කඩදාසි බෑගයක දමා පිරිනැමූ අගමැති මෝදිගේ මංගල තෑග්ග | Page 4 | සිළුමිණ

කඩදාසි බෑගයක දමා පිරිනැමූ අගමැති මෝදිගේ මංගල තෑග්ග

 වර්ග කිලෝමීටර් 32,87,263 ක් විශාල බිලියන 1.33ක් පමණ ජීවත්වන ඉන්දියාවේ පාලකයා සමස්ත ඉන්දීය ජනතා සුබපැතුම් කඩදාසි බෑගයක දමා මේ දෙන්නේ ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලිට හා ඔහුගේ බිරියවන රංගන ශිල්පිනී අනුෂ්කා ෂර්මා හටය.

ඒ ඉන්දියාවේ නව දිල්ලියේ පැවැත්වුණු ඔවුන්ගේ මංගල උත්සවයේදීය. ඉතාලියේදී විවාහවී බහුතරයක් ඉන්දීය මිතුරන් වෙනුවෙන් දිල්ලියේ පැවැති උත්සවය සඳහා මෙලෙස ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ආරාධිතයකු වී තිබුෙණ්ය. විවාහයට සුබපතා ට්විටර් පණිවුඩයක්ද නිකුත් කිරීමටද අගමැතිවරයා කටයුතු කර තිබිණි.

මේ අතර මෙතෙක් කලක් ඉන්දියාවේ හොඳම වෙළෙඳ සන්නාම තානාපති වශයෙන් සැලකුණු බොලිවුඩ් නළු ශාරුක් ඛාන් ඉක්මවා එම ස්ථානයද විරාත් කෝලි හිමිකරගෙන තිබේ. එය විවාහයේ වාසනාවයැයි අප නොපවසන්නේ ඒ නම් කෝලිගේ ධෛර්යයම උපයා දුන්නක් වන හෙයිනි.

Comments

රටක සැබෑ වීරයන්ට ගෞරව කරන, සලකන අන්දම ගැන ඉගෙන ගන්න බෝහෝ දේ, ඉන්දියාවෙ  තියෙනව. ලංකාවෙ දේශපාලකයත්,  මාද්ධ්‍යායතනත් තම රට වැසියන්ව ගොනාට අන්දල තියෙන්නෙ.බොරු සැන්ඩොලව පැය 24ම TV  එකෙන් පෙන්නල පෙන්නල, බොරුවලින් පත්තර පිටු පුරවල පුරවල,බොරු වීරයො set එකක් හදල.  රටේ අහිංසක ජනතාව දන්නෙ නෑ සැබෑ වීරයො කවුද කියල. හොරු,කුපාඩි මිනීමරුවො අපරධකාරයො,සල්ලාලයො වනචර චරිත ඔක්කොම වීරයො වෙලා, තමුන්ගෙ දෙමාපිය උරුමයෙන් ලැබිච්ච  දේඵල පවා රට ජාතියට පූජකළ,ඉන්දියාව සමගි කරගෙන, ඉන්දියාවත්  ලංකාවත් දෙකකට කැඩීමෙන් බේරගත්ත,නිදහස් ආර්තිකය හරිහැටි කළමනාකරල අනවශ්‍ය භන්ඩ රට තුලට එන එක වලක්වාගත්තු,  ඇදහූ ධර්මය හරිහැටි  තේරුම් අරන් හිටිය, ගරු JR ජයවර්ධණවගේ ප්‍රභු දේශපාලඥ්ඥයන්වත්, ශිල්වත් වනවාශී භික්ෂූන්වත්, රටට සැබෑවටම  කීර්තිය ධනය ලබල දීමේ  හැකියාව Cricket ක්‍රීඩකයො;  මේ සියළු දෙනාම පොල්කුඩු levelඑකට දාල. 

පිටු