අද නොවේ හෙට එමි | Page 2 | සිළුමිණ

අද නොවේ හෙට එමි

පදික වේදික‍ාවේ

පලා මිටි විකුණද්දි

කෙමෙන් කෙමෙන්

ඔබ දෙසට පියමන් කළ මා

හැරුණි විගස ආ දෙසටම

ඔබ අත තිබූ සොච්චම දකිමින්

අනේ අදනම් නොහැකිය

එසේ කෙරුමට

මහ හේනේ ගොවි මහත්තුරු

කන්නලව් කරයි මට

මදකට වුවද පැමිණෙන්න කියා

අමනාප නොවන්න මා සමඟ

මම වැස්ස...

අද නොඑමි හෙට එන්නෙමි

 

රවිඳු මධුසංඛ අතාවුද

12 ශ්‍රේණිය ජීව විද්‍යා අංශය,

ශ්‍රී ධර්මාලෝක මධ්‍ය මහා විද්‍යාලය,

කැලණිය

Comments