
සුනිල්ගේ ගෙදර තිබුණේ මුහුද ළඟ ය. සුනිල් ගේ තාත්තා අන්තෝනියි. ඔහු රස්සාවක් හැටියට කළේ මුහුදු යෑමයි. නත්තලට දවස් කීපයකට කලින් සුනිල්ගේ තාත්තා තවත් කීපදෙනෙක් සමඟ රුවල් බෝට්ටුවෙන් මුහුදු ගියා. සුනිල්ට සහ අම්මාට ආරංචියක් ආවා. සුනිල්ගේ තාත්තා ගිය බෝට්ටුව ලොකු රළ පහරකට අසු වී පෙරළී බෝට්ටුවේ ගිය අය ගැන ආරංචියක් නෑ කියල. ඉතින් සුනිල් සහ අම්මා දුකෙන් හඬමින් හිටියා.
ටික දවසකින් සුනිල්ට සුබ ආරංචියක් ලැබුණා. තාත්තා සහ අනෙක් අය සිටිය පෙරළුණු බෝට්ටුව ළඟින් ගිය නැවකින් තාත්තා සහ අනෙක් අය බේරාගෙන ඇති බව. ඉතින් සුනිල් සතුටින් සිටියා. නත්තල් දවසේ තාත්තා එයි කියලා සුනිල් සතුටින් බලා හිටියා. නමුත්, තාත්තා ආවේ නැහැ. සුනිල් සහ අම්මා නත්තල් දවසේ දේව මෙහෙයට සහභාගි වුණා.
ඔවුන් දේව මෙහෙය ඉවර වී ගෙදර පැමිණෙද්දී ගෙතුළ එළියක් දැල්වෙමින් තිබුණා. සුනිල් සහ අම්මා පුදුමයෙන් බලා සිටියා. ගෙදර දොරත් ඇරලා. මෙන්න තාත්තා ගේ ඇතුළේ ඉඳගෙන ඉන්නවා. සුනිල්ටත් අම්මාටත් හරිම සතුටුයි. “අනේ පුතේ නත්තලට තෑගි නම් ගේන්න බැරි වුණා” තාත්තා සුනිල් දුටු හැටියෙම කීවා.
“මගේ නත්තල් තෑග්ග මගේ තාත්තා ආපු එකයි. මට වෙන තෑගි ඕන නෑ” කියා සුනිල් තාත්තාව ආදරයෙන් වැලඳගෙන හාදු දීගෙන දීගෙන ගියා.
එනිඳු සුපසන් ප්‍රේමසුන්දර
4 ශ්‍රේණිය ‘බී’,
කේරි විද්‍යාලය,
කොළඹ - 08