
ජේකබ් සූමා ඉතිහාසයක් තිබූ මිනිසෙකි. කොටින්ම කිවහොත් ඔහු මැන්ඩෙලාට පසුව දකුණු අප්‍රිකාවට තිබූ හොඳම විකල්පය විය. ඒ හේතුවෙන්ම මැන්ඩෙලාගෙන් පසු එරට ජනතාව සූමාට බලය දුන්නේය. ලෝකයේ අතිශය සුලබ උදාහරණ ගොඩට එක්වෙමින් ජේකබ් සූමාද බලය හේතුවෙන්ම පිරිහුණේය. පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී එරට අධිකරණය ප්‍රකාශ කර සිටි අන්දමට බරපතළ දූෂණ සිදුවීම් 18ක පමණ ජනාධිපති ලෙස ජේකබ් සූමා ඍජුවම වගකිවයුතු විය. ඉතින් ඔහුගේම පක්ෂය ඉවත්ව යන ලෙස ඔහුට බලකර සිටියේ ය. නැතහොත් ගිලෙන්නේ මුළු නැවම වන බැවින්ය.
ජේකබ් සූමා අන්තිමේදී ගෙදර ගියේය. ඒ නොගාස් බැරි වූ නිසාය. ඔහුගේ උත්සාහය වූයේ තව ටිකක් කල් කෙසේ හෝ බලයේ සිටීමටය. එහෙත් ඔහුගේම පක්ෂයේ බලකිරීම මත ඔහු පසුගියදා තම ඉල්ලා අස්වීම ප්‍රකාශ කර සිටියේය.
අවසානය එසේ වුවද ජේකබ් සූමා ඉතිහාසයක් තිබූ මිනිසෙකි. කොටින්ම කිවහොත් ඔහු මැන්ඩෙලාට පසුව දකුණු අප්‍රිකාවට තිබූ හොඳම විකල්පය විය. ඒ හේතුවෙන්ම මැන්ඩෙලාගෙන් පසු එරට ජනතාව සූමාට බලය දුන්නේය. ලෝකයේ අතිශය සුලබ උදාහරණ ගොඩට එක්වෙමින් ජේකබ් සූමාද බලය හේතුවෙන්ම පිරිහුණේය.
පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී එරට අධිකරණය ප්‍රකාශ කර සිටි අන්දමට බරපතළ දූෂණ සිදුවීම් 18ක පමණ ජනාධිපති ලෙස ජේකබ් සූමා ඍජුවම වගකිවයුතු විය. ඉතින් ඔහුගේම පක්ෂය ඉවත්ව යන ලෙස ඔහුට බලකර සිටියේය. නැතහොත් ගිලෙන්නේ මුළු නැවම වන බැවින්ය.
හැත්තෑ පස් හැවිරිදි සූමාගේ තරම කොතෙක් වීද කියතහොත් ඔහු සියලුම බලකිරීම මැද නොසැලී සිටියේය. අන්තිමේදී නොගාස් බැරිවන බව වටහා ගත් ඔහු සිම්බාබ්වේ රටේ හිටපු ජනාධිපති රොබට් මුගාබේ සේම යන්නට නම් 'ජනාධිපති මුක්තිය' ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය. එය අපූරු ඉල්ලීමකි. ඕනෑම ජරා වැඩක් කර 'මුක්තිය' අස්සෙ හැංගෙන්නට පුළුවන. 'මුක්තිය' සහිත පුද්ගලයකුට ධූර කාලයේදී කළ කී දේ වෙනුවෙන් දඬුවම් නියම කිරීමට හැකියාවක් නැත. සූමා ඉල්ලා සිටියේ අන්න ඒ වරප්‍රසාදයය. එහෙත් දකුණු අප්‍රිකාවේ සිරිල් රම්පෝසා ප්‍රමුඛ වර්තමාන නායකයෝ ඒ සඳහා අවස්ථාව සලසා දුන්නේද දන්න මේ දක්වා නිශ්චිතව ප්‍රකාශ වී නැත.
