සුනිල් ප්‍රේමරත්නයන් අධ්‍යක්ෂණය කළ නීල් සංජීව සහ සංගීත් අල්ගම විසින් නිෂ්පාදනය කරනු ලැබූ සැප්තැම්බර් 01 වනදා සිට තිරගත වීමට නියමිත "ලොක්ඩවුන්" චිත්‍රපටයේ මංගල දර්ශනය පසුගියදා කොළඹ වන් ගෝල් ෆේස් හි පිහිටි PVR සිනමා සංකීර්ණයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
මංගල දර්ශනයේ දී ශ්‍රී ලංකාවේ පළමු වතාවට සිංහල සිනමාව වෙනුවෙන් පුරා වසර පනස් පහක පමණ කාලයක් සිදු කළ අනුපමේය සේවාව වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ රංගධර රෙක්ස් කොඩිප්පිලිට, එදින ප්‍රධාන ආරාධිත අමුත්තා වූ, ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් විශේෂ සම්මානයක් සහ මුදල් ත්‍යාගයක් පිරිනමන ලද අවස්ථාව,
එම අවස්ථාවට චිත්‍රපටයේ අධ්‍යක්ෂක සුනිල් ප්‍රේමරත්න, නිෂ්පාදකවරුන් වන නිල් සංජීව, සංගීත අල්ගම, ජාතික චිත්‍රපට සභාපති ඇතුළු ප්‍රවීණ රංගන ශිල්පී කුමාර තිරිමාදුර සහ "ලොක්ඩවුන්" චිත්‍රපටයේ මාධ්‍ය සම්බන්ධීකාරක උපුල් නිශාන්ත යන අය සහභාගි වූහ.