වැරැදි සම්භා­වි­තාව | Page 3 | සිළුමිණ

වැරැදි සම්භා­වි­තාව

පන්තිය පටන් ගන්න හරියට තිබුණේ විනාඩි පහයි. මං අඩිය වේගවත් කළා. අද නම් බැනුම් ලොරියක් තියේවි. අනුත්තරා මගේ කණට කොඳුරමින් කිවුවා.

“ඒත් ඉතිං අපිට පුළුවන් ද බස් එළවන්න.”

මගේ කතාවට අනුත්තරාට හිනාව නතර කර ගැනීමට නොහැකි වුණා.

“හැබෑව හැබෑව අපිට බස් එළවන්න බැහැනේ. සර්ට මේක තේරෙන්නේ නැහැ.”

අනුත්තරා සිනාව අතරින් කිවුවා. “අර බලාපල්ලාකෝ...අරයා, අපි මේ පන්තියට දුව දුව යනවා. එයා වෙරළු ගහ යට. ඒ මොන කෝලමක්ද?”

වෙරළු ගහයට ඉන්න අරවින්ද ඈත දීම දැක්කහම අනුත්තරා කිවේ නොරුස්සන ස්වභාවයෙන්.

“ඔය කොල්ලා යාළුවෙලා ඉන්නේ මලී එක්ක.”

මම කිවුවා.

“මලී ගේ කොණ්ඩේ දිග වුණාට කළු නේ. මං හිතන්නේ නෑ කළු කෙල්ලෙකුට මේ කොල්ලා කැමැති වේවි කියලා.”

අනුත්තරා ඒක පිළි ගත්තේම නෑ.

“මං කියන්නේ සනූ එක්ක. මං දැක්කා සනූ එයාට කෑමත් ගේනවා.”

මේ වාද විවාද මැද අපි පන්තියට ගියත් අරවින්ද නම් ඇවිත් හිටියේ නෑ. ගත වූ හෝරා දෙක අපි ආසම නැති සාධානය, ඊට පස්සේ රුක් සටහන්. වර්ගජ සමීකරණ කියන කොට මට ඔළුව කැක්කුම ආවා. මං ආස කවකටු පෙට්ටිය අරලා, කෝණමානයෙන් එහාට මෙහාට පොඩි සෙල්ලමක් කරන්න. අංශක අනූවේ කෝණේ අඳින කොට සර් කිවුවා කොල්ලො කෙල්ලන්ගේ ආදරයත් අංශක අනූව වගේ ඍජු වෙන්න ඕනේ කියලා. මං එක පාරටම හිනා වෙන්න ගත්තා.

“සම කෝණී ත්‍රිකෝණයකි. ඔබත් මාත් ඇයත් ඉන්න.” අනුත්තරා මාව කොනිත්තුවා.

“මේ සඳුනිට හොඳටම අඳින්න පුළුන් කෝණය මොකද්ද?”

සර් මගේ පැත්තට අත දික් කළහම, මම කිවුවේ සමකෝණි ත්‍රිකෝණය කියලා.

“අනේ ඇත්තට මොන ලෝකයේ ඉන්නවා ද කියලා මං නම් දන්නේ නෑ.”

වේගයෙන් පැමිණි චෝක් කැටේ මගේ ඇඟේ වැදිලා ජනෙල්ලයෙන් එළියට වීසි වුණා. අනුත්තරාගේ ඇස් දෙක උඩ ගියා.

වේවකය නිසා ළමයින් එහාට මෙහාට වුණා. මං අරවින්ද ගැන නිරීක්ෂණයෙන් හිටියේ. මලී ඇවිල්ලා අඹ පාර්සලයක් දුන්නා. තව ටික වේලාවකින් සනූ ආවා.

මෙන්න ගෙදර හැදූ අලුවා” කියලා අලුවා පාර්සලයක් දුන්නා. මං එක පාරටම සාක්කුවෙන් කාසියක් ගත්තා. සනූ ද මලීද? මං කාසිය උඩ දැම්මා. හරියටම හරි සනූ තමයි. මං හිත හදා ගත්තා. මෝඩ මලී ... අයියෝ පව් මං දෙතුන් පාරක් හිතුවා. ඒත් ඉතින් මට වැඩක් තියෙන එකක් යැයි. කොහොම වුණත් මං හිටියේ නෝට් එකේ. මං කැමැතියි එයා සනූට කැමැති වෙනවා නම්. කොහොමත් ඒ දෙන්නා මැචින්. මං ගණන් ඉගෙනගන්න ගමන් ඕපාදූපායක් හොයා ගත්තා. හැබැයි ඉතින් කා එක්කවත් කිවුවේ නෑ. මල්සරා හරියටම වැඩේ පටන් අරගෙන නෑ කියලා තමයි මං හිතුවේ.

