මගේ පාසල් ජීවි­තය | Page 2 | සිළුමිණ

මගේ පාසල් ජීවි­තය

මගේ පාසල් දිවිය ආරම්භ වන්නේ මියුසියස් විදු මාතාවගේ තුරුලේ ය. පුංචි දරුවකු වූ මම අම්මාගෙත් තාත්තාගෙත් දෑතේ එල්ලී පාසලට ගියෙමි. මම ගොඩක් බිය වී සිටියත් මා වැනිම සුදෝ සුදු ඇඳුම් ඇඳගත් තවත් ළමයින් දුටුවිට මගේ බිය දුරු විය. ඉතා අලංකාර සාරියක් ඇඳගත් ගුරුතුමියක් මාගේ අතින් අල්ලාගෙන පන්තියට රැගෙන ගියා ය. මම ඉක්මනින් ම පාසල් ජීවිතයට හුරු වුණෙමි. මගේ අක්කාත් නංගීත් මෙම පාසලේ ම සිටින නිසා මට පාසල ප්‍රියජනක ස්ථානයකි.

මම දැන් හත් වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවක්මි. මියුසියස් විදු පියසේදී මම ගුරු සිත් දිනාගනිමින් දක්ෂ ලෙස අධ්‍යාපනය හදාරමි. මගේ පාසලේ ගුරුවරුත් සිසුවියෝත් ඉතා කැපවීමෙන් අකුරු කරති. පාසලේදී මම සිංහල විෂයට වඩාත් ආදරය කරමි. එයට හේතුව මට සිංහල ඉගැන්වූ සුජානි ගුරුතුමිය හා වර්තමාන ගුරුතුමිය වන කුමුදුනී ගුරුතුමියන් ඉතා සරලව උගන්වන නිසා ය. මගේ පාසල් ජීවිතය මම ඉතා සතුටින් ගත කරමි. ඉදිරියේදීත් විදු මාතාවගේ කිතු ගොස වර්ධනය වන ලෙස කටයුතු කිරීමට මම ඉටා ගනිමි.

විනුකි තේනුජනා පාතකඩ,

7 ශ්‍රේණිය ‘ඒ’,

මියුසියස් විදුහල,

කොළඹ 07.

 

Comments