කැලණිය විශ්වවිද්‍යාලයේ, නාට්‍ය, සිනමා හා රූපවාහිනී අධ්‍යයන අංශය මඟින් නිෂ්පාදනය කරන ලද, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රියංකර රත්නායක විසින් අනුවර්තනය කොට අධ්‍යක්ෂණය කරන ලද “රතු වෙස් මුහුණු” නාට්‍ය 24 වන දින සවස මරදාන එල්ෆින්ස්ටන් රංග ශාලාවේදීත් අගෝස්තූ 25 වන දින සවස පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය එදිරිවීර සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨයේදීත් රඟ දැක්වේ.
රතු වෙස් මුහුණු නාට්‍ය නිෂ්පාදනය උදෙසා පාදක වන්නේ සොෆොක්ලීස් විසින් රචිත ඊඩිපස් රජ නාට්‍ය ඇසුරින් සිරි එදිරිවීරයන් විසින් කළ පරිවර්තනයයි. ශ්‍රී ලාංකේය සමාජය තුළ සෑම ප්‍රේක්ෂකයකුටම රස විඳිය හැකි සංගීතමය අනුවර්තනයක් ලෙස ප්‍රතිනිර්මාණය කොට ඇති “රතු වෙස් මුහුණු” නාට්‍ය සඳහා රංගනයෙන් අනුරාධ මල්ලවආරච්චි, ගිහාන් ප්‍රනාන්දු, සමාධි ලක්සිරි, උමයංගනා වික්‍රමසිංහ, මධුරංග ජයවර්ධන හා සංජීව ගුණරත්න ඇතුළු රංගන ශිල්පීන් සහ ශිල්පිනියෝ දායක වෙති.