
වට පිට සියලු ගහ කොළ මල් පිරිලා
සැම ගත සිතම තුටු සතුටින් පුරවා
තෙද ඔද නංවන මිනිසකු ලෙස හැදිලා
කිත් යස මුසුව කැන්දමු අවුරුදු කුමරා
හොඳ සිතුවිලි නැවුම් බවින් පැතිරි යන්නේ
සැම ජීවිත ඒ අතරින් පිබිදී එන්නේ
ලද අවුරුද්දේ ජය පතමින්නේ
යෙහෙන් වැජඹෙමු සැම සිත් සතුටින්නේ
අශානි භාග්‍ය කරුණානායක.
12 ශ්‍රේණිය (කලා අංශය),
තක්ෂිලා විද්‍යාලය, ගම්පහ.