දුර්ගුණ නසා යහගුණ වඩමු | Page 2 | සිළුමිණ

දුර්ගුණ නසා යහගුණ වඩමු

 වසර ගණනකට පෙර සිරිලක පැවැති සමාජය මනරම්ය, පිවිතුරුය. එකල සිටි පිරිස් තමා ගැන සේම අන් අය ගැන ද සිතූහ. එකල ජීවත් වූවෝ තරගයක් යනු කුමක් ද කියාවත් දැන නොසිටියහ. නමුත් අද... අද එලෙස නොවේ. නූතන මිනිසා අතර ඇත්තේ මුදල් ඉපැයීමේ හා අධ්‍යාපනය ලැබීමේ තරගයකි. මින් සිදුවන්නේ යහගුණ මැඬ දුර්ගුණ සමාජය පුරා පැතිර වීමයි. තරගකාරිත්වය එබඳු දෙයකි.

‘නැණ ගුණ දම්

රුව පැහැ තුම්

ඇති අය නම්

රෝස කුසුම්’

කුමරතුඟු මුනිදස් කිවිඳුන්ගේ ඉහත කවිය නැණගුණදම්, රුව පැහැතුම් ඇති අය රෝස මල් යැයි පවසයි. එහෙත් අද සමාජයේ එවැනි යහපත් අය නොමැත. තරගකාරි සමාජයක මුදල් ඉපයීමට පමණක් වැර දරන ගුණ දහම් ගැන එසේ නොවන මිනිසුන් පිරි යුගයක ඔවුන්ගේ දරුවනුත් එසේ නොවනු ඇත්ද?

පාසලට පියමනින දරුවාට එහිදී නානාප්‍රකාර දරුවෝ මුණගැසෙති. යහගුණයෙන් පිරි දරුවන් ගුණයහපත්කමින් හීන දරුවෝ ද වෙති. මේ සියලු දෙනා සුමඟට යොමු කරන්නේ පාසලෙනි. ගුරුවරු අධ්‍යාපනය ලබාදීමෙන් නැණවත් දරු පිරිසක් බිහිකරන අතර විනය පාලකයෝ විනය පාලනයෙන්, ආචාරධර්ම පෙන්වා දීමෙන් විනය ඇති කරති. එම නිසා පාසල් ගිය දරුවා විනය ගරුක උගතෙක් බවට පත්වෙයි.

පන්සලෙන් ද දරුවන් තුළ යහගුණ වඩවයි. බෞද්ධ අධ්‍යාපනය මඟින් දරුවාගේ මනස තුළ පරාර්ථකාමී, තැන්පත්, ගුණ පූර්වක සිතුවිලි උද්දීපනය කරයි. සාහසික, ආක්‍රමණශීලී, තරගකාරී හැඟීම් මැඬ පවත්වයි. මෙමඟින් සමාජයට හිතකර, මහත්මා ගති ඇති බොදු දරුවන් බිහි වනු ඇත.

ඩබ්ලිව්. ජේ. පී. චාමිකර
10 ශ්‍රේණිය ‘ඊ’,
සිද්ධාර්ථ විද්‍යාලය,
වැලිගම, මාතර

Comments