අයියෝ ඕවයිං වැඩක් නෑ. ගණන්වලට ඒ එකක් නැත්නම් විසුමක් වෙන්නේ නෑ. අරවින්දගේ ආදරේ මං පිටතින් ඉඳං බැලූ හැම තිස්සේම විසඳුම් දුන්නේ ගණන්වලින්. සමහර වෙලාවට අංග සාම්‍ය දැම්මා. තවත් වෙලාවකට සම්භාවිතාවය ගණන් හැදුවා. මොනවා කළත් වැඩි බරක් තියෙන්නේ සනූට බව මට තේරුණා.

ගණන් පන්තිය වෙලාවේදී වුණත් සනූ අරවින්ද දිහා බලලා හිමිට හිනා වුණා. ඒ පාර මං හිතුවා වැඩේ හරියටම හරි කියලා. කොහොම වුණත් සම්භාවිතාව සීයයට අනූනවයයි.

විභාගෙ ඉවර වුණා. අපිත් බලන් හිටියේ රිසල්ට් එනකං. අපේ ගණන් පන්තියේ ළමයි ගැන ආරංචියක්වත් තිබුණේ නැහැ. ඔක්කෝම හොඳට පාස් වෙලා තිබුණා කියලා මං දැන ගත්තේ නෝටිස් බෝඩ් එකේ දාපු ප්‍රතිපලවලින්. මං හිතන්නේ හැමෝම උසස් පෙළ කරන්න තේරුණ එක නම් හොඳයි. එත් මගේ හිතේ සම්භාවිතාව හරියට ඔප්පු වෙලා තිබුණේ නැහැ. මලි කොළඹ ඉස්කෝලෙක උසස් පෙළ කරනවා කියලා මට කිවුවේ එයාගේ පුංචි අම්මා. සනූ ගැන නම් ආරංචියක් ලැබුණේ නැහැ.

මං ඒ ලෙවෙල්වලට කළේ මැක්ස්. අමාරු වුණත් මගේ අරමුණට යන්න ලේසිම මාර්ගය මැක්ස් කියලා තමයි අපේ අය්යා කිවුවේ. අයියත් මැක්ස් කාරයා හින්දා මට විභාගෙ ගෙඩදාන එක ඒ තරම් අපහසු වුණේ නැහැ.

ඒ ලෙවෙල් කරලා ඉවර වෙලා මං යුනිවර්සිටි සිලෙක්ට් වුණා. හරියටම එදා මං අරවින්දව දැක්කා. ඒ කාලේ අපේ රැග් සීසන් එක.

“ආ....කොහොම ද?”

මං එක පාරටම ඇහුවා. කෝ... සනුට කොහොමද?”

“කොයි සනූ ද”

එයා මගෙන් බය වෙලා මගෙන් ඇහුවා.

“අපේ ක්ලාස් එකේ සනූ....”

“ආ ඒ මගේ යාළුවෙක් නේ.”

“මං හිතුවා එයා.....”

මං ටිකක් ගොත ගැසුවා.

“ඔයා හිතුවා අපි දෙන්නා යාළුයි කියලා.”

“මං හිතුවේ මලී නෙවෙයි සනූ කියලා.”

මං තවත් විස්තර කිවුවා.

“මං හෙට හරියටම කියන්නම් මං කාටද ඇත්තටම ආදරේ කළේ කියලා. ඔයා කැමැති නම් හරියට හෙට දහයට අර කොස් ගහ යටට එන්න . මං කිරි ගහට ඇන්න වගේ කියන්නම්.”

හෙට දහය වෙනකං හිටියේ මං නොවිසිලිමත්ව. මගේ සම්භාවිතාව වැරැදීම ගැන මට දැනුණේ කනගාටුවකි.

මම කොස් ගහ යටට ගිහිල්ලා මිනිත්තු දහයකට පස්සේ අරවින්ද ආවා.

“ඔයා දන්නවද? මං ඇත්තටම ආදරේ කළේ කාටද?”

“මං ආදරේ කළේ ඔයාට”

සම්භාවිතාව වැරැදුන එක ගැන උත්තරාට දැනුනේ දුකකි.

මගේ සම්භාවිතාව වැරැදුණා. 


 

Comments