ශ්රී ලංකා කර්තෘ සංසදයේ වාර්ෂික මහ සභා රැස්වීම අගෝස්තු 15 වැනිදා කොළඹ නාරාහේන්පිට කිරුළ පාරේ ශ්රී ලංකා පුවත්පත් ආයතනයේදී පැවැත්විණි.
ඉදිරි වසර සඳහා එහිදී පත්වූ නව නිලධාරී මණ්ඩලය මෙසේය.
උත්තරීතර මණ්ඩලය - මණික් ද සිල්වා (සන්ඩේ අයිලන්ඩ්), සිංහ රත්නතුංග (සන්ඩේ ටයිම්ස්), ප්රභාත් සහබන්දු (ඩේලි අයිලන්ඩ්), සභාපති - සිරි රණසිංහ (ලංකාදීප), ලේකම් - මොහාන් ලාල් පියදාස (දේශය), භාණ්ඩාගාරික - වී. ගජන් (වීරකේසරී), සහකාර ලේකම් - මන්දනා ඉස්මයිල් අබේවික්රම (ද සන්ඩේ මෝනිං), විධායක කමිටු සාමාජිකයන් ලෙස නිස්තාර් කාසිම් (ඩේලි එෆ්.ටී.), කාංචන දසනායක (ඉරිදා ලංකාදීප), කේ.ඩබ්ලිව්. ජනරංජන (අනිද්දා), ධර්මන් වික්රමරත්න (සිළුමිණ), මහින්ද ඉලේපෙරුම (අරුණ), පත්විය. ආයතනයේ ලේකම්වරුන් වශයෙන් සමරරත්න ඇසෝසියේට්ස් සමාගම ද විගණකවරුන් වශයෙන් නිහාල් හෙට්ටිආරච්චි සහ සමාගම ද එහිදී පත් කරගනු ලැබීය.