රැකියා ඇත සුදුස්සන් නැත | Page 7 | සිළුමිණ

රැකියා ඇත සුදුස්සන් නැත

ආර්ථික වශයෙන් සක්‍රීය ජනතාව අතුරින් 380,594ක් විරැකියාවෙන් පෙළෙන අතර, 497,302ක රැකියා පුරප්පාඩු පවතින බැව් ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ සමීක්ෂණයකින් හෙළි වී තිබේ. කර්මාන්ත අංශය සඳහා සේවකයන් 175,250ක් අවශ්‍ය වන අතර, එය සමස්ත කම්කරු අවශ්‍යතාවෙන් 35.2 %කි. මේ අතර වෙළෙඳ අංශය සඳහා ඇබෑර්තු 110,770ක්ද ඉදි කිරීමේ ක්ෂේත්‍රය සඳහා 20,224ක්ද සංචාරක ක්ෂේත්‍රය සඳහා ඇබෑර්තු 10,207ක්ද වැවිලි ක්ෂේත්‍රය සඳහා ඇබෑර්තු 3033ක්ද ඇබෑර්තු ඇති බව එහි සඳහන් වේ. බොහෝ ව්‍යාපාරිකයන් මේ සේවක ඇබෑර්තු සපුරාගැනීම සඳහා විදේශ ශ්‍රමිකයන් ආනයනය කරන මෙන් රජයෙන් ඉල්ලීම් කර ඇති බව ඒ වාර්තාවෙහි සඳහන් වේ.

මෑතදී සොයාගත් කරුණු අනුව ශ්‍රී ලංකාවේ නීත්‍යනුකූල නොවන ආගමනික ශ්‍රමිකයන් රට තුළ සේවය කරන අතර, ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් වෘත්තියවේදීන් සහ ගැහැනු ශ්‍රමිකයන් 25,000කට මෙරට රැකියා සඳහා අවසර ලබාදී ඇතැයි වාර්තා වී තිබේ. 

 

Comments