සැඳ­වක අසි­රිය | Page 2 | සිළුමිණ

සැඳ­වක අසි­රිය

 හිරු කුමරා මුහුදු කුසේ සැඟවී යනවා
උදේ පිපුණු මල් සව­සට මුකු­ළිත වෙනවා
ගොවි ගෙවි­ලියො වැඩ නිම වී ගෙද­රට එනවා
සැන්දෑවේ මිහි­රි­යාව ලොවට කිය­නවා

වැට­කොළු මල් කහ පාටින් වික­සිත වෙනවා
අත්තම්මා පහන තියා බුදුන් වඳි­නවා
සඳ කුම­රිය කන්ද උඩින් එබී බල­නවා
සැන්දෑවේ මිහි­රි­යාව ලොවට කිය­නවා

හෙන්දි­රික්ක මල් දැන් දැන් අපට පෙනෙ­නවා
කුරුලු රංචු කැදලි කරා පියඹා යනවා
පුංචි නංගි සිනා සෙමින් නින්දට යනවා
සැන්දෑවේ මිහි­රි­යාව ලොවට කිය­නවා

තරු කුම­රියො හඳ මාමා වටේ ඉන්නවා
පුංචි අපිත් තරු බලන්න මිදු­ලට යනවා
අඳුර මකා පොඩි එළි­යක් අපට පෙනෙ­නවා
සැන්දෑවේ මිහි­රි­යාව ලොවට කිය­නවා
 

කේ.එම්.එම්.පී. කුමා­ර­සිංහ
5 ශ්‍රේණිය,
දිද්දෙ­ණිය මහ විදු­හල,
මැල්සි­රි­පුර.

Comments