මං ආසයි... | Page 2 | සිළුමිණ

මං ආසයි...

 

හිමි­දි­රියේ පිනි නාගෙන
ළහිරු රැසින් දිලිසි දිලිසි
පිනි කැට මිණි කිරුළු පැලඳි
නිල් තණ­කොළ පිට්ට­නි­යක
මං ආසයි දුව පනින්න...
තණ කොළ අස්සේ සැඟවී
පායන හිරු පිළි­ග­න්නට
හිරු කිර­ණින් ඔප් නැංවී
මං ආසයි පියා­ඹන්න‍‍...
නිල් අහසේ සඳ වට කර
සිටිනා රන් තරු­වක් වී
මං ආසයි පුංචි සිතට
නිර­තු­රු­වම සතුට දෙන්න...


පී.එම්. හිරු‍ණි නිමේෂා,
10 ශ්‍රේණිය,
ගුරු­ගෙ­දර,
කිරි­බ­ත්ගොඩ.

Comments