
තරුණ ප්‍රජාවට පළාත් පාලන ආයතනවල 25%ක නියෝජනය තහවුරු කිරීම සඳහා වූ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ළඟදීම ඉදිරිපත් කෙරේ. තරුණ ප්‍රජාවට නාමයෝජනාවලින් 25%ක් ලැබීමේ අයිතිය තහවුරු වන අන්දමට පළාත් පාලන පනත සංශෝධනය කිරීමේ අරමුණින් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස මෙය ඉදිරිපත් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත විසිනි.
තරුණ නියෝජනය පිළිබඳ පනත, කැබිනට් මණ්ඩලයට දෙවතාවක් ඉදිරිපත් කර ඇතැයි ද එය මෙවර තරුණ දිනයත් සමඟ ඊළඟ පාර්ලිමේන්තු සැසියට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට අවස්ථාව ලැබී ඇතැයි ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ 18 වෙනි සිකුරාදා පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දොලවත්ත හෙළි කළේය.
පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් පනතක් බවට පත් වීම දුෂ්කර සේම දීර්ඝ කාලයක් ගත වන කටයුත්තක් බව එහිදී අවධාරණය කළ නීතිඥ දොලවත්ත කියා සිටියේ එය පනතක් බවට පත්කිරීම සඳහා අවශ්‍ය සහාය ලබාදීම පිළිබඳව ජනාධිපතිවරයාට ස්තුතිය පුද කරන බවය.