සූමා අවසානයේ පසුගිය බදාද එළියට ආවේය. ඔහු එනතුරු දෙස් විදෙස් අති විශාල ජනමාධ්‍යවේදීහු කණ්ඩායමක් රැකවල් ලා සිටිහය. එහෙත් ඉවතට ආවේ බලාපොරොත්තු වූ සුමා නොවේය. ධූරය හැරයෑමේ කණගාටුව සහ පීඩනයෙන් යුතු වියපත් පුද්ගලයකු බලාපොරොත්තු වූ මාධ්‍යවේදීන්ට දක්නට ලැබුණේ තමන්ට සිනාසෙමින්, ඉතාමත් ආත්ම විශ්වාසයෙන් යුක්තව සිටින සැහැල්ලු පුද්ගලයෙකි. මේ දක්ෂතාව බොහෝවිට ජීවන අත්දැකීම් සහ සිරගත දිවියේ අත්දැකීම් හේතුවෙන් සූමා අත්පත් කර ගත් දක්ෂතා විය හැකිය.
ඔහු ජනමාධ්‍යවේදීන් අමතමින් අසා ඇත්තේ 'දැඩි බලාපොරොත්තු සහගතව සිටින්නේ කිනම් හෝ විශේෂ ප්‍රවෘත්තියක් වාර්තා කිරීමේ අභිලාශයෙන් දැයි' යනුවෙන්ය. තවදුරටත් රැස්ව සිටි පිරිස සිනා ගැන්වූ සූමා අවසානයේ තමා සමු ගැනීමට තීරණය කළ බව ප්‍රකාශ කර සිටියේය.
එහිදී ඔහු පවසා ඇත්තේ තම ධූර කාලයේදී තමාගේ නමින් කිසිදු මරණයක් සිදු වී නොමැති බවයි. එමෙන්ම තමා කිසිදා පක්ෂය දෙකඩ නොකළ බවයි. ඒ හේතුවෙන්ම තමාට සැහැල්ලු සිතින් සමු ගත හැකි බව සූමා පවසා සිටියේ අත දරුවකු පරිද්දෙනි. තමාට එල්ල වී ඇති දූෂණ චෝදනා ගැන සූමා කිසිවක්ම පවසා සිටියේ නැත.
කෙසේ වුවද සූමා අයත්වන අප්‍රිකානු ජාතික කොංග්‍රසය ඉදිරියටත් දකුණු අප්‍රිකාව පාලනය කරණු ඇත.
ඒ සමගින් තවත් ලෝක ප්‍රසිද්ධ ජන නායකයකුගේ පාලන කාලයක අවසානය සනිටුහන් විය. විචාරකයන් පවසා තිබුණේ මේ යුගය දකුණු අප්‍රිකාවටද සුවිශේෂ යුගයක් වූ බවයි.
ජේකබ් සූමා යනු මැන්ඩෙලා තරමටම නොවූවද දකුණු අප්‍රිකාවට යම් බලපෑමක් කළ දේශපාලන චරිතයකි. 1942 උපත ලැබූ ඔහු 1959 තරම් ඈත පැටි වියේදීම අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ සාමාජිකත්වය ලබා ගත්තේය. එවකට දකුණු අප්‍රිකාව පාලනය කළ සුදු ජාතිකයන්ට සූමා කොතරම් තර්ජනයක් වූයේද යත් 1963දී ඔහු මැන්ඩෙලා සමග රොබින් දූපතේ සිර ගත කරණු ලැබීය. වසර දහයක් පුරා රොබින් දූපතේ සිරගතව සිටි ඔහු සැබවින්ම මැන්ඩෙලාගේ මාර්ගයේ ගමන් ගන්නා පන්නරය ලැබූ පරිණත දේශපාලන නායකයකු ලෙසට දකුණු අප්‍රිකානු ජනතාව අතර ප්‍රසිද්ධව සිටියේය. එහෙත් බලයෙන් ඉවත් කිරීමට ජනතා පීඩනය එල්ල වන තුරු දූෂණ වංචා සිදු කළ නායකයකු ලෙස ඉතිහාස ගතවෙමින් ඔහු එදා තමා සතුව තිබූ පරිණත නායකත්වයේ නාමය තමා විසින්ම අවලංගු කර ගත්තේය.
