ඇත්ත තිත්තයි ඒත් ඇත්තයි | සිළුමිණ

ඇත්ත තිත්තයි ඒත් ඇත්තයි

සද්ද වංශවත්ගේ නෙරංජන දික්වත්ත මහතාට නිවන් සුව යනුවෙන් බැනරයේ දිස් වුයේ පොල් ගෙඩි අකුරිනි. බොහෝ දෙනා අවමඟුලට ගියත් කිසිවකුගේ මුහුණේ කණගාටුවක් නම් පෙනෙන්නට නොවුණි.

‘‘දැන් ඉතින් සෙල්ලම් ඔක්කොම ඉවරයි.”

අවමඟුල් ගෙදරින් නික්මුණු බොහෝ දෙනාගේ මුවේ රැඳුනේ එවැනි වදනකි. එහෙත් දෙන සමීපයේ තිබුණ මල්වඩම්වල ලියා තිබුණේ මෙවැනි වදන්ය.

‘අප අතරේ ඉපදෙනු මැන තවත් වරක්’

‘ඔබට නිවන් සුව’

‘ශෝක වන හැටේ වත්ත මිතුරු කැළ’

සුවඳ මලින් වසා තිබුණ මාතෘ ශරීරයට වරින්වර සුවඳ පැන් ඉසිනු ලැබුවේ ඔහුගේ බිරිඳය.

ඇය පසු පසින් වැටුණු කුඩා පිරිමි දරුවා සහ ගැහැනු දරුවා මොනවදෝ හිමින් මුමුණති. ඇද හැලෙන මහවැස්ස බාධාවක් වුවත් අවසන් කටයුතු සඳුදා දින සිදු කිරීමට සියල්ල සූදානම් බව අවමංගල කමිටුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වුණි.

‘‘අනේ කවුද දෙවියනේ මගේ කොල්ලට මේ විපත කළේ” දිගින් දිගටම නික්මෙන මවගේ වේදනාව කෙළවරක් නොමැත. ඇය පමණක් ඔහු වෙනුවෙන් හඬයි. අම්මා නිසායැයි මට සිතේ. දෙන සමීපයේ මිතුරු කැළක් දාම් අදිති. ඔවුන්ගේ කෑකෝ ගැසීම මළ ගෙයක් වූවා ද කියා නිනව්වක් නැති තරම්ය. ‍නෙරංජන දික්වත්ත ලබන මැතිවරණයට තරග කිරීමට සිටි බව බොහෝදෙනා කියති. ඒ හා ඇති වූ තරහක් නිසා මේ මරණය සිදුවූවායැයි බොහෝ‍දෙනා සැක කරති. එහෙත් නෙරංජනගේ ක්‍රියා කලාපය පිළිබඳව ද ගමේ බොහෝ දෙනාගේ සතුටක් නොමැත. කෙසේ වෙතත් නොබෝ වේලාවකින්න සමුගෙන යන ඔහු වෙනුවෙන් අවසන් ගෞරව දක්වන්නට බොහෝ දෙනෙක් අමතක නොකළහ.

‘‘කොහොමද මේක වුණේ”

පැමිණ සිටි වෘද්ධ කාන්තාවක් නෙරංජනගේ මවගෙන් ඇසීය.

‘‘ අනේ එදා කොල්ලා පොළේ ණය එකතු කරන්න ගියේ. කවුද හිතුවේ මෙහෙම දෙයක් වේවි කියලා. අපි කීයටවත් හිතුවේ නැහැ. අනේ මගේ රත්තරන් කඳ”

අම්මාගේ කඳුළු වැල් නොනවත්වා ඇඳ හැළුණි.

‘‘ මට හිටියේ මෙයා විතරයි දෙවියනේ අනේ මං කොහොම ද හිත හදාගන්නේ අම්මා කෙනකුට ඉවසිය හැකිද දෙවියනේ.”

අම්මා හැඬීමෙන් හෙම්බත් වී සිටියාය. ඇයට හුස්ම වැටුණේ ඉබේ වැටෙන බැවිනි. තවමත් තරුණ විය නොයික්මූ නෙරංජනගේ බිරිඳ දරුවන් දෙදෙනාට පෙරැත්ත කරමින් බත් කවමින් සිටියාය. ඇගේ මුහුණේ තිබුණේ දැඩි ශෝකීය බවකි. ඇය බොහෝ වේලාවක් බලාගත්ත අතේ බලාගෙන සිටියාය. සැමියා මිය ගිය ශෝකයට වඩා කම්පාවක් ඒ මුහුණේ ඇඳී ඇත.

මෙවැන්නෙකු හා දිග ඒම පිළිබඳ ඇය සිටියේ දැඩි කනස්සල්ලෙනි. ඇයට තම සැමියාගේ බොහෝ නොගැළපෙන ක්‍රියා ඉවසීමට සිදු වූයේ දීගය ආරක්ෂා කරගැනීමට අවශ්‍ය වූ බැවිනි. එහෙත් ඊට එරෙහිව ගොස් බිරියක් ලෙස තම ඉල්ලීම් දිනා ගැනීමට ඇය නොසිතුවාය.

