
ඒ්‍මොහොතේම ඔහුට තම හිසින් ගෙරවීම් ශබ්දය නැවත වරක් ඇසිණ. “ඒක වෙන්න බැහැ” එම ගෙරවීම් ශබ්දය අඩුවූ විට ඔහුගේ මනසේ විශ්වාස කළ නොහැකි හාස්‍ය මුසු භායානක සිතිවිලි විනිවිද යන්නට විය. “නැහැ. කොහොමහරි මේක වළක්වන්න ඕනෑ” ඔහු සිතියම් කාමරයේ දොර වසා නිරීක්ෂණ මැදිරිය විවෘත කළේය. අනතුරුව ක්ෂණික පින්තූර ගත හැකි කැමරාව ප්‍රොෙජක්ටරයට ඇතුළු කිරීමට ඔහුට අවශ්‍ය විය. එහෙත් සිත වෙනස් කර ගත් ඔහු එට එම ස්ථනායේම තිබෙන්නට ඉඩ ඇරියේ සිතියම් කාමරය වෙත එන ඕනෑම කෙනෙකුට එය ඇස ගැටෙන අයුරිනි.
අනතුරුව ඔහු තමාගේ එහෙමෙහෙ ගමන් කළ හැකි ජෙට් එක සවි කරගෙන පාලන මැදිරියේ යතුරු පුවරුවේ පිටත්විය යුතු වේලාව සකස් කළේය. ඔහුට කිසිවක් සිදුවුවහොත් මිනිත්තු පහළොවකින් යානය ස්වයංක්‍රීයවම ගමන් ආරම්භ කරනු ඇත. අනතුරුව ඔහු තම මනසේ රිද්මය ස්වයංක්‍රීයව ක්‍රියාත්මකවන උපකරණය සකස් කළේ හදිසියේම පිටත්වීමේ සංඥාව නිකුත් කිරීමට සිදුවුවහොත් ඔහුට එසේ කිරීමට හැකිවන පරිදිය. මිනිත්තු පහළොවක් ඒ සඳහා ඕනෑවටත් වඩා ප්‍රමාණවත්ය. අනතුරුව ඔහු පහතට බසින්නට විය.
ග්‍රහලෝකයේ පෘෂ්ඨය ආසන්නට පැමිණෙත්ම ඔහුගේ ජෙට් යන්ත්‍රෙය් පාලක ලීවරය සූදානම් කළේය. ගෙරවීමේ ශබ්දය වැඩි විය. කර්කෂ නාදය සහ ගුමුගුමු නාදයෙන් ඔහුගේ හිස පිරුණි. ඔහු ග්‍රහ ලෝකයේ පෘෂ්ඨය මතට ලංවෙද්දී කාලයට කිසිවක් සිදුවිය. එය ශීඝ්‍රයෙන් වැඩි විය මුලදී එම ගස් වැඩී මියයාමට මිනිත්තු දහයක පමණ කාලයක් ගත වුවද දැන් ඒවා තත්පරයකින් දෙකකින් වර්ධනය වී මිය ගියේය.
ඔහු අගලේ පත්ලටම වැටෙද්දී තම පපුවට ෂෙල් වෙඩිල්ලක පතුරක් වැදෙනු ඔහුට දැනිණ. පිපිරීම්, ගෙරවීම් සහ වෙඩි උණ්ඩවලින් නැගෙන කර්කෂ නාදයෙන් ඔහුගේ හිස පුපුරන්නට මෙන් විය. ඔහුට නැගිටීමට අවශ්‍ය වුවත් එසේ කළ නොහැකි විය. ඔහු මඳක් ඉස්සී නැවත පහතට වැටිණ.
ළමයින් තමාව නොදැක සිටීම වාසනාවක්ය යන සිතිවිල්ල ඔහුගේ මනස හරහා ක්ෂණයකින් ගමන් කළේය. ඔවුහු මේ ස්ථානයේ සිට කිලෝමීටර් දහස් ගණනක් ඈත සයිබීරියාවේ සිටිති. ඔහුගේ බිරිය ළමයින් තිදෙනා සමග තනිවම කටයුතු කරගන්නේ කෙසේද? ෂාෂා... ෂෝයා... වැලන්ටිනා... මෙවැනි දර්ශනයක් ඔවුන්ට කවදාවත් දක්නට නොලැබේවා!
