පොදු ප්‍රවාහනයට අලුත් ක්‍රමවේදයක් බස් මාෆියාවත් ඉවරයි | Page 7 | සිළුමිණ

පොදු ප්‍රවාහනයට අලුත් ක්‍රමවේදයක් බස් මාෆියාවත් ඉවරයි

මාර්ග බලපත්‍ර ලබා දීමේදී පැනනැඟෙන ගැටලු සහ බස් රථ ධාවනයේදී බස් හිමියන්, බස් සේවකයන් හා මඟීන් මුහුණ පාන ගැටලුවලට විසඳුම් දීමටත්, බස් රථවලින් කප්පම් ලබාගැනීම් ඇතුළු බස් රථ සම්බන්ධ සියලු දූෂණ ක්‍රියා වැළැක්වීමටත් බස් ගමනාගමනයේ පූර්ණ ප්‍රතිසංවිධානාත්මක ක්‍රියාදාමයක් සකස් කිරීමට කටයුතු යොදා ඇතැයි මොරටුව විශ්වවිද්‍යාලයේ ප්‍රවාහන විශේෂඥ මහාචාර්ය අමල් කුමාරගේ මහතා සිළුමිණට හෙළි කළේය.

බස් රථ ධාවනයේදී බස් රථයේ ධාවන කිලෝමීටර් ගණන අනුව ගෙවීමේ ක්‍රමවේදයක් ලබා දීම මඟින් බස් රථ අතර ධාවන තරගයද මේ මඟින් අහෝසි කිරීමට කටයුතු යෙදෙනු ඇතැයිද ඒ මහතා කීය. එමෙන්ම මෙමඟින් රාත්‍රී බස් රථ සේවාවද නිසි පරිදි ක්‍රියාත්මක වන අතර, පසුගිය කාලයේදී මහනුවර නගරය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කරන ලද 'සහසර' ව්‍යාපෘතියෙන් ලබාගත් ප්‍රතිඵල මත 'සෙමා' ආයතනය හරහා එම යෝජනා ජනාධිපතිතුමා වෙත ලබා දී ඇතැයිද ඒ මහතා කීය.

මෙහිදී බස් රථ විධිමත් කාලසටහනක් අනුව ධාවනය කිරීමත් මාර්ග බලපත්‍ර ලබා දීමේදී ඇති වන ගැටලු සහමුලින්ම නිරාකරණයට මුල් තැනක් දීමත් සිදු වනු ඇත. මාර්ග බලපත්‍ර ක්‍රමයේදී විශාල වංචා දූෂණ සිදුවීමද මේ නව ක්‍රමය සැකසීමේදී සැලකිල්ල‍ට ගැනේ. බස් රථ හිමියන්ද මේ සම්බන්ධයෙන් දැඩි ප්‍රශංසාවක් පළ කර ඇතැයිද ඒ මහතා පෙන්වා දෙයි.‍ මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ මාර්ග බලපත්‍ර දූෂණ ක්‍රියා නිසා වසරකට රජයට රුපියල් කෝටි 300කට අධික මුදලක් අහිමි වී යන බවයි. එසේම බස් රථවලින් කප්පම් ගැනීමට විවිධ මැර කණ්ඩායම් කටයුතු කිරීම නිසා බස් හිමියන්ට ආදායම අහිමි වීමක් සිදු වන බවත් නව ප්‍රතිසංස්කරණ මඟින් ඒ සියල්ලට වැට බැඳෙනු ඇතැයිද ඒ මහතා කීය. 

Comments

very very important and essential system needed at the moment it can be done by this government.soon.

Podu prawahana sewave mageen anarakshitha wanne wadi washayenma gata kapannangeni. Bus kondosthara mahatha the e aya andunana namuth minissunta kiyanne thama bag parissam karaganna lesaya. Dedenek ho thundenek Senaga wadi bus walata naga thawath hira kara nodanena lesa mema kriyawa sidu karai.. karunakara me gana kathikawak godanaganna.

පිටු