු ළඟ තියෙන්නේ වචන ටිකක් විතරමයි.
පොතේ තියෙන දේවල් ප්‍රායෝගික කරන්න බැරි වෙනවා කියන එක අපි මුලින්ම තේරුම් ගන්න ඕනේ. අද බොහෝදෙනකුට ඒක තේරුම් කරන්න බැරි වෙලා තියෙනවා. හැමෝම පොතේ තියෙන දේ සැබෑවක් කරන්න උත්සාහ කරනවා. ඒත් ඒ අය ළඟවත් ඒක නැහැ. අපේ උත්සාහයෙන් අපි මොනවද කරලා තියෙන්නේ. භාණ්ඩ ප්‍රවාහනයට මේ ඇළ මාර්ග ටිකත් හැදුවේ සුද්දා. ඒ කාලේ පොල් තොග පිටින් එහා මෙහා ගෙනිච්ච ඇළවල් අපේ රටේ තිබුණා. ඒ වගේමයි ඒවාට තිබුණ පාලම් පාරු. මේ නිසා මිනිස්සුන්ට එතරම් වෙහෙසක් තිබුණේ නැහැ. අද මිනිස්සු අපේ දේ ගැන කතා කර කර ඒවා අත්හරිනවා. අපි එදා හැමෝම අපේ උත්සාහයෙන් හම්බු කරන් කාපු මිනිස්සු පුතේ. අද හැමෝම ආණ්ඩුව මත යැපෙන්න පටන් අරගෙන. හැම දේටම ආණ්ඩුවට දෝසේ. ඒ කියන්නේ මිනිස්සු කම්මැලි වෙලා. එදා රාජ ආඥාවට හැම දෙයක්ම කළ මිනිස්සු අද හැම දෙයක්ම කර අරිනවා. ඒ නිදහස නිසා කියලා මට හිතෙනව. මේ හැමදෙයක්ම සිද්ධ වෙන්නේ අධික නිදහස නිසා. නිදහස නිසි විදිහට පාවිච්චි කරන්න අපේ අය තාම දන්නේ නෑ.