පොඩි සාදු | Page 2 | සිළුමිණ

පොඩි සාදු

අලියා ගැසු නිසයි පියතුම මිය ඇදුණේ
ඉන්පසු අහිමි වුණි පියකුගෙ පිළිසරණේ
අම්මගෙ හිස මතට මහ බරකිය වැටුණේ
එනිසයි පැවිදි වන්නට සිත හැඩ ගැසුණේ

අම්මගෙ අතින් කැවු බත් කට සිහිවෙන වා
අම්මගෙ කිරි සුවඳ නැහැයට මුසු වෙන වා
අම්මා වෙතට යන්නට සිත දඟලන වා
සිවුරට ගරු කරමි එබැවින් සැනසෙන වා

ලොකු හාමුදුරුවෝ අද මට සදිසි මවක්
සැනසෙමි බැතින් අල්ලාගෙන සිවුරෙ කොනක්
එනමුත් විටෙක මව සිහිවෙන විටදි දුකක්
කොහොමත් පැවිදි වුණ එක මගෙ සසරෙ පිනක්

දානෙට බණට වැඩි විට ලද පිරිකර ට
පොත්පත් රසකැවිලි ඇත පිටිකිරි එම ට
ඒවා සුරැක මගෙ පොඩි නංගිගෙ නම ට
දෙමි අම්මාට ඇය ආ විට පන්සල ට

සුරතල් සිනා රැළි නිති මුව අග වීදු
දකිනා සැමගෙ හදවත බැතියෙන් සේදූ
ගිහි කල මිතුරු කැල වෙත ගත සිත ඈඳූ
සෙල්ලමටමයි හිත තවමත් පොඩි සාදූ

ෂෙහාරා පියුමාලී කාරියවසම්

10 ශ්‍රේණිය

ශ්‍රී සද්ධර්මෝදය දහම් පාසල,

පාණදුර

Comments