ඉඩෝරය දිගටම අක් වැහිවලින් කිසිම පලක් නෑ... | Page 18 | සිළුමිණ

ඉඩෝරය දිගටම අක් වැහිවලින් කිසිම පලක් නෑ...

ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කීපයකට මඳ වැසි ආරම්භ වූවත් ඉඩෝර තත්ත්වය දිගටම පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ශ්‍රී ලංකාවට උතුරු ප්‍රදේශයේ වේගවත් වියළි සුළං ධාරා ඇතිවීම හේතුවෙන් මෙසේ මඳ වැසි ඇතිවුවද එය ඉඩෝරය නිමා කරන්න ප්‍රමාණවත් නොවනු ඇතැයි පැවැසේ. මේ වන විට කුරුණෑගල, කෑගල්ල, ත්‍රිකුණාමලය, අනුරාධපුර ප්‍රදේශයන්ට මඳ වැසි ලැබී තිබිණි. මෙම වැසි තත්ත්වයන් දින කීපයකට පමණක් සීමා විය හැකි බව ද දෙපාර්තමේන්තුව පවසයි. ඉඩෝරය නිමා කරන වැසි ඇතිවිය හැක්කේ මාර්තු මස අගදි බව ද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි. මෙවර ඉඩෝරය එල්නිනෝ තත්ත්වයක් නොවන මුත් වසර ගණනාවකට පසුව අප රට මුහුණ දෙන දරුණුම නියඟය මෙය බව ද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

Comments