නැවත වරක් පොලිස් ජීප් රථයක් ගේ ඉදිරිපසින් හරවනු ඇය දුටුවේ අහම්බෙනි. මේ නෙරංජනගේ ගෙදර ද? අපට එයා අත්අඩංගුවට ගන්න සිද්ධ වෙලා තියෙනවා. කාන්තාවකට හිරිහැර කිරීම සම්බන්ධව”

නෙරංජන්ගේ බිරියගේ ඇස් උඩ ගියාය.

‘‘දෙවියනේ මේ මැරුණු මනුස්සයා අත්අඩංගුවට......’’

අනේ මහත්තයා මේ මැරිලා ඉන්නේ එයා තමයි. මොකද්ද මෙයා කරලා තියෙන වරද්ද?

එකෙනෙහිම ඇය සිහිසුන් නැතිව බිම ඇඳ වැටුණි. ඇයට දැනුණේ මහත් වේදනාවකි. නෙරංජන මියි ගොසිනි. එහෙත් ප්‍රශ්න ඉවරයක් නැති හැටි.

පොලිසිය ද මදක් තැති ගත් ස්වරූපයක් ගත් ආකාරයක් පෙනෙන්නට තිබුණි.

‘‘ නීතියට වඩා සොබා දහමේ නීතිය ඉස්සර වෙලා” එකිනෙහිම ඔවුන්ගේ කටින් පිටවුණි.

පොලීසිය යන්නට හැරුණේ නෙරංජනගේ බිරිඳ අනෝමාට හෙට උදේ දහයට පොලීසියට එන මෙන් දන්වමිනි.

මේ අතරතුරු මතක වස්ත්‍ර පූජාව වෙනුවෙන් මහා සංඝ රත්නය වැඩම කළහ. ගාල්ලේ දේවගිරි විහාරයේ සෝමානන්ද ලොකු හාමුදුරුවෝ දේශනය සඳහා වැඩමවා ගත්තේ පුදුමාකාර උත්සාහයක නිරත වීමෙන් අනතුරුවය.

‘‘මේ හාමුදුරුවෝ ගෙන්වන එක හරිම අමාරුයි. හැබැයි බණ කියන්න ද්කෂයි.”

බොහෝදෙනා මුණු මුණු ගානු ඇසුණහ.

හැමදෙනාම නිශ්ශබ්ද වූහ.

‘‘ අපි හැමෝම හැම දාම ජීවත් වෙන්නේ නෑ. එත් සමහරු හිතනවා හැමදාම ජීවත් වෙනවා කියලා. අවාසනාවන්ත කම එහෙමයි. එතකොට පිනක් දහමක් ගැන හිතන්න වෙලාවක් නැහැ. අපි බොහෝ දෙනකුට සිද්ධ වෙන්නේ. ඒ දේම තමයි. අපි දන්නවා නේ බොරු කියන එක පාපයක් කියලා. මුසාවාද කියන්නේ බොරුව . බොරු කීමත්, බොරු කිරීමත් පාපයක්. මං කැමැති නැහැ කවදාවත් බොරු කරන්න. මං මේ සාසනයට ආවේ මිනිස්සුන් හොඳ මඟට ගන්න ඒ වගේම සසර දුකින් එතර වෙන්න. අපි වගේ ඇතතන් බොරු කියන එක ඒ තරම් යහපත් දෙයක් නොවේ. අද මේ මිය ගිහිල්ලා ඉන්න මහත්තයා. ගැන මං දන්නේ මීට අවුරුදු දහයකට ඉස්සර. එතකොට මේ මහත්තයා සල්ලි බාගය එතරම් තිබුණේ නැහැ. සුළු සුළු දේවල් කරලා තමයි ජීවත් වුණේ. බොහෝ වෙලාවට මේ මහත්තයා රැකියාව වශයෙන් කළේ පික්පොකට් ගැසීම. මේ මහත්තයා මුලින්ම මට දැන හැඳින ගන්න ලැබුණෙ පන්සලේ පිං කැටේ කඩපු දවසේ. හොඳ පෙළපත් නාමයක් තිබුණට වැඩක් නැහැ. කරන්නේ නොපනත් කම්නම්. මේ මහත්තයා ඔය කරන රස්සාවට ගියෙත් හොර සහතික ඉදිරිපත් කරලා. අනේ මහත්තුරුනේ හොරකම සහ බොරුව කුමන ආකාරයට කළත්, එහි වෙනසක් නෑ. අද මට මෙතනට ඇවිත් මෙයා ගැන සත් ගුණවත් මහත්තයෙක් කියලා කියන්න බැහැ. මට බොරු කියන්න බැහැ. මං කිව්වේ මේ මහත්තයා කළ දේවල් විතරයි. නොකළ දේවල් මට කියන්න බැහැ. මං හොඳ කිව්ව කියලා පිං ලැබෙන්නේ නැහැ. අපි කළ පින අපි පස්සේ එන එක කාටවත් වළක්වන්න බැහැ. ඒ නිසා ඔය ඇත්තෝත් ජීවත් වෙන කාලේ කාටවත් වැරැද්දක් නැතුව ජීවත් වෙන්න පුරුදු වෙන්න.

හාමුදුරුවන්ගේ දේශනාව අවසානයේ බොහෝදෙනා සාදු කිව්වේ පුරුද්දට මෙනි. 

 

Comments