
වෙල මැද්දෙන් සුළං රැල්ල පවන් සලන්නේ
පුංචි ළමයි සමනලයින් වන් දුවගෙන එන්නේ
සුදු කොක්කුන් රෑනක් මෙන් පාසල් යන්නේ
ටිකිරි සිනා හඬ හැම තැන පැතිරී යන්නේ
හිරු කුමරා රැස් විහිදා දසත බලන්නේ
මල් කුමරී සිනා පපා එදෙස බලන්නේ
රුරුං හඬින් මී මැස්සන් රහස් කියන්නේ
සුන්දර වූ උදෑසනකි මේ එළැඹෙන්නේ
සඳසුනි තිෂාමා
10 ශ්‍රේණිය ‘ඩී’,
ගන්තිරියාගම මහින්ද ම.වි.,
ඉපලෝගම