කළුවා ගෙනා මී වද | Page 2 | සිළුමිණ

කළුවා ගෙනා මී වද

 

මහ කැලයක් ළඟ ගෙදරක අම්මෙකුයි පුතෙකුයි හිටියා. පුතාගෙ නම කළුවා. දවසක් අම්මට උණ හැදුණා. කළුවා වෙද ගෙදර ගියා. වෙද මහත්තයා කසායක් නියම කරලා අනුපානෙට සීනි මී පැණි දාලා බොන්න කිව්වා.

කළුවා බේත් බඩු සොයාගෙන ආවා. කසායත් ළිපේ තිබ්බා. ඒත් මී පැණි සොයා ගන්න බැරි වුණා. කසාය පත අට එකට හිඳෙන්න කලින් මී පැණි හොයා ගන්න ඕනෑ. කරන්න කිසිම දෙයක් සාහා. කළුවා කෙළින්ම කැලේට ගියා. මීයක් කඩාගෙන කම්බි ලේන්සුවේ ඔතා ගත්තා. ගෙදර දුවන්න වුණා.

මඟදී තඩි මුවෙක් හම්බවෙලා කළුවත් එක්කම මී වද ගිලලා වතුර බොන්න ගඟට ගියා. ලොකු මාළුවෙක් ඒ මුවා ගිල්ලා. ඊට පස්සේ කුරුල්ලෙක් මාළුව ගිල ගත්තා. දඩයක්කාරයෙක් ඒ කුරුල්ලා විදලා මරාගෙන ගෙදර ගියා.

දඩයක්කාරයා කුරුල්ලාගෙ බඩ පළලා ගෙදර උන්දැට කිව්වා “එක මාළුවට දෙක මාළුවයි. තව හට්ටියක් අරගෙන වරෙන්” කියලා.

නැවත “ දෙක මාළුවට තුන මාළුවයි. තවත් හට්ටියක් අරගෙන ‍වරෙන්” කියලා කිව්වා.

ඊළඟට මුවාගෙත් බඩ පැළුවා. කළුවා එළියට පැනලා මී වද ටිකත් අරගෙන ගෙදර දිව්වා. ළිප ළඟට ගිහින් බලනකොට කසාය පත අට හරියටම පත එකට හිඳිලා තිබුණා!

 

 

Comments