සූර්යයා | Page 2 | සිළුමිණ

සූර්යයා

ගනඳුරින් වෙළාගත්

මුළු පරිසරයම

එක් නිමේෂයකින්

ඒකාලෝක කරනා

චණ්ඩ ගිනි දැල්

විහිදුවමින්

මුළු අහස් තලය පුරාවටම

විසිරී පවතින

මැදි වයසේ පසුවෙමින්

දිවි ගෙවන

සුන්දර තාරකාව!

 


දිනකර නැ‍ඟෙද්දී

 

මීදුම් සේල නිල් කඳුවැටි අතර රැඳී

මිහිමත පතිත වෙයි බිඳු බිඳු තුෂර පොදී

පෙරඹර පුරා විහිදුවමින් කනක කෙදී

දකිනට අපූරුයි දිනකර නැ‍ඟෙන විදී

ළා නිල් පැහැයකින් හැඩවුණු සොඳුරු උදේ

විහඟුහු ගයති සිත් සනහන මිහිරි පදේ

සුවඳ මල් කැකුළු පිබිදී බුදු හිමිට පිදේ

ගොවි ගෙවිලියන් ඇල් හේනට කෙතට ඇදේ

කලබල ලෙසින් ලේනුන් මී අඹ අත්තේ

පල රස විඳිති ගිරවුන් හා එක රොත්තේ

ගුමු ගුමු නදින් මීමැසි කැල මල් මත්තේ

රොන් පොද උරති බාධාවක් එහි නැත්තේ

මොනරුද රඟති පිල් විදහා හරිම හැඩයි

බඩගිනි වුණු වසු පැටියා තැනක හඬයි

කිකිළිය පැටවුන්ට අහුලන හැටිද කියයි

මඳ සුළඟක් ඇවිත් අපි සැම සතුටු කරයි

 

Comments