තමාගේ පපුව වැසෙන්නට කිසික් අතුරනු ඔහුට දැනිණි. ඔහුගේ අවධානය අහසට යොමුවී ඇත. ඈත අහසේ නිශ්චල දීප්තිමත් ස්ථානයක් දක්නට ඇත. හදිසියේම අලුත් ශබ්දයක් ඝෝෂාකාරී නාදයක් සහ ඈත සිට ගුරු ගුරු නාදයක් ඇසේ. සටන් කරන ගුවන් යානාවල ආවරණය යටතේ නාසා බෝම්බ යානා ළඟාවෙයි. හදිසියේම අනෙක් යානාවලින් වෙන්වූ බෝම්බ යානා තුනක් ඉහළ අහසට නගින්නට විය.
“සන්ඩ්‍රෝ..., ඕසා..., වීනා... ඉක්මන් කරන්න. වහාම පිටත් වෙන්න. වහාම...“ ඔහු අණ කළේය.
“මොකද්ද කාරණය වසීලි” ඔහු අසලින් සිටි සෙබළා විමසුවේය. “නැගිටින්න එපා. තවමත් අපට අණක් ලැබිල නැහැ”
“පිටත් වෙන්න, පිටත් වෙන්න එකසැරේම....” ඔහු වැලමිටට බරදී නැගිටීමට උත්සාහ කළේය. රැවුල නොකැපූ සුදුමැලි වූ ඔහුගේ මුහුණ භයානකය. ඔහුගේ පපුව ආවරණය කර තිබූ කබාය ලෙයින් තෙත් වී ඇත.
ඔහු අවසන් වරට දුටුවේ අභ්‍යවකාශ යානය ඉහළට නැග තිතක්ව නොපෙනී යන අන්දමයි.
“හෙලවෙන්න එපා වසීලි. දැන් අපි පහරදීමකට යන්නයි සූදානම් වෙන්නේ.”
අමුතු කළු ගසක් ඔහු ඉදිරියේ දිස්වන්නට වූයේ උල්පතක් මෙනි. එයින් විසිරෙන ජල බිඳු ඔහුගේ සිරුර පුරා විසිර යයි. ඔහුට අවසානයට ඇසුණු වචන වූයේ “පහර දෙන්න සූදානම් වෙන්න.”යන්න ය.
විශ්වය නැගී සිට අඳුරට මුසුවී ගිලී ගියේය.
ඔහු ආපසු පැමිණ සිටි ලෝකය එසේ නොමැතිනම් ඔහු මිනිත්තු කිහිපයකට සොයාගත් ලෝකය සහ ඔහු ජීවත් වූ ලෝකය ඔහුත් සමගම සදහටම අතුරුදන් විය.
මඩ පැහැති ඇඳුමින් සැරසුණු සොල්දාදුවෝ රොත්තක් කෑ ගසමින් අගලෙන් ඉවතට විත් බිම දිගේ රෝල් වෙමින් ඉදිරියට යන්නට වූහ.
(Soviet Literature
Science Fiction Today,1984 No 2)
වික්ටර් කොලුපායෙව් නමැති සුප්‍රසිද්ධ විද්‍යා ප්‍රබන්ධ රචකයා විසින් රචිත අමුතු ගස් විද්‍යා ප්‍රබන්ධයේ සිංහල අනුවාදය - අවසාන කොටස
1936 වසරේ උපත ලද වික්ටර් කොලුපායෙව් ටොම්ස්ක් බහු තාක්ෂණික ආයතනයේ උපාධිය ලැබුවේය. 1965දී ඔහු සිය ප්‍රථම පොත ප්‍රකාශයට පත් කළ අතර 1969 ප්‍රථම විද්‍යා ප්‍රබන්ධය පළ කළේය. 1972 සිට ඔහු දිගටම විද්‍යා ප්‍රබන්ධ පළ කළේය. ඔහුගේ බොහෝ විද්‍යා ප්‍රබන්ධ විදේශ භාෂාවලට පරිවර්තනය කොට ඇත. වික්ටර් කොලුපායෙව් රුසියාවේ ටොම්ස්ක් නගරයේ වාසය කරයි.