හිඟන්නාගේ කන්නලව්ව | Page 2 | සිළුමිණ

හිඟන්නාගේ කන්නලව්ව

පාටක් නොමැති වැරහැලි රෙදි ඇඟ පටලා

කඩමලු වූ මල්ලක් කරෙහි ද එල්ලා

කකුලේ ඇති වණය රෙදි පටියකින් වෙළලා

දුගියා වෙසෙයි කළ පව් ගොන්නෙහි ගිලිලා

රසවත් අහර නැහැ අද දවසට කන්න

වදනක් ඇහුණෙ නෑ හිත සනහා ගන්න

කවුරුත් වේද මගෙ දුක සැප විමසන්න

දෙවියන් වත් එයිද මා බේරා ගන්න

හිතේ පිරුණු කුස ගින්දර නිවන්නට

මහත්තයෝ, මට කීයක් හරි දෙන්ට

පිනක් නැතත් මා ළඟ ඔබහට දෙන්ට

හිතින් පතන්නෙමි සුර සැප හිමි වෙන්ට

දුන්නේ නෑ කිසිත් පිනකට තිබු දාට

වාසිය ළඟදි බොරුමයි කීවේ හැමට

පව් පින් නොසලකා හැම වැඩ කෙරු කලට

මෙහෙම දුකක් උරුමයි දෙයියනේ මට

මෙත්මි පූර්නිමා සෙව්වන්දි රත්නායක 7 ශ්‍රේණිය ‘ඒ’,

මධ්‍ය විද්‍යාලය,

ඉබ්බාගමුව

Comments