රොබින් දූපතේ සිරගතව සිටි ජේකබ් සූමා 1990 දී නිදහස ලබන්නේය. ඒ වන විට අවසඟව පැවති අප්‍රිකානු ජාතික කොංග්‍රසය යළි ක්‍රියාකාරී මට්ටමට ගෙන ආ සූමා පක්ෂයේ නායකත්වයටද පත් වූයේය.
1999දී එරට සිදුවූ දේශපාලන පෙරළියත් සමග යළි කළු ජාතිකයන්ගේ බමුතර බලයට දේශපාලන බලයද එක් කරමින් මැන්ඩෙලාට අප්‍රමාන සහයක් ලබා දුන්නේය. එවර ඔහු එරට උප ජනාධිපතිවරයා ලෙසද කටයුතු කළේය. මැන්ඩෙලා ස්වකීය ධූරයෙන් ගෞරවාන්විත ලෙස සමුගන්නා අවස්ථාවේදී ඔහු විශ්වාසයෙන් බලය පැවරූ තාඹ් ම්බෙකි මෙන්ම ජනතා විශ්වාසය දිනා ගැනීමට ජේකබ් සූමාට සමත්කම් විය. එහෙත් මැන්ඩෙලාට හෝ ම්බෙකිට මෙන් වාසනාවන්ත අවසානයක් ඔහුට වූයේ නැත.
පිරිසිදු ඉතිහාසයක් තිබුණද සූමා මඩ නා ගන්නේ 2009 ජනාධිපතිධූරයටත් පත් වීමෙන් පසුවය. ඔහුගේ මේ අත්දැකීම ලොව පුරා බොහෝ පාලකයන් අත්විඳිණු දැකීමට ජනතාවට හැකියාව ලැබීම අභ්‍යාගයක් මිස අන් කිසිවක් නොවේය. ඊට හේතුව කලෙකදී තමන් ගෞරවයෙන් සැලකූ, තම දේශයේ අනාගතය බාර දීමට, තම දරුවන්ගේ අනාගතය බාර දීමට තරම් විශ්වාසවන්ත වූ පාලකයකු, නායකයකු, හොරකු වංචාකරුවකු, රාජ්‍ය දේපල ගසා කෑ දූෂකයකු ලෙස සමුගන්නා අන්දම දැකීම බොහෝ දෙනාට කණගාටුවක් වන බැවිනි.
අවාසනාවකට මෙන් ජේකබ් සූමාගේ අවසානයද එයම විය. ජනාධිපති ලෙස අයතා මුදල් ගනුදෙනු මෙන්ම වංචා, දූෂණ සිදුවීම් රාශියකටම ඔහු ඍජුවම වගකිව යුතු බව පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී එරට අධිකරණය තීන්දු කර සිටියේය.
තව කල් ඔහු දූරයේ සිටියහොත් ඔහුට පමණක් නොව තමන්ට සහ තම දේශපාලන පක්ෂයටද යන එන මං නැතිවන බව වටහා ගත් අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ නායකයෝ නම්බු පිටින් ඉල්ලා අස් වන ලෙස සූමාට පැවසීමට පටන් ගත්හ. එලෙසින් එල්ල කළ පීඩනයේ අවසානය පසුගියදා සනිටුහන් වූයේය.
ජාතික වීරයන් තරමට ගරු නම්බු ලැබීමට තරම් කලකදී කටයුතුකරන මිනිසුන් තවත් කලෙකදී තමන්ගේම ක්‍රියාවන්හි ප්‍රතිඵල ලෙස පාරට ඇද දමන මට්ටමේ අවසානයටන් ලක් වීම ඔවුන්ගේ කරුමයද, ජනතාවගේ කරුමය දැයි සිතා බැලිය යුතුය.