
මුලින්ම මිනිසා ගමන් ගියේ පා ගමනිනි. ඉන්පසු සතුන් හීලෑ කර ඔවුන් පිට යෑමට මිනිසා පුරුදු විය. ඉන්පසු මිනිසා සතුන් විසින් ඇදගෙන යන කරත්ත සාදා ඒවායේ ගමන් කළේය. ඉන් අනතුරුව අප රටේ රජ සමයේදී රජවරුන්ගේ ගමනාගමනය සඳහා දෝලාව භාවිත කර ඇත. දෝලාව යනු ඇතුළත කෙනකු වාඩිවූ පසු සතර දෙනකු විසින් ඔසවාගෙන යා හැකි පරිදි දැවයෙන් තැනූ උපකරණයකි.
අපේ රට ඉංග්‍රීසින් විසින් පාලනය කළ කාලයේදී රෝදවලින් යුතු වාහන පාවිච්චි කිරීමට පටන් ගැනීම නිසා පාරවල් පාරවල් සෑදීම ඇරැඹිණි. ඉංග්‍රීසි පාලකයින් හට ලංකාවට දුම්රිය සේවයේ අවශ්‍යතාව දැනුණු බැවින් 1958 සර් හෙන්රි මේඩ් විසින් දුම්රිය මාර්ගය සෑදීමට අඩිතාලම දැමීය. මෙසේ ඇරැඹුණ දුම්රිය ලංකාවේ ජනප්‍රිය විය. 1865 දී කොළඹ සිට අඹේපුස්ස දක්වා වූ දුම්රිය මාර්ගය ආරම්භ කරන ලදී. 1867 දී එය මහනුවර දක්වා දීර්ඝ කර ඇත. කොළඹ සිට මොරටුව දක්වා දුම්රිය මාර්ගය ආරම්භ කර ඇත්තේ 1877 මාර්තු 01 දාය. පසුව එම මාර්ගයම 1879 සැප්තැම්බර් 22 දින කළුතර දක්වා දීර්ඝ කර ඇත. ‘කැලණි වැලි’ දුම්රිය මාර්ගය 1899 දී වැඩ ආරම්භ කරන ලදී.
1900 ජනවාරි 13 වැනි දින ට්‍රෑම් රථ සේවාව ද 1950 දී පමණ ට්‍රොලි බස් සේවාව ද ආරම්භ කර ඇත.
ප්‍රථම මෝටර් රථය ලංකාවට ගෙන්වා ඇත්තේ 1902 දීය. ප්‍රථම රික්ෂෝව ලංකාවට ගෙන එනු ලැබුවේ 1883 දීය. රත්මලාන ගුවන් තොටුපළට ප්‍රථම ගුවන් යානය ගොඩබැස ඇත්තේ 1935 දීය.
ක්‍රමයෙන් දියුණුවට පැමිණි ගමනාගමනය අද ඉතා උසස් තත්ත්වයකට පැමිණ ඇත. ඒ අනුව පැය කිහිපයකින් ලෝකයේ ඕනෑම රටකට යෑමට හැකියාව ලැබී තිබේ.
හිරුදිනී කුමාරි විජේතිලක
10 ශ්‍රේණිය ‘කිව්’,
ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය,
තෝලංගමුව, වරකාපොළ