
ලෝවාසී කිතුනු ජනයා නත්තල් දිනය සමරන්නේ සෑම වසරකම දෙසැම්බර් 25 වැනිදාය. නත්තල් දා ලොවට සාමයේ පණිවිඩය රැගෙන ආ ජේසු බිලිඳුන්ගේ උපත කිතු ජනයා ඉතා ඉහළින් මෙන්ම උත්සවාකාරයෙන් සමරති. (ක්‍රි.පු. 36 - ක්‍රි.ව. 14) අතර කාලයේ පලස්තීනය ඔක්ටේවියස් ඔගස්ටස් නම් රෝම අධිරාජ්‍යයාට යටත්ව ඔහුගේ යටත් නියෝජිතයකු වු හෙරෝද් රජු විසින් පාලනය කරන ලදී. යටත් වැසියන්ගේ සංගණනයක් සඳහා බෙත්ලෙහෙම් පුරයට එන ලෙස තම යටත් වැසියන්ට රෝම බලධාරීහු අණ කළහ.
එයට සහභාගී වීම පිණිස නසරෙත් නම් ගමේ විසු ජුසේ නමැති වඩු කාර්මිකයා තම ගැබිනි බිරිය වු මරියා සමඟ සැන්දෑවේ බෙත්ලෙහෙම් පුරයට පැමිණ නවාතැන් ගැනීමට තැනක් සෙව්වත් සොයාගත නොහැකි විය. ගෙන්ගෙට ගියත් පලක් නොවීය. අවසානයේ ගව ලෙනක නවාතැන් ගැනීමට ඔවුන්ට සිදු විය. එදින රාත්‍රියේ මරිය තුමිය පින්වත් යේසුස් බිලිදා බිහි කළාය. මෙම අසිරිමත් දිනයේ අහසේ සිදු වු වල්ගා තාරකාවක බැබළීම දුටු ප්‍රඥාවන්තයෝ තිදෙනෙක් ඒ ආලෝකය ඔස්සේ බෙත්ලෙහෙමේ බිලිඳුන් උපන් ස්ථානයට පැමිණ ලෝකයට ඉමහත් සේවයක් කරන උතුම් උපතක් සිදු වී ඇති බව අවබෝධ කරගෙන තමන් රැගෙන ආ පඬුරුවලින් බිලිඳු පිදුහ. ඒ නත්තල් උත්සවයට හේතු වු අසිරිමත් සිදුවීමයි.
ශ්‍රී ලාංකිකයෝ ක්‍රිස්තුන් වහන්සේ උපන් දෙසැම්බර් 24 වැනිදා මැදියම් රෑ දෙව් මැදුරුවලට ගොස් දේව පුජාවට සහභාගී වෙති. අනතුරුව එළැඹෙන 25 වැනි දින මහත් උත්සවශ්‍රීයෙන් කටයුතු කරති.
ජේසු බිලිඳුන් උපන් ගව ලෙනෙහි ආකෘති නිවෙසේ ප්‍රදර්ශනයට තැබීම හිතවතුන්ට සුබ පැතුම් පත් යැවීම, කැරොල් ගායනය ආදිය නත්තල් දිනයේ කිතුනුවන්ගේ ජනප්‍රිය අංග වේ. ඊට අමතරව තවත් ජනප්‍රිය චරිතයක් ඇත. ඒ කුඩා දරුවන්ගේ මෙන්ම වැඩිහිටියන්ගේ ද ආදරය දිනු නත්තල් සීයා ය.
එල්. බී. සඳලි මඳුවන්ති
8 ශ්‍රේණිය,
හුන්නෙලෙම්බුව ක.වි.,
සුනන්දපුර.